IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


​ත්‍රස්ත පනතට ඇමැතිවරු මත ගැටුමක

සතියෙන් සතිය අලුතින් මාතෘකා එකතු වන්නේ දේශපාලන කරළිය කැලඹීමට පත් කරමිනි. ගිය සතියේ ද දේශපාලන කරළිය ගිනියම් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට යන බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙනි. එය ගිය සතියේ සාමාන්‍ය කැබිනට් රැස්වීමට අමතරව ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවන තරමටම ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබූ බව පැහැදිලිය.


සතිපතා පවත්වන සුපුරුදු කැබිනට් රැස්වීම ගිය අඟහරුවාද‌ා පෙරවරුවේ පැවැත්වූවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සහභාගි නොවූයේ ඔහු වියට්නාමයේ නිල සංචාරයකට ගොස් සිටි බැවිනි.


මෙවර කැබිනට් රැස්වීමේදී කාරණා කීපයක් සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුම් ඇති විය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් ගෙනෙන්නට යන ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතය. එය ඉදිරිපත් කර තිබුණේ තිලක් මාරපන විදේශ කටයුතු ඇමැතිවරයා විසිනි. යුරෝපා සංගමය ඇතුළු මානව හිමිකම් සංවිධානවලට අපි මේ පනත ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුණා. එහෙත් එය මෙතෙක් ක්‍රියාත්මක වුණේ නැහැ යැයි මාරපන සිය පනත ගැන යෝජනාව ඉදිරිපත් කරමින් කීවේ පැහැදිලි කිරීමක් ද කරමිනි. මාරපන ගෙනා යෝජනාවට අද‌ාළ පනතේ අඩුපාඩු ගැන නීති තර්ක දමමින් කතා කළේ විජයද‌ාස රාජපක්ෂ ඇමැතිවරයාය. අලුත් පනතින් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම නියම නොකිරීම, බෙදුම්වාදය වරදක් ලෙස නොපිළිගැනීම, සැකකරුවකු කරන පාපෝච්චාරණයක් සාක්කියක් ලෙස ගෙන නඩු පැවරීමට අවස්ථාවක් නොලැබීම ආදී කරුණු ගැන විජයද‌ාස කීවේය. ඔහු කීවේ මේවා වරදවල් ලෙස බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ද අඩංගු බවය. මාරපන කීවේ දණ්ඩ නීති සංග්‍රහයේ මරණ දණ්ඩනය ඇතුළත්ව තිබෙන නිසා මෙම පනතට එය සඳහන් නොකළ බවය. එහෙත් විජයද‌ාස ඊට විරුද්ධ විය. චම්පික රණවක ඇමැතිවරයා ද විජයද‌ාසගේ සහායට සිටියේය. චම්පික කතා කළේ විජයද‌ාසගේ අදහස් ද අනුමත කරමිනි. මංගල සමරවීර ඇමැතිවරයා මාරපනට සහායට සිටියේය.


මේ අතර විජයද‌ාසත් චම්පිකත් මතු කළ ඊළඟ ප්‍රශ්නය වූයේ මෙම පනතේ වගන්ති බලාත්මක කිරීමේ බලය පොලිසිය භාර ඇමැතිට නොදී ආරක්ෂක ඇමැතිට දිය යුතු බවය. ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීමත් බෙදුම්ව‌ාදය වරදක් ලෙස ගැනීමත් සැකකරුවකු කරන පාපෝච්චාරණය මත නඩු කටයුතු කරගෙන යාමට හැකියාව ලැබීමත් යන කරුණු පනතට ඇතුළත් කරන්නට තීරණය විය. ඒ අනුව පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබිණි.


මේ අතර ජනාධිපතිවරයා ද පනත ගැන කතා කළේය. අපට පමණයි මේකෙ ඇතැම් කොන්දේසි තියෙන්නේ. යුරෝපයේ රටවල එවැනි කොන්දේසි නැහැ. මානව හිමිකම් කඩවුණා කියලා චෝදනා කරන්නෙත් අපටයි යැයි ජනාධිපතිවරයා කීවේය. රාජිත සේනාරත්න ඇමැතිවරයා ද ඒ ගැන කතා කළේය.


මේ අතර විජයද‌‌ාස රාජපක්ෂ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ තවත් කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් කැබිනට් රැස්වීමේ ආන්දෝලනයක් ඇති විය. ඒ මාලබේ ස්ලිට් අධ්‍යාපන ආයතනය මහපොළ භාරකාර අරමුදලට පවරා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකි. විජයද‌ාස කීවේ ස්ලිට් එකේ ගොඩනැගිලි ඇතුළු රුපියල් මිලියන 20,000ක වත්කමක් මහපොළ අරමුදලට තියෙන්නේ. හැබැයි මේකෙ පාලනය දැනට තියෙන්නේ ගරන්ට් සමාගමකට. ඔවුන්ට මේක දීලා තියෙන්නේ බිලියන 408 කට. මේක දැනට පාලනය කරන්නේ එහි ආචාර්යවරුන් පිරිසක්. මේ අය හතර ගුණයකින් වැඩි වැඩිකර ගෙන තියෙනවා. මේ ආයතනය අද අම්මෙක් අප්පෙක් නැති තැනට වැටිලා. මේක කඩා වැටුණොත් මොකද වෙන්නේ. ඒ නිසා මෙහි පාලනය මහපොළට දෙන්න යැයි විජයද‌ාස කියද්දී චම්පික රණවක ඇමැතිවරයා ද ඒ අදහස අනුමත කළේය. එහෙත් සරත් අමුණුගමත් මංගල සමරවීරත්, ලක්ෂ්මන් කිරිඇල්ලත් ඊට විරුද්ධ වූහ. අවසානයේ ඒ ගැන නීතිපති උපදෙස් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඉදිරිපත් වූ තර්ක විතර්ක සැලකිල්ලට ගනිමිනි.


තනි සිගරට් අලෙවිය තහනම් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයාය. රාජිතගේ යෝජනාවට මංගල දැඩි විරෝධය පළකළේය. ඔහු කීවේ දුම්වැටිවලට පනවා ඇති නීති නිසා දුම්වැටිවලින් රජයට ලැබෙන බදු ආද‌ායම රුපියල් බිලියන 18 කින් දැනටමත් අඩු වී ඇති බවය. සිගරට් අලෙවියට තවදුරටත් නීති පැනවුවහොත් බීඩි භාවිතයට හුරුවනු ඇති බව මංගල කීවේය. එහෙත් රාජිත ඒ අදහස් ප්‍රතික්ෂේප කළේය. දුම්කොළවලින් බදු ආද‌ායම අඩු වී ඇති බවට මංගල කරන චෝදනාව බොරු බව රාජිත කීවේය. අනතුරුව මේ පිළිබඳ සාකච්ඡාව සති දෙකකට කල් තබන්නට ජනාධිපතිවරයා තීරණය කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරි කමිටුවක් ද පත් කරන බව කියමිනි.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගන්නා බවට පැතිර ගිය ආරංචියත් සමග ජනාධිපතිවරයා සිටියේ තරමක කේන්තියකිනි. ආරක්ෂක ඇමැතිවරයා වන තමාට ද නොදන්වා මෙවැන්නක් සිදුවන්නේ නම් එය ආරක්ෂක හමුද‌‌ාවලට ද කරන අසාධාරණයක් යන අදහසේ ජනාධිපතිවරයා සිටියේය. ඒ අනුව ජනාධිපතිවරයා අඟහරුවාද‌ා රාත්‍රියේ පොලිස්පතිවරයා ඇතුළු අද‌ාළ අංශවල ප්‍රධානීන් සිය නිල නිවෙසට කැඳවිය. ආරක්ෂක හමුද‌ා ප්‍රධානීන් හිතුමතේට අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත්කරන්න දෙන්න බැහැ. මේවයේ පිටුපස තියෙන කතා මම දන්නවා. ඒ නිසා මේ අයට චෝදනාවක් තියෙනවා නම් ඔයාල ඒ අයට විරුද්ධව නඩුද‌ාන්න. හැබැයි මේ අය අත්අඩංගුවට අරන් පීඩාවට පත්කරන්න එපා. ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේය.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ඇතැම් ඇමැතිවරුන් හා සිවිල් සංවිධාන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන ද කතා කරන්නට විය. මේ තත්ත්වය හමුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා අද්මිරාල් විජේගුණරත්නගේ සිද්ධිය ගැන කතා කරන්නට ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ අනුව බද‌ාදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයෙන් කැබිනට් ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දුන්නේ බ්‍රහස්පතින්ද‌ා දහවල් 12.00 ට විශේෂ කැබිනට් රැස්වීමකට එන ලෙසය. එහෙත් කාරණය කුමක්දැයි ඒ කිසිවකුටත් දැනුම් දී නොතිබිණි.

 


කලින් දින කළ දැනුම් දීම අනුව ඇමැතිවරු බ්‍රහස්ප්‍රතින්දා දහවල් 12.00 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියහ. විශේෂ කටයුතු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රමාද වූයෙන් රැස්වීම ආරම්භ වූයේ දහවල් 12.45 ට පමණය. න්‍යාය පත්‍රයේ විශේෂ යමක් සඳහන් නොවූ බැවින් ජනපති මෛත්‍රී කෙළින්ම කාරණයට බැස්සේය. රැස්වීම කැඳවීමේ අරමුණ පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කීවේ වෙන වෙන අවශ්‍යතා මත ආරක්ෂක ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට ගියහොත් එය ගැටලු රැසකට මුල්විය හැකි බව ය. ‘දැන් බලන්න කොටහේනේ තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට ඇල්ලූ සැකකරුවන්ට තවම නඩු පවරලා නැහැ. ඒ නිසා වහාම ඔවුන්ට නඩු පවරන්න. අනෙක ආරක්ෂක අංශ ප්‍රධානීන් අත්අඩංගුවට ගන්න තියෙන හදිස්සිය චෝදනා එල්ල වෙච්ච විපක්ෂයේ ඇතැම් ​දේශපාලනඥයින් අත්අඩංගුවට ගන්නෙ නැහැ. ඒ නිසා ආරක්ෂක හමුද‌ා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා තියෙනවා නම් ඒ අයට විරුද්ධව නඩු දමන්න. හැබැයි අත්අඩංගුවට අරන් අපහසුතාවයට පත් කරන්න එපා’ යැයි ජනාධිපතිවරයා කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි. ඒ අතරම ජනාධිපතිවරයා කීවේ හමුද‌ාවල ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගන්නේ නම් රජයේ ප්‍රධානියා ලෙසත් ආරක්ෂක ඇමැතිවරයා ලෙසත් තමා දැනුවත් කළ යුතුව ඇති බව ය.
මේ අතර වාර්තා වූයේ සරත් ෆොන්සේකා ඇමැතිවරයා හමුද‌ාපතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන ඔහුට එරෙහිව ද ඇමැතිවරුන්ගෙන් විරෝධයක් එල්ල වූ බවකි. කැබිනට් රැස්වීම අවසන්වීමත් සමඟ ඇමැතිවරුන්ගේ දුරකථන එදින රෑ වනතෙක්ම ගොළු වී තිබුණේ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ දේවල් මාධ්‍යයට හෙළි නොකරන බවට ඇතිකර ගත් එකඟතාව හේතුවෙනි.


මේ රැස්වීමට ඇමැතිවරුන් 33 දෙනෙකු පමණ සහභාගි වී සිටින බවත් සරත් ෆොන්සේකා ඇමැතිවරයා සහභාගි නොවූ බවත් වාර්තා විය. මේ අතර ඇති වී තිබෙන ප්‍රශ්නය ගැන අගමැතිවරයා දිවයිනට පැමිණි පසුව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සාකච්ඡා කර තීරණයකට ආ හැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රකාශ කළේ යැයි ද වාර්තා විය. කෙසේ නමුදු හමුද‌ා ප්‍රධානීන්ට චෝදනා ඇත්නම් ඔවුන්ට නඩු දමන ලෙසත් එසේ නොමැතිව ඔවුන් අත්අඩංගුවට ගෙන පීඩාවට ලක් නොකරන ලෙසත් ජනාධිපතිවරයා එදින දැඩිව ප්‍රකාශ කළේ යැයි වාර්තා විය.


මේ අතර ගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ තවත් ප්‍රවෘත්තියක් වූයේ ජනාධිපතිවරයා හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාකඳුරේ මදුෂ් නමැති පාතාල සාමාජිකයා ලවා ඝාතනය කරවීමේ කුමන්ත්‍රණයකට නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධ වී ඇති බවට පුද්ගලයකු මහනුවරදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකි. එය ආණ්ඩුවටත් වඩා ඒකාබද්ධ විපක්ෂයේත් ආණ්ඩුවෙන් ගිය 15 දෙනාගේ කණ්ඩායමේත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුම් පවා දෙමින් පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් දැඩිව පියවරක් ගත යුතු බවය. හෙළිවී ඇති කරුණු අනුව මෙය බරපතළ තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා අතිශයින් පරිස්සම් විය යුතු බවත් ඔවුන් දැනුම් දී තිබූ බව ද වාර්තා විය.



අදහස් (0)

​ත්‍රස්ත පනතට ඇමැතිවරු මත ගැටුමක

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site