IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාවේ පාවෙන ප්ලාස්ටික් කුණු කන්ද

 

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ දූපතක් නොවේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයත් හවායි දූපතත් අතර පැසිෆික් සාගරයේ පාවෙමින් ඇති දැවැන්ත ප්ලාස්ටික් කුණු කන්දකි මේ. මෙහි විශාලත්වය ප්‍රංශය මෙන් දෙගුණයකි. ප්ලාස්ටික් ටොන් අසූදහසක් මෙතැන ඇතැයි පැවැසේ. ප්ලාස්ටික් වැඩියෙන් ම භාවිතා කෙරෙන රට ලෙස පිළිගැනෙන්නේ ඇමෙරිකාව ය.   


සාගර කිමිදුම්කරුවන් කියන්නේ දැන් සාගරයේ මසුන්ට වඩා ප්ලාස්ටික් කැබලි වැඩි බව ය. “ඕෂන් ඇරේ ක්ලීන්අප්” නම් ඕලන්ද සමාගම පවසන්නේ, ඇමෙරිකාවේ මෙම පාවෙන ප්ලාස්ටික් කුණු කන්දෙන් සියයට පනහක ප්‍රමාණයක් තම සමාගමට වසර පහකදී අතුරුදන් කළ හැකි බව ය. මීටර් හයසියයක් දිග පාවෙන බටයකට සවිකළ, මුහුදු දියෙහි මීටර් තුනක් යටට ගිලෙන සේ සකස් කළ දැලකින් ප්ලාස්ටික් කසළ එකතු කර, ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම මෙම සමාගමේ ක්‍රමවේදයයි. මිලිමීටර් පහට වඩා කුඩා ප්ලාස්ටික් කැබලි මෙම දැලට හසුවෙන්නේ නැත.   


ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ලොව දෙවැනි තැන හිමිවෙන්නේ ජපානයට ය. එහෙත් ඔවුන්ගේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සාර්ථක ය. පිඟන්, වීදුරු, හැඳි ගෑරුප්පු වැනි වරක් පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ටික් නිෂ්පාදන, 2021 වසරේ සිට යුරෝපයේ තහනම් ය.   

 


චාපි කෝසලා   මියුනිච්, ජර්මනිය. 



අදහස් (0)

ඇමෙරිකාවේ පාවෙන ප්ලාස්ටික් කුණු කන්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site