IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ලෝක යොවුන් දිනය කැලැන්ඩරයට

මානව ඉතිහාසයේ අන් කවරදාවක් නොදුටු ලෙසින් වර්තමානය වන විට තරුණ ජනගහනය වැඩි වෙමින් පවතියි. බිලියන 7.5ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 1.8ක් සැකැසී ඇත්තේ වයස අවුරුදු 10ත් 24ත් අතර තරුණ තරු‚යන්ගෙනි. ඉතිහාසයේ පටන්ම තරුණ තරුණියන්ට සමාජය තුළ, දේශපාලන අවකාශය තුළ සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ ලද ඉඩකඩ ඉතා සීමිතය. ඇතැම් අවස්ථාවලදී තරුණ තරුණියන්ට හඬක් නොලැබුණු තරම්ය. කෙසේ නමුත් තරුණ තරු‚යන්ගේ හඬට ඉඩක් දීමේ අරමු‚න් එක්සත් ජාතීන්ගේ සංවිධානය අගෝස්තු 12 වැනිදා ‘අන්තර්ජාතික තරුණ දිනය‘ එසේත් නැතිනම් ‘ලෝක තරුණ දිනය‘ නමින් නම් කරන ලදි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සම්මත කරගත් ‘2250 ආරක්ෂක කවුන්සිල යෝජනාව‘ අනුව තිරසර සාමය උදා කරගැනීමේදීත් ගැටුම් නිරාකරණයේදීත් තරුණයන්ගේ මැදිහත් වීම දැඩි ලෙස අවශ්‍යව ඇතැයි හඳුනා ගන්නා ලදි. ගැටුම් නිරාකරණයේදී සහ තිරසර සාමය උදා කරගැනීමේදී තරුණ තරුණියන් සුවිශේෂී කාර්යයක් ඉටු කරන බව එහිදි හඳුනා ගන්නා ලදි. මේ වසරේ ජාත්‍යන්තර තරුණ දිනය ගැටුම් නිරාකරණය සහ සමාජ යුක්තිය සහ තිරසර සාමය උදෙසා තරුණ සහභාගීත්වය යනුවෙන් නම් කර තිබේ. මෙවර ජාත්‍යන්තර තරුණ දිනය සැකෙවින් ‘සාමය උදෙසා තරුණ තරු‚යෝ‘ යනුවෙන් හඳුන්වයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ජාත්‍යන්තර තරුණ දිනය එසේ සමරන අතරවාරයේදී ශ්‍රී ලංකාවේ තරුණ තරු‚යන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ද ඉතා වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තරුණයන්ගේ කටයුතු සම්බන්ධයෙන් ආයෝජනය කරන්නැයි තමන්ගේ සාමාජික රටවල් උනන්දු කරවයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 26%ඩකට හිමිකම් කියන්නේ තරුණ තරුණයන්ය. ලෝක තරුණ ප්‍රජාව මෙන්ම මෙරට තරුණ තරුණියෝද විවිධ අභියෝග සහ දුෂ්කතරතාවලට මුහුණ දෙති. විරැකියාව, ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපනයකට ප්‍රවේශවීම සහ ස්තී්‍ර පුරුෂ සම අයිතිය සහ සමානාත්මතාව මෙරට තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයකි. එසේම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ගේ මැදිහත්වීම ඇත්තේ ඉතා පහළ මට්ටමක යැයි ද හඳුනාගෙන තිබේ.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුණ ද ලොව අනෙක් රටවල තරුණ තරුණයන් පෑහෙන ක්ෂේත්‍ර, ඔවුන් ලබන අධ්‍යාපනය, ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම් ආදී කරුණු සැලකීමේදී මෙරට තරුණ ප්‍රජාව කෙරෙහි තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව මතු ව තිබේ.  වෘත්තීය පුහුණුව අතින් ද ඉදිරි පියවර රැසක් තබා ඇති ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ප්‍රජාවට ‘ලෝක තරුණ කුසලතා දිනය‘ හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ද ශ්‍රී ලංකාවටයි. එවැනි තත්ත්වයක් මත තරුණ තරු‚යන්ගේ ඉදිරි ගමනය, ප්‍රගමනය සහ තරුණ ප්‍රජාව දියුණුව සහ සංවර්ධනය උදෙසා කෙරෙන ආයෝජන වැඩි කිරීමටත් ඒ සඳහා ඉතා ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනය සහ කි්‍රයාවට නැංවීමටත් ජාත්‍යන්තර තරුණ දිනය පිටිවහළක් කරගැනීමට අපි සියලූ දෙනා එක්වෙමු. 

-055

 



අදහස් (0)

ලෝක යොවුන් දිනය කැලැන්ඩරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 328 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site