IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


“අප්පුහාමි පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා”

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන කාර්යයෙහිලා අප්පුහාමිලාගේ භූමිකාව ගැන කතිකාවතක් ගොඩනැගී ඇත්තේ ඉතා අවම මට්ටමෙනි. ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යපාරයන්හි අප්පුහාමි භූමිකාවක් 1947 දී හෝ 1952 මැතිවරණ ක්ෂේත්‍රය තුළ ද දක්නට නැත. ගම්කාර්ය සභා හෝ සුළු නගර සභා ආයතන තුළදී අප්පුහාමි භූමිකාවක් දක්නට තිබුණ ද ජාතික මට්ටමෙන් මතුවූ අවස්ථාවක්ද දක්නට නැත.


අප්පුහාමි භූමිකාව ගැමි ජන පදනම තුළ සුවිශේෂී වුව ද නාගරික පරිසරය තුළ දක්නට නොමැතිවීම ද විශේෂත්වයකි. ග්‍රාමීය දේශපාලන වට පිටාව තුළ අප්පුහාමි භූමිකාව එක්සත් ජාතික පක්ෂය සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වුවද වමේ ව්‍යාපාරය සමග බද්ධ වූ ආකාරයක් දකින්නට හැකිවන්නේද අවම මට්ටමෙනි.


ගමේ පන්සල පාසල සහ සමිති සමාගම් අංශය තුළ විවිධ නම්වලින් යුත් ලොකු අප්පුහාමි, පොඩි අප්පුහාමි, සුළු අප්පුහාමි, ගොඩපර අප්පුහාමි, වශයෙන් අප්පුහාමිලා දක්නට ඇත. එහෙත් වත්මන් ගැමි සමාජය තුළ අප්පුහාමිලා දක්නට නැත්තේ සමාජ විකාශනයත් සමගිනි. 


1947 සහ 1952 මහා මැතිවරණවලදී අප්පුහාමි භූමිකාවක් අපට දක්නට නොමැත. එහෙත් 1956 මහා මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සුවිශේෂී අප්පුහාමි කෙනෙකු සිටි නමුත් ඔහුගේ අප්පුහාමි නාමය හෙළිදරව් නොවිය. 


1956 පටන් 1965 දක්වා ලාංකීය දේශපාලන තලයෙහි ප්‍රබල භූමිකාවක් වූ වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ සම්පූර්ණ නාමය කෝනාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි බව ප්‍රකට නොවිය. ඌව වෙල්ලස්සේ ඓතිහාසික අරගලයන්ට නායකත්වය දුන් අප්පුහාමිලා ගැන වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න ඔහුගේ සාරගර්භ දේශනයන්හි දී නිතර සිහිපත් කළේය. පාර්ලිමේන්තුවේ දී ද අමතක නොකළේය.


1960 ජුලි 20 වැනි දින පැවැති මහා මැතිවරණයේ දී එජා පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල ඡන්ද කොට්ඨාසය සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ සත්‍යවාදී මෝටර් ස්ටෝර්ස් හිමි ඇන්. ඇම්. අප්පුහාමි ඉදිරිපත්ව ඇත. ඒ මහා මැතිවරණයෙන් ඒ මහතා පරාජය විය. 1965 මහා මැතිවරණයට ඇන්. ඇම්. අප්පුහාමි තරග නොකළේය. 1965 පිහිටවූ එජාප පෙඬරල් සභාග රජයෙන් ඇන්. ඇම්. අප්පුහාමි උත්තර මන්ත්‍රී මණ්ඩලයට (සෙනේට් සභාවට) පත් කෙරිණි.


උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත්වූ එකම හා අවසාන අප්පුහාමි වශයෙන් ඇන්. ඇම්. අප්පුහාමි ඉතිහාස ගතවේ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෙනේට් මන්ත්‍රී මණ්ඩලය අහෝසි කෙරිණි. 


අප්පුහාමිලාගේ දේශපාලන වංහුං ගැන කතා කරන කල්හි බණ්ඩාරවෙල ආර්. ඇම්. අප්පුහාමිලා “ඩබල” ගැනම විශේෂයෙන් සටහන් කළ යුතුවේ. 


1970 මහ මැතිවරණයට එජාපයෙන් ද ශ්‍රීලනිපයෙන් ද තරග වැදුණේ ආර්. ඇම්. අප්පුහාමිලා දෙදෙනෙකි. ශ්‍රීනිපයේ අපේක්ෂක ආර්. ඇම්. අප්පුහාමි වැඩි ඡන්ද 2940ක් ලබා බණ්ඩාරවෙල මන්ත්‍රීධුරයට පත්විය. 1977 මහා මැතිවරණය ජුලි මස 21 වැනිදා සිදුවිය. ආර්. ඇම්. අප්පුහාමිලා දෙදෙනාම තරග පිටියට පිවිසියහ. එජාපයේ ආර්. ඇම්. අප්පුහාමි වැඩි ඡන්ද 4577ක් ලබා බණ්ඩාරවෙල මන්ත්‍රී ධුරයට පත්විය.


1977 මහා මැතිවරණයේදී ජී. ඒ. කේ. අර්නෝලිස් අප්පු (ස්වාධීන) පොළොන්නරුව ඡන්ද කොට්ඨාසයට තරග කළේය. එම මැතිවරණයේදීම කේ. එම්. එම්. අප්පුහාමි (ස්වාධීනව) මහියංගනයට තරග කර ඇත. 
එබඳු දේශපාලන වටා පිටාවක් පැවතුන ද 2017 අගෝස්තු 17 වන දින පැවැති මහා මැතිවරණයෙන් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි ජයග්‍රහණය කිරීම සුවිශේෂීව සඳහන් කළ යුතු වේ.


පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සුළු කාලයක් තුළ පාර්ලිමේන්තුවේත් මාධ්‍ය ක්ෂේත්‍රයේත් අවධානයට ලක්වූ ප්‍රබල චරිතයක් බවට පත්ව ඇත.


ඒ සමඟම මහත් ආන්දෝලනයකට ලක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටුවේ පුට් නෝට් කණ්ඩායම ද හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ද සම්බන්ධ බව වාර්තාවීමෙන් යළිත් අප්පුහාමිලාගේ භූමිකාව ද ජනාදරයට පත්ව ඇත.


එදා අප්පුහාමි ගැමි සමාජය තුළ කෙතරම් ජනාදරයට පත්ව සිටියා ද යත් ගමේ ගොයම් පාගන කමතට තේ පානයට ගෙනා පිට්ටු කෑලි සහ පොල් බෑය හොරෙන් අනුභව කළ අප්පුහාමි කෙනෙකුට උපහාස වශයෙන් ගමේ කොලු කට්ටිය පැබැඳු මෙම කවියද අපි නැවත සිහිපත් කරමු.


“අප්පුහාමි පිට්ටු හොරා - පොල් බෑයට තට්ටු කළා”

 

 

 

 

 

 

 

 

 

 

බන්ධුල ආර්. ගුලවත්ත



අදහස් (0)

“අප්පුහාමි පිට්ටු හොරා පොල් බෑයට තට්ටු කළා”

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site