IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම

 

 

2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දිනය සෙමින් ගෙවී යමින් තිබිණි. විශේෂ යමක් එදින සිදුවේ යැයි ඉඟියක් හෝ ආණ්ඩු පක්ෂයට දැනී තිබුණේ නැත. වෙන්න යන දේ කුමක්දැයි නිශ්චිතවම නොදන්න නමුදු එදින විශේෂ යමක් සිදුවීමට යන බවට ඉඟියක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනී තිබිණි.


‘මහින්දානන්ද කොහේද ඉන්නේ?’ එම දුරකථන ඇමතුම මහින්ද රාජපක්ෂගෙනි. ඒ වන විට මහින්දානන්ද සිටියේ පුස්සැල්ලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් සමග මහ පාරේ උද්ඝෝෂණයකය.


“සර් මම පුස්සල්ලැවේ ඉන්නේ. මහ පාරේ” මහින්දාන්ද අලුත්ගමගේ උත්තර දුන්නේය.


‘ඔහේ මොනවද කරන්නේ. හවස 5 ට අනිවාර්යයෙන්ම කොළඹ එන්න ඕනෑ’ එසේ කී මහින්ද රාජපක්ෂ දුරකථනය විසන්ධි කළේය.
මහින්දානන්ද කොළඹ ඒමට පිටත් විය.


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැන සිටියේ සවස විශේෂ රැස්වීමක් තිබෙන බව පමණි. එයට වඩා විශේෂ යමක් ඔවුහු දැන නොසිටියහ.
ඇමති ලක්ෂමන් කිරිඇල්ල සවස 6 ට පමණ අමාත්‍යංශයෙන් පිට වී සිය නිවෙසට ගියේය. ඒ වන විට රාත්‍රී 7 ට ආසන්න වෙමින් තිබිණි.
‘සර් ටීවී එකේ බ්‍රේකින් නිවුස් එකක් යනවා’ උඩු මහලට දුවගෙන ආ රැකවලෙක් ඇමති කිරිඇල්ලට කීවේය. විශේෂ හැඟීමකින් තොරවම ඇමති කිරිඇල්ල රුපවාහිනිය ක්‍රියාත්මක කළේය.


ඇමති කිරිඇල්ලගේ ඇස් උඩ ඉන්දවිණි.


හදිසි පුවතක් ලෙස විකාශය වෙමින් තිබුණේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දීමේ පුවතය.


ඒ සජීවී රූපරාමු පෙළෙන් මුළු රටම තිගැස්සී ගියාක් මෙන්ම ඇමති කිරිඇල්ලද තිගැස්සී ගියේය. ඔහු හදිසි ඇමතුම් කිහිපයක් ගත්තද ඒවාද කාර්යබහුල වී තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ එදින ගාල්ලේ උත්සව කිහිපයකට සහභාගී වෙමින් සිටි අතර මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙන මොහොත වන විටත් රනිල් වික්‍රමසිංහ සිටියේ ගාල්ලේය.


රූපවාහිනියෙන් විකාශය වන පුවතට අනුව ඒ මොහොත වන විට රටේ අගමැතිවරුන් දෙදෙනෙකි. ඒ රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමේ පුවතත් සමග අග නගරයේ වායු ගෝලය කලඹමින් නොනැවතී රතික්‍ඳ්ඤා දැල්වෙමින් තිබිණි.


ඇමති කිරිඇල්ලගේ දුරකථනය නාද වන්නට විය.


‘ඉක්මනට අරලියගහ මන්දිරයට එන්න’


ඒ ඇමතුම අගමැති රනිල්ගෙනි. ඒ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගමැති රනිල් කොළඹ බලා එමින් සිටියේය.


ඇමති කිරිඇල්ල හනිකට අරලියගහ මැදුර බලා ගියේය. ඒ යන විටත් මැති ඇමතිවරුන්ගෙන් අරලියගහ මැදුර පිරී පැවතිණි. අනපේක්ෂිත සිදුවීමෙන් සියල්ලෝම අර්බුදයට ගොස් සිටියහ. පුරෝකථන, අනාවැකි, ඉදිරි කියාමාර්ග ආදී කතාබස්වලින්ද ආවේගශීලී ප්‍රකාශයන්ගෙන්ද අරලියගහ මැදුර පිරී යමින් තිබිණි.


ඔය අතරවාරයේදී අගමැති රනිල් අරලියගහ මන්දිරයට සම්ප්‍රාප්ත විය.


“මේ වැඬේ ව්‍යවස්ථා විරෝධියි. මේ විදියේ ව්‍යවස්ථා විරෝධී වැඩට ඉඩ දීලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දාන්න ඉඩ දෙන්න බෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරමු” කවුරුත් එම යෝජනාවට එකඟ වූහ.


‘අපි අරලියගහ මන්දිරයේ දිගටම රැඳී ඉමු” ඕන්නම් හමුදාව දාලා අපිට වෙඩි තියයි. ඒත් අපි සටන අත්හරින්නේ නෑ” ඒ යෝජනාවද සම්මත වූයේ උත්කර්ෂවත් ලෙසිනි.
‘අපි පිරිත් මණ්ඩපයක් හදලා හාමුදුරුවරු වැඩම කරවලා උදේ - රාත්‍රි පිරිත් කියවමු. එතකොට අරලියගහ මන්දිරයට කඳුළු ගෑස් ගහන්න බෑ’ අරලියගහ මැදුරේ පිරිත් මණ්ඩපය ඉදි වූයේ ඒ අනුවය.


ජනාධිපති මෛත්‍රීපාලද සටන අතහැරියේ නැත. ඔහු අලුත් ඇමතිවරුන් පත් කළේය. අලුත් ආණ්ඩුව නීත්‍යානුකූල යැයිද ව්‍යවස්ථාවට එකඟ යැයිද කීවේය.
මේ අතර වාරයේ පක්ෂ මාරු කිරීම් ජයටම ගියේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක විය.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම්ද නිමක් නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දුමින්ද දිසානායකගේ සහාය ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ දුමින්දගේ නිවෙසටම ගියේය.


ආණ්ඩුවේ සිටි නීති විශාරදයකු වන විජයදාස රාජපක්ෂ මහින්දගේ කඳවුරට එක් විය. වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත ආදී මන්ත්‍රීවරුද මහින්ද කඳවුරට එක් වූහ. මහින්ද කඳවුරේ සිටි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා එජාපයට සහයෝගය දෙන බවට ප්‍රකාශයක් කර දරු පවුල සමග සිංගප්පූරුවට ගියේය.
පාර්ලිමේන්තුවේ බහුතරය හෙවත් 113 සාදා ගැනීම සියලු දෙනාගෙම උත්සාහය විය. බහුතර බලය පෙනෙන්නට තිබුණේ එක්සත් ජාතික පක්ෂයටය. විපක්ෂයේ සිටි දෙමළ ජාතික සන්ධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් හිටගත්තේ එජාප කඳවුරේය.


සිද්ධි එසේ පෙළගැසෙමින් තිබුණද මහින්ද රාජපක්ෂ කඳවුරෙන් ප්‍රකාශයට පත් වූයේ බහුතර බලය තමන්ට බවය. ඇත්ත ආණ්ඩුව කුමක්දැයි ජනතාවට හඳුනා ගැනීමට නොහැකි සංකීර්ණ වටපිටාවක් නිර්මාණය වූයේ ඒ අනුවය. නොවැම්බර් 14 වැනිදා ජවිපෙ විජිත හේරත් අගමැති මහින්ද රාජපක්‍ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය සම්මත වූ බව කතානායකවරයා ප්‍රකාශ කළේය. එහෙත් මහින්ද කඳවුර එය ප්‍රතික්‍ෂේප කළේය.


සභානායක, ඇමති ලක්ෂමන් කිරිඇල්ල ක්‍රියාත්මක වූයේ ඒ අතර වාරයේය. ඔහු සූක්ෂ්ම ගැටයක් ගැසුවේය. ඒ නොවැම්බර් මස 15 වැනිදාය.


පාර්ලිමේන්තුව එදින රැස්විය. එදින පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම විශේෂ ප්‍රකාශයත් සමග රටේ අගමැති මහින්ද රාජපක්ෂ බවට තහවුරු වීමට ඉඩ තිබිණි. එය වැළැකී ගියේ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල නිසාය.


ඇමති කිරිඇල්ල කළේ කුමක්ද?


එදින පාර්ලිමේන්තුවේ සමස්ත සිදුවීම් ජාලය හැන්සාඞ් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.


2018 නොවැම්බර් 15 වන බ්‍රහස්පතින්දා


පූ.භා. 10.00 ට පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා (ගරු කරු ජයසූරිය මහතා) මූලාසනාරූඪ විය.


ගරු කථානායකතුමා :Order, Please (ඝෝෂා කිරීම්) බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීවරුන් වශයෙන් හැසිරෙන්න. (ඝෝෂා කිරීම්) ගරු මන්ත්‍රීවරුන් වශයෙන් හැසිරෙන්න.


නිවේදන


ගරු කථානායකතුමා : ඊයේ එනම්, 2018 නොවැම්බර් මස 14 වැනි දින ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලය විසුරුවන බැවින් සහ නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති බැවින් අද දින කිසිම මන්ත්‍රීවරයෙකු, අගමැතිවරයා හෝ අමාත්‍යවරයෙකු හෝ රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හෝ සභානායක හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හෝ පිළිනොගනිමි (ඝෝෂා කිරීම්)
පාර්ලිමේන්තුවේ කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා සියලුම මන්ත්‍රීවරුන් ඊයේ දින අසුන් ගත් ආකාරයට අද දින ද අසුන් ගත යුතු බව මා තීරණය කරමි. එසේම ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය කථානායකවරයා සතු වන අතර, එවැනි තීරණයක් අභියෝගයට ලක් කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද අවධාරණය කරමි.


ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා do you want to make a statement? ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට කථා කරන්න අවස්ථාව ලබා දෙනවා. 


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ගරු කථානායකතුමනි, ඔබතුමා විසින් නිවේදන කියවීමේදී අමතක කරලා තිබෙනවා පළමු වැනියෙන්.


ගරු කථානායකතුමා : ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, මොකක්ද?


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ඔබතුමා විසින් යවන ලද ලිපියට පිළිතුරු වශයෙන්, ඔබගේ තීරණය, ලිපිය ප්‍රතික්ෂේප කරමින්, ජනාධිපති එවන ලද නිවේදනය පළමුව කියවන්න (ඝෝෂා කිරීම්)


ගරු කථානායකතුමා : ඒකට පිළිතුර මම අද ඉදිරිපත් කරනවා.


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ඒක පළමුවෙන්ම කරන්න ඕනෑ


ගරු කථානායකතුමා : ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ඒක පළමුවෙන්ම කරන්න ඕනෑ (ඝෝෂා කිරීම්)


ගරු කථානායකතුමා : ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා (ඝෝෂා කිරීම) ගරු මන්ත්‍රීවරුනි, මේ ගරු සභාවේ විනයක් ඇතිව හැසිරෙන්න. (ඝෝෂා කිරීම්) මගේ පිළිතුරත් සමඟ මම ඒක ඉදිරිපත් කරනවා. (ඝෝෂා කිරීම්) මමත් ජනාධිපතිතුමාට පිළිතුරක් යවනවා. (ඝෝෂා කිරීම්) දෙකම ඉදිරිපත් කරනවා. (ඝෝෂා කිරීම්) ඒ අයිතිය මටත් තිබෙනවා. (ඝෝෂා කිරීම්) දැන් එතුමාට කථා කරන්න දෙන්න. (ඝෝෂා කිරීම්) දැන් කථා කරන්න දෙන්න.


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ගරු කථානායකතුමනි.


ගරු කථානායකතුමා : මහින්ද රාජපක්ෂ මැතිතුමාට කථා කරන්න දෙන්න. (ඝෝෂා කිරීම්) දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. 


ගරු දිනේෂ් ගුණවර්ධන මහතා : ගරු කථානායකතුමනි ‘ගරු කරු ජයසූරිය, කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ”


ගරු කථානායකතුමා : ඒකට මම පිළිතුරු යවනවා. (ඝෝෂා කිරීම්) ඒක කියන්න බැහැ. (ඝෝෂා කිරීම්) ඒක මෙතැන කියන්න අවශ්‍යතාවක් නැහැ. මම පිළිතුරු යවන්නම්. I am not allowing that (ඝෝෂා කිරීම්) කථා කරන්න දෙන්න (ඝෝෂා කිරීම්) ඔබතුමා කථා කරන්න. (ඝෝෂා කිරීම්) මහින්ද රාජපක්ෂ මැතිතුමාට කථා කරන්න දෙන්න. (ඝෝෂා කිරීම්) ඒක මම පිළිගන්නේ නැහැ. I am not giving the Floor, I Cannot  (ඝෝෂා කිරීම්) දෙන්නේ නැහැ I Have given the Floor to the Hon Mahinda Rajapaksha (ඝෝෂා කිරීම්) මම දෙන්නේ නැහැ (ඝෝෂා කිරීම්) මම තීරණය කරන්නේ. I Will decide on that (ඝෝෂා කිරීම්) පාර්ලිමේන්තුවේ මම තීරණය කරන්නේ.


ගරු දයාසිරි ජයසේකර මහතා : ගරු කථානායකතුමා, (ඝෝෂා කිරීම්) කථා කරන්න දෙන්න (ඝෝෂා කිරීම්) කථා කරන්න දෙන්න මොකක්ද මේ? මේක පාර්ලිමේන්තුවක්. අවස්ථාව දෙන්නකෝ. මේකෙන් ලෝකයට දෙන පණිවුඩය මොකක්ද? (ඝෝෂා කිරීම්) ගරු මන්ත්‍රීතුමන්ලා අවස්ථාව දෙන්න. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. (ඝෝෂා කිරීම්)
ගරු මහින්ද රාජපක්ෂ : ගරු කථානායකතුමනි (ඝෝෂා කිරීම්)


ගරු කථානායකතුමා : ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා, කථා කරන්න.


ගරු මන්ත්‍රීවරයෙක් : මන්ත්‍රීතුමා? අන්න හරි


ගරු කථානායකතුමා : මැතිතුමා


ගරු මහින්ද රාජපක්ෂ මහතා : මන්ත්‍රී වුණත්, අගමැති වුණත්, නිකම් මහින්ද රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ තමයි කථා කරන්නේ (ඝෝෂා කිරීම්) මතක තබා ගන්න ඒක. (ඝෝෂා කිරීම්) මට මේක ලොකු නැහැ (ඝෝෂා කිරීම්) එතුමාට ලොකුයි, මට ලොකු නැහැ. මම මේකේ ඉඳලා තිබෙනවා. ජනාධිපතිකම් කරලා තිබෙනවා. අගමැතිකම් කරලා තිබෙනවා. මේ අගමැතිකම කියන එක ලොකුවක් නොවෙයි. මට (ඝෝෂා කිරීම්) ඒක හින්දා හිතන්න එපා අගමැතිකමට මේ කථා කරනවා කියලා (ඝෝෂා කිරීම්) මේක කජ්ජක්ද?
ගරු කථානායකතුමා : අවස්ථාව දෙන්න, කථා කරන්න. ඔබතුමා කථා කරන්න. කථා කරන්න ගරු මැතිතුමා


ගරු මහින්ද රාජපක්ෂ මහතා : පාර්ලිමේන්තුවේ ඉඳලා ඉතිහාසයේ ඊටත් එහාට ගිහිල්ලා පාසල් යන කාලයේ.
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : දැන් මේ රටේ අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැහැ. (බාධා කිරීම්)
ගරු කථානායකතුමා : (බාධා කිරීම්) ඔබතුමා කථා කරන්න.
ගරු  මහින්ද රාජපක්ෂ මහතා : මම තමුන්නාන්සේට මතක් කරන්න ඕනෑ, ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ (බාධා කිරීම්)
ගරු කථානායකතුමා : කථා කරන්න දෙන්න.
ගරු මහින්ද රාජපක්ෂ මහතා : ඊයේ වාගේ අඳුරු දවසක් දැක්කේ නැහැ. ඉතිහාසයේම (බාධා කිරීම්) කුඩා කාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා.
ගරු මන්ත්‍රීවරයෙක් : ඉස්කෝලේ යන කාලයේ ඉඳන්ද?
ගරු මහින්ද රාජපක්ෂ මහතා : ඔව් අර උඩ තට්ටුවේ ඉඳගෙන බලාගෙන ඉඳලා (බාධා කිරීම්) මතක තියා ගන්නවා. ඉපදිච්චි දවසේ ඉඳලා (ඝෝෂා කිරීම්)  පාර්ලිමේන්තුවට ගිහිල්ලා හිටියා, අපේ මිනිස්සු (බාධා කිරීම්) ඒ නිසා මේ ඇමතිකම්, අගමැතිකම් නොවෙයි ප්‍රශ්නය - (බාධා කිරීම්)


ගරු කථානායකතුමා : Order, Please  කථා කරන්න අවස්ථාව දෙන්න. මේ සභාව තුළ ඕනෑම කෙනකුට කථා කරන්න අවස්ථාව තිබෙනවා. නියමිත විධියට හැසිරෙන්න.
ගරු මහින්ද රාජපක්ෂ මහතා : පැවති ආණ්ඩුව විසුරුවලා, ඊළඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 දින වන විට ජනතාව සිටියේ විශාල පීඩනයකින් (ඝෝෂා කිරීම්) ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවන ජීවන වියදම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර, මහා බැංකු මංකොල්ලය, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයක් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොළවල්, රජයට අයත් ලාභදායී ව්‍යාපෘති ඇතුළු රජයේ සියලු දේපොළ විදේශිකයන්ට විකිණීමට සැරසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම්වලට එළඹීම, ආයෝජකයන්ගෙන් මහා පරිමාණයේ අල්ලස් ඉල්ලීම, මහා පරිමාණයේ අල්ලස් ඉල්ලීම, ඇමතිවරු චෝදනා කළේ. වගේ කාරණා නිසා, පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා. (ඝෝෂා කිරීම්) ඒවා එක එක එළියට එයි.


අපි දැක්කා, ජනාධිපතිතුමා ඔහොම අහගෙන ඉන්න. ජනාධිපතිතුමා ගැන, යාළුවා ගැන කියන්නේ පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණ කමිටුව විසුරුවා රටට වෙමින් තිබෙන විනාශය අවම කර ගන්න යම් උත්සාහයක් ගත්තා.


මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට් මණ්ඩලයේ බහින් බස්වීම් ගැනත් අපට අසන්නට ලැබුණා. (ඝෝෂා කිරීම්) ඒ අවස්ථාවේ තමයි, පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් (ඝෝෂා කිරීම්) එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් - කුමන්ත්‍රණය කළාය කියන ආරංචිය, පටිගත කරපු සාක්ෂි සහිතව අපට අහන්න ලැබෙන්නේ. තත්ත්වය එතැනට ගියාට පස්සේ තමයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙනවාත් එක්කම, පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතුමාට ලැබී ඇති බලතල අනුව අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා මට ආරාධනා කළා. එහෙම නේ ආවේ. (ඝෝෂා කිරීම්)


ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා. එක්කෝ එම ආරාධනය පිළිගන්න, නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. මට ඕනෑ නම් කියන්න තිබුණා “යූඇන්පී එක අවුරුදු හතරකට කිට්ටු කාලයක හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන්” කියලා. තව අවුරුද්දයි තිබුණේ (ඝෝෂා කිරීම්) තව අවුරුද්දයි තිබුණේ. අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය, අපි තමයි විපක්ෂයේ වාඩි වෙලා හිටිය බලවේගය, කථානායකතුමා පිළිගත්තේ නැති වුණාට, අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය. අපට යුතුකමක් තිබෙනවා රටේ ජනාධිපතිතුමා මුළු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වළක්වාගන්නට අපට රට භාර දෙනකොට ඒ වගකීම භාර ගන්න. (ඝෝෂා කිරීම්) ඒක අපට තිබුණු, වගකීමක්. ඒ අනුව, මම ඒ වගකීම භාර ගත්තා. ඒ වාගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණා නම් රටට මොනවායින් මොනවා වේවිද කියන එක. (ඝෝෂා කිරීම්) 2015 ජනවාරි ඉඳලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 21 ක් ලබා ගෙන තිබෙනවා. (ඝෝෂා කිරීම්)  ඩොලර් බිලියන 21 ක්  (ඝෝෂා කිරීම්) ‘ණය, ණය, ණය’ ගානවා (ඝෝෂා කිරීම්) මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙව්වේ, මහ මැතිවරණයක් පවත්වනතුරු, අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. (ඝෝෂා කිරීම්)  ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් භාර ගත්තේ. රට ප්‍රපාතයට යනවාත් එක්කම ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි පසුගිය කාලයේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා සිටියා. නමුත්, පැවැති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලායි තිබුණේ. 2015 මාර්තු මාසයේ විසිරවනු ලැබූ පළාත් පාලන ආයතනවලට ඡන්දය පවත්වා ගන්න අවුරුදු තුනක් ගියා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා සීමා නිර්ණය ගැටලු තිබෙනවායි කියලා ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා, පළාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්වන්න හදන කොට, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සීමා නිර්ණය ගැටලු නැති පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුණාම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූවේ (ඝෝෂා කිරීම්) 


අද වන කොට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා විසුරුවලා අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. උතුරු මැද පළාත් සභාවත් විසුරුවලා. නැගෙනහිර පළාත් සභාවත් විසුරුවලා, දැන් ලොකුවට ඡන්දය දෙනවා. ඒ පළාත් සභා විසිරිලා දැනට අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුළු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා. නමුත්, ඡන්දය නැහැ, ජනාධිපතිතුමාත් තමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් කැඳෙව්වාම, ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිබෙනවා මැතිවරණයක් පැවත්වීමට විරුද්ධව. (ඝෝෂා කිරීම්) මේ පාර්ශ්වම තමයි ගිය අවුරුද්දේ කිසිම හිරිකිතයක් ලජ්ජාවක් නැතිව පළාත් පාලන ඡන්දයත්, පළාත් සභා ඡන්දයත් දින නියමයක් නැතිව කල් දමා ගන්න කටයුතු කළේ. වෙනත් කාරණාවලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්ස දොරෙන් සංශෝධන ගෙනැල්ලා ඡන්ද ක්‍රමයත් මුළුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දමා ගෙන මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදාත් මේ පිරිස විසින්ම පැහැර ගත්තා. අද මම පාර්ලිමේන්තුවට එනකොට පෝස්ටරයක් දැක්කා ‘මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” යනුවෙන් එහි සඳහන්ව තිබුණා. මේක වැදගත් ප්‍රශ්නයක් (බාධා කිරීම්) මහා මැතිවරණයකින් මූලික අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද? මේක හොඳ ප්‍රශ්නයක්. ‘යුතුකම’ කියලා සංවිධානයක් පෝස්ටරයක් ගහලා තිබෙනවා. මටත් අද අහන්න තබෙන්නේ ‘කාගේද අයිතිවාසිකම් නැති වෙන්නේ” කියලායි. අපේ රටේ 1947, 1951, 1956, 1960 පත්වුණු සියලුම පාර්ලිමේන්තු කලින් විසුරුවලා මහ මැතිවරණ පැවැත්වූයේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමන්ට කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ දෙන්නයි.


ඒකෙන් තමයි ඒ කාලයේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකුනේ. පැවැති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට භාර ගන්න කියා කිව්වේ. (ඝෝෂා කිරීම්) මම අගමැති හැටියට දිවුරුම් දුන් ගමන්ම රට පුරාම නව බලාපොරොත්තු සහගත හැඟීමක් පැතිර ගියා. (ඝෝෂා කිරීම්)  ඔව්, හොරු ගැන ළඟදීම කියන්නම්, දැන් අපි ළඟට ලැයිස්තු එනවා. අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාලත් තමන්ගේ පක්ෂයත් එක්ක එකතු වෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවටත් ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව ශබ්දය අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තාය කියනවා. (ඝෝෂා කිරීම්) ඒක රටට විරුද්ධව. ශබ්දයෙන් බැහැ, යෝජනා සම්මත කර ගන්න (ඝෝෂා කිරීම්) ඒ වාගේ වැදගත් එකක් ශබ්දයෙන් කරන්නට තිබුණේ නැහැ. ඡන්දය ගන්න තිබුණා. ඔබතුමා ඒක ශබ්දයෙන් කළා (ඝෝෂා කිරීම්) ඊළඟට කියයි (ඝෝෂා කිරීම්) කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයෙන් පස්සේ හිටපු අගමැතිතුමා නැවතත් අගමැතිවෙලා කියලා, හිටපු අමාත්‍යවරු ඒගොල්ලන්ට කලින් තිබුණු අමාත්‍යාංශවලටත් ගිහින් තිබෙනවා. (ඝෝෂා කිරීම්) රටේ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත්කරන්නේ ජනාධිපතිතුමා, කථානායකතුමා නොවෙයි. ඔබේ බලය වරදවා තේරුම් ගන්නට එපා කථානායකතුමනි (ඝෝෂා කිරීම්) පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීලා නැහැ. ඔබතුමා ඒක හොඳට දන්නවා. දැන දැනයි ඔබතුමා මේක කරන්නේ.


බලයක් නැහැ කියලා දැන දැන මූලාසනයේ වාඩි වෙලා, මූලාසනයේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. නමුත් දැන් පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් තිබෙනවා. මේ ආරවුල පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසඳා ගන්නේ නැතුව, මේ රටේ ලක්ෂ 150 ක් ඉක්මවන ඡන්දදායක ජනතාවට භාර දෙමු. (ඝෝෂා කිරීම්) අපි භාර දෙමු. මම යෝජනා කරනවා. (ඝෝෂා කිරීම්) ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලනඥයන් හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕනෑ අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි ජනතාවටයි කියන එක. වැදගත් වෙන්නේ මේ රටේ ජනතාවයි. පාර්ලිමේන්තුවට (ඝෝෂා කිරීම්)


ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිව්වා, පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ ගොල්ලෝ එකට පක්ෂ වනවාය කියලා. ඒ ගැන මම සන්තෝෂ වනවා. එක්සත් ජාතික පක්ෂය මොකක්ද කියන්නේ? ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද? එය මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරන්න. ඡන්දයකට යන්න කැමැතිද, නැද්ද? (ඝෝෂා කිරීම්)

අකැමැතිද? (ඝෝෂා කිරීම්)
ආණ්ඩුව පිහිටුවන්න (ඝෝෂා කිරීම්)
අපි ගේනවා (ඝෝෂා කිරීම්)


ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කර ගන්න සාධාරණ හා යුක්ති සහගත මැතිවරණක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්න කියා මා ඉල්ලා සිටිනවා. මා මේ මන්ත්‍රීවරු 225 දෙනාටම කියන්නේ, කරුණාකරලා අපිත් එක්ක එක්කහු වෙන්න, අපි මැතිවරණයකට යමු.


පෙන්ෂන් ගැන හිතන්න එපා. ඒකට ලොක්කා අද මොනවා හරි කරයි (ඝෝෂා කිරීම්) උැ උ්බඑ ් ඨැබැර්ක ෑකැජඑසදබ ඒ වාගේම අද ප්‍රශ්න තිබෙනවා. අද වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නයක් තිබෙනවා. රුපියල් 1,000 ක් ඉල්ලා ඔවුන් සටන් කරනවා. එය සාධාරණ සටනක්. අනික් පැත්තෙන් දවස ගණනේ වැඩිවන භාණ්ඩ මිල අඩු කරන්න අපට වගකීමක් තිබෙනවා. (ඝෝෂා කිරීම්) ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රල් මිල අඩු වනකොටත් මිල සූත්‍රය අනුව අපේ රටේ ඉන්ධන මිල වැඩි වුණා. ඒක හින්දා මම අද ආපහු ඇමතිවරයාට කියනවා පෙට්‍රල් මිල තවත් අඩු කරන්න කියලා. ගරු කථානායකතුමනි. (ඝෝෂා කිරීම්) ඔබතුමන්ලා වැඩි කරපු පෙට්‍රල් මිල අපි අඩු කරනවා. (ඝෝෂා කිරීම්) අද රෑටත් අඩු කරනවා. ගරු කථානායකතුමනි. ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වන්නේ ස්වාධීන කථානායකවරයෙක්. පක්ෂග්‍රාහී කථානායකවරයෙක් නොවෙයි.


ඔබතුමා පත් කරනකොට සියලු දෙනාම එකතු වුණා. විපක්ෂයේත් ආණ්ඩුවේත් ඔක්කෝම, ඒකෙන් බලාපොරොත්තු වුණේ ඔබතුමා ස්වාධීන වෙයි කියලා. ඔබතුමා අද ඔබතුමාගේ පක්ෂය වෙනුවෙන් ඔබතුමාගේ බටහිර යාළුවන් වෙනුවෙන් පෙනීසිටීම ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : බොහොම ස්තුතියි.


ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : ගරු කතානායක තුමනි
ගරු කථානායකතුමා : ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා (ඝෝෂා කිරීම්) ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා.
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :Sir, L rise to a point of Order (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : ගරු කථානායකතුමනි (ඝෝෂා කිරීම්) : ගරු කථානායකතුමා


ගරු කථානායකතුමා : සභාව එකඟද, to take a Vote? (ඝෝෂා කිරීම්)Order, Please  සභාව එකඟද? (ඝෝෂා කිරීම්) මේක මට තීරණය කරන්න බැහැ. ගරු සභාව තීරණයක් ගන්න (ඝෝෂා කිරීම්) ගරු සභාව තීරණයක් ගන්න (ඝෝෂා කිරීම්) Order, please We are going to take the Vote by Name (ඝෝෂා කිරීම්)


ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා : පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා එතුමාගේ කතාව කෙරෙහි විශ්වාසය නොමැති බවට යෝජනාවක් මම ඉදිරිපත් කරනවා (ඝෝෂා කිරීම්) මා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. නමින් ඡන්දයක් ගන්න කියලා ීSir, L Call for a Division by name ^ (ඝෝෂා කිරීම්)


මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරු පිරිසක් ගරු කථානායකතුමාගේ ආසනය අසලට පැමිණ ඝෝෂා කරන්නට වූහ.


ගරු මන්ත්‍රීවරයෙක් : ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.


ගරු කථානායකතුමා : ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න දෙන්නේ නැහැනේ. (ඝෝෂා කිරීම්)


කරුණාකර වාඩි වෙන්න (ඝෝෂා කිරීම්) I have to Proceed(ඝෝෂා කිරීම්)


ගරු මන්ත්‍රීවරයෙක් : ීSir, Party Leader s' meeting එකක් කැඳවන්න (ඝෝෂා කිරීම්) සභාව කල් දමලා. Leader s' meeting (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : Party Leaders' Meeting  එකක් කැඳෙව්වත් වැඩක් නැහැ නේ. (ඝෝෂා කිරීම්) කැඳවන්න ඕනෑ (ඝෝෂා කිරීම්)
ගරු මන්ත්‍රීවරයෙක් : බහුතරය පෙන්නුවාම අපි යන්නම් ‘චණ්ඩි පාට්’ දමන්න එපා. (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : By Name  ගන්න පුළුවන් නේද? (ඝෝෂා කිරීම්)
ගරු මන්ත්‍රීවරයෙක් : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න.
ගරු කථානායකතුමා : දැන් ඡන්දය ආරම්භ කරනවා. (ඝෝෂා කිරීම්) ඡන්දය ගණන් ගන්නවා. වාඩිවෙන්න (ඝෝෂා කිරීම්) By Name (ඝෝෂා කිරීම්)
ගරු මන්ත්‍රීවරයෙක් : ඇයි ඡන්දයට භය? (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ කථාව සම්බන්ධයෙන් අදාළ යෝජනාවට පක්ෂව (ඝෝෂා කිරීම්) ඒ යෝජනාවට පක්ෂද? (ඝෝෂා කිරීම්) අද මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ඒ කථාව පිළිබඳ (ඝෝෂා කිරීම්) යෝජනාවට පක්ෂව (ඝෝෂා කිරීම්)
ගරු පාලිත තෙවරප්පෙරුම මහතා : ලජ්ජයි ලජ්ජයි (ඝෝෂා කිරීම්)
ගරු මන්ත්‍රීවරයෙක් : සරල Party Leader's Meeting  එකක් කැඳවන්න (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : කැඳවන්නේ කොහොමද? කතා කරන්න දෙන්නේ නැහැ නේ. (ඝෝෂා කිරීම්)
ගරු මන්ත්‍රීවරු : :්‍(Hon. Members) Ayes (Uproar)

ගරු කථානායකතුමා : යෝජනාවට විපක්ෂව අත ඔසවන්න. (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා :(The Hon, Speaker)
The Motion is Carried  (Uproar)

ගරු මන්ත්‍රීවරයෙක් : By Name  (ඝෝෂා කිරීම්)
ගරු කථානායකතුමා : By Name  ගන්න බැහැ (ඝෝෂා කිරීම්) පාර්ලිමේන්තුව හෙටට කල් තබනවා (ඝෝෂා කිරීම්)


පාර්ලිමේන්තුව පූ.භා. 10.42 ට, 2018 නොවැම්බර් 16 වන සිකුරාදා අ.භා. 1.30 වන තෙක් කල් ගියේය.


මෙම ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට හා එම ආණ්ඩුවට බහුතර බලයක් නැති බව ඔප්පු විය.


ඇමති කිරිඇල්ල පසු දිනයකදී එම දවස සිහිපත් කළේ මෙසේය.

 


(ලබන සතියට)

සටහන : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site