IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නන්ද මැතිව් අන්දමන්ද කළ මෛත්‍රීගේ කතාව

 

 

ඕනෑම රටක අනාගතය රඳා පවතින්නේ තරුණ පරම්පරාවේ ක්‍රියාකාරිත්වය මතයි. තරුණ පිරිස කාර්යක්ෂමව රටේ සංවර්ධනයට දායක නොවන්නේ නම්, ඔවුන් නවෝත්පාදක ක්‍රියාවලීන්ට අවතීර්ණ නොවන්නේ නම් එවැනි රටක් දියුණුව කරා පියනැගීම ඉතාමත් අසීරු වනු ඇත. 


තරුණ ශක්තිය තරුණ ශ්‍රමය, තරුණ බලය, තරුණ ජවය හා තරුණ ලෙය නිසි පරිදි ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍යය. අප යම් කාර්යාලයකට වැඩක් කර ගැනීමට ගිය අවස්ථාවක දී සේවා සපයන්නේ තරුණ තරුණියන් පිරිසක් නම් එම සේවාව ඉතා කඩිනමින් ලබා ගත හැකි වනු ඇත. හැම ක්‍ෂේත්‍රයක් ගැනම විමසුම් ඇසින් බලන විට පෙනී යන්නේ තරුණ පරපුරේ ඇති ජවයයි. විශේෂත්වයයි. 


කාර්මික අංශයේ හෝ කෘෂිකාර්මික අංශයේ හෝ නවීන තාක්ෂණික අංශයේ හෝ වැඩි පලදායිතාවයක් ලබා ගත හැක්කේ තරුණ පරපුරටයි. එම තරුණ පරපුර දැනුමින් පිරි අනලස් පිරිසක් බවට පත්කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම රජයක යුතුකමයි. එසේ නොවුණහොත් ඔවුන් වැරදි මාවත්වල ගමන් කිරීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි වනු ඇත. නොයෙකුත් අන්තගාමී අන්තවාදී කොටස් පමණක් නොව අතිධාවනකාරී දේශපාලන ප්‍රවාහයන් හි ග්‍රහණයට ද ඔවුන් නතුවනු ඇත. 71 තරුණ නැගිටීම 88 - 89 භීෂණය - දිනපතා වාගේ සිදු කරනු ලබන තරුණ උද්ඝෝෂණ ආදිය කියාපාන්නේ එම යථාර්ථයයි. 


කෙසේ වුවද ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා තරුණ කටයුතු අමාත්‍යාංශයක් හා තරුණ සේවා සභාවක් පිහිටුවා ඇතත් එම ආයතන අපක්ෂපාතීව සාධාරණව තරුණ තරුණියන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ ද? විසඳුම් සපයන්නේ ද යන්න සාකච්ඡා කළ යුතුව ඇත. ඒ සඳහා වෙනම ඇමතිවරයෙකු පවා සිටියත් සිදුවන සේවයේ ප්‍රමාණය පිළිබඳව කිසිසේත් සෑහීමකට පත් විය නොහැක. පත්වන රජයන් තමන්ගේ දේශපාලන බලය රැකගැනීම පිණිස සෘජුව හා වක්‍රව විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා හැර අවංකව තරුණ ප්‍රශ්න විසඳීමට මැදිහත් වන්නේ ද යන්න ප්‍රශ්නකාරී කරුණකි. 


තරුණ ප්‍රශ්න හා ඒ සඳහා පිහිටුවා ඇති සංවිධාන ගැන සාකච්ඡා කිරීමේ දී 1989 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ ප්‍රශ්න විසඳීමේ කලාව පිළිබඳව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ක්‍රියා කළ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කරුණු කිහිපයක් මාගේ මතකයට නැගේ.
එවකට යෞවන කටයුතු අමාත්‍යාංශයට ක්‍රීඩා අමාත්‍යාංශයත් එකතු කොට එක් අමාත්‍යාංශයක් වශයෙන් ක්‍රියා කළේ තරුණ තරුණියන් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට ද විශේෂයෙන්ම සම්බන්ධ වන නිසාය. එනිසා එම රජයේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාවරයා වූයේ සී. නන්දමැතිව් මහතාය. එතුමා පාර්ලිමේන්තුවේ හැම පක්ෂයකම මන්ත්‍රීවරුන් සමග ඉතා සුහදව කටයුතු කළ ප්‍රියශීලි පුද්ගලයෙකි. එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රබලයෙකු වූ එතුමා පසුව පොදු ජන පෙරමුණට සම්බන්ධ වූ අතර ඉන්පසු ඌවේ ආණ්ඩුකාර පදවිය ද හෙබවීය. එතුමා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය පදවිය හෙබවූ සමයේ 1994 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ එම විවාදයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කරුණු කිහිපයක් මාගේ මතකයට නැගේ. 


යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය රටේ තරුණ පුරපුර වෙනුවෙන් ඉතා විශාල වැඩ කොටසක් ඉටුකරන්නට තිබෙන අමාත්‍යාංශයක් බවත් තරුණ පිරිස්වල සමාජ ආකල්ප සිතුම් පැතුම් පිළිබඳවත් ඔවුන්ගේ ගමන්මග පිළිබඳව මග පෙන්වීමට හැකි ආයතනයක් බවත් එතුමා පැහැදිලි කළේය. කෙසේ වුවද මෙම අමාත්‍යාංශයේ වැඩ රාජකාරි ගැන සතුටු විය නොහැකි බවත් ප්‍රකාශ කළේය. ඔහු යෞවන සමාජ සම්මේලනයේ ලක්ෂ දහයක පමණ සාමාජිකත්වය ලක්ෂ 8ක් පමණ දක්වා අඩු වී එහි විශාල පසුබැස්මක් ඇති බව ප්‍රකාශ කළේය. එපමණක් නොව යෞවන සමාජ වැඩසටහන්වලට තරුණ තරුණියන් තෝරා ගන්නේ දේශපාලන බලපෑම් මත බවත් ප්‍රකාශ කළ අතර එනිසා තරුණ පරපුර අතර බරපතළ කලකිරීමක් ඇති බවත් පෙන්නුම් කළේය.


මෙයට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතා හා නන්දා මැතිව් මහතා අතර සිදු වූ කථාබහ හැන්සාඞ් වාර්තාවේ සඳහන් පරිදි මෙසේය.


යෞවන සමාජ සම්මේලනයේ සාමාජිකයන් අඩුවන්නට අන්න ඒවත් හේතුවී තිබෙනවා. තරුණයන්ට සාධාරණය ඉෂ්ට කරනවාය කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවාය කියනවා නම් අපක්ෂපාතීය කියා කියනවා නම් සුදුස්සට සුදුසු තැන දෙනවාය කියා කියනවා නම් එවැනි තතත්වයක් ඇතිවන්නට ඉඩ හැර තිබෙන්නේ ඇයි? මේ වගේ වැඩවලදීවත් ඒ යෞවන සමාජවල වැඩ කරන අයට සාධාරණත්වය යුක්තිය ඉෂ්ටවන්නට ඉඩ නොදී දේශපාලන බලය පාවිච්චි කරනවා නම් ඇත්තටම මේ මුළු ආයතනයම කෙරෙහි මේ මුළු ක්‍රමයම කෙරෙහි තරුණයන්ගේ තදබල කලකිරීමක් ඇති වීම පුදුමයක් නොවෙයි. මම දන්නා විධියට පසුගිය මැයි දිනයේ දී තරුණ සේවා සභාවට අදාළව වැඩ කරන යෞවන සමාජවල තරුණ තරුණියන් එක්සත් ජාතික පක්ෂයේ පෙළපාළිවලට සහභාගි වන්නට කොළඹට ගෙන්නුවා. 


ගරු සී. නන්ද මැතිව් මහතා : “නැහැ නැහැ” 


ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා : “එක්සත් ජාතික පක්ෂයේ පෙළපාළිවල යන්න වාහනවලින් ඒ විධියට ගෙන්නුවාම ඒ අය තමන් ආපු වාහනවලින් පැනලා දිව්වා” 


“ඒ ගොල්ලන් කොළඹ ගෙනාවා. ඒ ගොල්ලන් වාහනවලින් කොළඹට ගෙනාවෙ එක්සත් ජාතික පකෂයේ පෙළපාළියේ යවන්නයි. කොළඹට ආවාට පස්සේ ඒ අය එම වාහනවලින් පැනලා ගිහින්. කොටසක් අපේ පක්ෂයේ පෙළපාළිවලට එකතු වුණා. ගරු අමාත්‍යතුමා එය දන්නවාද?


මෙසේ කීවු මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂය වාගේම විරුද්ධ පක්ෂයත් මේ වගේ වැඩ කිරීම නුසුදුසු බවයි. 1971 තරුණ කැරැල්ලක් ඇති වීමටත් 88 - 89 භීෂණයක් ඇතිවීමටත් මේ ආකාරයේ කටයුතුත් හේතු වී තරුණ පරපුර තුළ ඇතිවන වෛරය තුවක්කු අතට ගන්නා තත්ත්වයට පත් වන බවත් ප්‍රකාශ කළේය.
මෙම සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ තරුණ ජවය - තරුණ සම්පත නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවයි. අප රටේ හැම කාර්යයකටම දේශපාලනය ගෑවී ඇති අයුරු මැනවින් පෙන්නුම් වන ආකාරයත් ඉහත විවාදයෙන් පැහැදිලි වේ. 


තරුණයන්ට තැන දීමේ දී දේශපාලන හිතවත්කම් සලකා බැලීම රැකියා හා උසස්වීම් ලබාදීමේ දී දේශපාලන හිතවත්කම් අනුව ක්‍රියා කිරීම - පාසල් ළමුන් ඇතුළත් කිරීම, නිවාස ආධාර ලබාදීම, වෙනත් විවිධ සහනාධාර ලබාදීම, ණය ආධාර ලබාදීම, ඉඩම් ලබාදීම, බලපත්‍ර හා කෝටා ලබාදීම, සම්මාන ලබාදීම ආදී කොට ඇති උපතේ සිට මරණය දක්වා හැම පුද්ගලයෙකුගේම ජීවිතය කෙරෙහි දේශපාලනය ඉතා නරක හා අප්‍රසන්න සහගත අයුරින් බලපාන තතත්වයක් කාටත් අප ශ්‍රී ලංකාව තුළ විද්‍යමාන වන අතර කවදා කවර පාලනයක් තුළින් මේවා නිවැරදි වී සාධාරණය හා යුක්තිගරුක සමාජයක් බිහිවේද? එය කෙසේ හෝ උදාකරගත යුතු බව පොදු මහජනතාවගේ උදාර පැතුමයි.

 

 



අදහස් (0)

නන්ද මැතිව් අන්දමන්ද කළ මෛත්‍රීගේ කතාව

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12097 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site