IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනකු පමණක් ඉතිරි කළ ජනතා තීන්දුව

1948 පෙබරවාරි 04 නිදහස ලබා ගැන්මෙන් පසු ශ්‍රී ලංකාවේ 1952 මහා මැතිවරණයේදී එ.ජා. පක්‍ෂය ආසන 95 න් 54 දිනා ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරයට පත්වූයේ 1952 ජුනි 19 වැනි දිනදී ය. ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ ශ්‍රි.ල.නිපයට ආසන 09 හිමි වූ අතර ලංකා සමසමාජ පක්ෂයටත් හිමි වූයේ ආසන 09 කි. නමුත් ස්වාධීන අපේක්ෂකයෝ 12 ක් ජයග්‍රහණය කර සිටියහ.

ඒ අනුව විපක්‍ෂ නායක ධුරය ශ්‍රී.ල.නි.පයේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකට හිමි වූ අතර ඩඞ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු ඇමති ලෙස දිවුරුම් දුන්නේය. 14 දෙනකුගෙන් සමන්විත වූ කැබිනට් මණ්ඩලයේ පහතරට සිංහලයෝ 07 දෙනක්ද උඩරැටියෝ හතර දෙනක්ද දෙමළ ජාතිකයෝ දෙදෙනෙක් හා මුස්ලිම් ජාතිකයෙක් සිටියහ.

 

 

දිවුරුම් දුන් ඇමතිවරු 14 දෙනා මෙසේය.


1. සර් ජෝන් කොතලාවල - සභානායක ප්‍රවාහන හා රජයේ වැඩ

2. ඇම්. ඩී. බණ්ඩා - අධ්‍යාපන

3. පී. බී. බුලන්කුලම - ඉඩම් හා ඉඩම් සංවර්ධන

4. සර් ඔලිවර් ගුණතිලක - කෘෂිකර්ම හා ආහාර

5. ජේ. ආර්. ජයවර්ධන - මුදල්

6. ඇම්. සී. ඇම්. කලීල් - කම්කරු

7. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර - පළාත්පාලන

8. ඊ. ඒ. නුගවෙල - සෞඛ්‍ය

9. ජී. ජී. පොන්නම්බලම් - කර්මාන්ත හා ධීවර

10. සර් ලලිත රාජපක්ෂ - අධිකරණ

11. ඒ. රත්නායක - ස්වදේශ කටයුතු

12. ආර්. ජී. සේනානායක - වාණිජ හා වෙළඳ

13. වී. නල්ලය්යා - තැපැල් හා ප්‍රවෘත්ති


පාර්ලිමේන්තු ලේකම්වරු හෙවත් උප ඇමතිවරු 11 දෙනෙක්ද දිවුරුම් දුන්හ.

 


1953 වසර සඳහා වූ අයවැය ලේඛනය තුළින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා විපක්ෂ දේශපාලන පක්‍ෂවල නායකයින්ගේ මෙහෙයවීමෙන් 1953 අගෝස්තු 12 වැනි දින රට පුරා මහා හර්තාලයක් ක්‍රියාත්මක කළ අතර එහිදී පොලිස් හා හමුදා වෙඩි ප්‍රහාරවලින් 12 දෙනෙක් මියගියහ. ඉන් ඇති වූ කම්පනයෙන් අග්‍රාමාත්‍ය ඩඞ්ලි. සේනානායක මහතා 1953 ඔක්තෝබර් 12 වැනිදා ඉල්ලා අස්වූ නිසා අග්‍රාමාත්‍ය ධුරය සභා නායක සර් ජෝන් කොතලාවල මහතාට හිමිවිය. කලින් කැබිනට් මණ්ඩලයේ සිටි අයට අමතරව සර් කන්දය්යා වෛද්‍යනාදන් නිවාස හා සමාජසේවා ඇමති ලෙස දිවුරුම් දුන්නේය.


කෙසේ නමුත් බණ්ඩාරනායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රසාදය ලබමින් සිටියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර 1956 මාර්තු 08 නාමයෝජනා ගැනීම සඳහාත් 1956 අප්‍රේල් 05, 07, 10 දිනවල මහ මැතිවරණය පැවැත්වීමටත් දින නියම කරන ලදී. මැතිවරණයේ පළමු දිනය වූ 1956 අප්‍රේයෙල් 05 වැනිදා ආසන 37 ක මැතිවරණ පවත්වන ලද අතර ශ්‍රිලනි පක්‍ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ආසන 27 දිනද්දී එ.ජා.ප යට හිමිවූයේ ආසන 08 පමණි. ඉන්පසු දින දෙකේ කිසිදු ආසනයක් එ.ජා.පයට හිමි නොවූ අතර මැතිවරණය අවසානයේ ම.එ. පෙරමුණ ආසන 51 ද එ.ජා පක්‍ෂයට ආසන 08 හිමි වූ අතර විපක්‍ෂ නායක ධුරය ආසන 14 ජයගත් ලංකා සමසමාජ පක්‍ෂයට හිමිවිය. උතුරේ ෆෙඩරල් පක්‍ෂයද ආසන 10 ජය ගත්තේය.


මැතිවරණයට එ.ජා. පක්‍ෂ ආණ්ඩුවේ ඇමතිවරු 12 දෙනෙක් තරග කළද ඉන් 10 දෙනෙක්ම පරාජයට පත්විය. ඒ. රත්නායක, පී. බී. බුලන්කුලම, ඇම්. ඩී. එච්. ජයවර්ධන, ෂර්ලි කොරයා, දොස්තර ඇම්. සී. ඇම්. කලීල්, ඇන්. එච්. කීර්තිරත්න, ඊ. ඒ. නුගවෙල, මේජර් මොන්ටේගු ජයවික්‍රම, ජේ. ආර්. ජයවර්ධන, සර් කන්දය්යා වෛද්‍යනාදන් යන ඇමතිවරු මෙන්ම කථානායක සර්. ඇල්බට් ඇෆ්. පීරිස් මහතාද පරාජයට පත්වූ අය අතර විය. ජයගනු ලැබුවේ අගමැති සර් ජෝන් කොතලාවල හා ඇම්. ඩී. බණ්ඩා ඇමතිතුමා පමණි. ඒ අතර පාර්ලිමේන්තු ලේකම් හෙවත් නියෝජ්‍ය ඇමතිවරු සියලු දෙනාම පරාජයට පත්වූහ. පැවති රජය හා නායකයින් මෙතරම් ප්‍රමාණයක් පරාජයට පත් වූ එකම මැතිවරණය 1956 මහ මැතිවරණයයි. අග්‍රාමාත්‍ය වශයෙන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා දිවුරුම් දී රට පාලනය කිරීමට එතුමාට හැකි වූයේ වසර 03 වැනි කෙටිකාලයකි. ඔහුට නිවසේ දී 1959 සැප්තැම්බර් 25 දින තල්දුවේ සෝමාරාම නමැත්තෙක් වෙඩි තබා ඝාතනය කළේය.

 

 

 

 

 

 

 

 

 


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ

 



අදහස් (0)

ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනකු පමණක් ඉතිරි කළ ජනතා තීන්දුව

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1561 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site