විදුලකර පිරිවෙනේ භික්‍ෂු සටන් - 03

අගමැති බණ්ඩාරනායක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය විවෘත කිරීමේ උත්සව සභාව ඇමතූ අයුරු

 

 

‘දවල් නිදා රෑ නොනිදන හාමුදුරුවෝ’ යන විරුදාවලි ලත් යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියෝ විද්‍යාලංකාර පිරිවනේ පස්වන පරිවේණාධිපතීන් වහන්සේ ලෙස පත්වූහ.


එතෙක් නිලනොලත් විශ්ව විද්‍යාල මට්ටමෙන් පැවති විද්‍යාලංකාර පිරිවෙන විශ්ව විද්‍යාල මට්ටමින් රජය විසින් පිළිගන්නා ලදී. ඒ 1959 දීය. කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියෝ එහි මුල්ම උපකුලපතිවරයාය. එම තනතුර නොකඩවා පිරිවෙන් පරිවේණාධිපතීන් වහන්සේ වෙත පිරිනැමිණ.


1956 ජනතා ජයග්‍රහණයට උරදුන් මෙම අධ්‍යාපන නිකේතනය මෙන්ම විද්‍යෙදය පිරිවෙනද විශ්ව විද්‍යාල මට්ටමින් පිළිගැනිණ. ‘1958 අංක 45 දරණ විද්‍යෝදය විද්‍යාලංකාර විශ්ව විද්‍යාල පනතේ 11 සහ 60 වැනි වගන්ති අනුව විශ්ව විද්‍යලවල අධිපතිකම භික්‍ෂුවකට මිස ගිහියකුට නොපැවරේ” යැයි සඳහන්ය.


එහෙත් 1965 දී එජාපය ඇතුළු හත්හවුල් ආණ්ඩුව බලයට පත් වූ වහාම විද්‍යාලංකාර විරෝධීහු හිස එසවූහ. 


අධ්‍යාපන ඇමැති ධුරයදැරූ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසින් 1966 අංක 20 දරණ උසස් අධ්‍යාපන පනත සම්මත කරගත්තේය. එහි අරමුණ විශ්ව විද්‍යාල ප්‍රතිසංවිධානය කිරීම යැයි ඇමැතිවරයා කීය.
ආණ්ඩුව අලුත් අණපනත් ගෙනැවිත් සංඝාධිපත්‍යය විනාශකළ අතර චෛත්‍ය විහාරය, බෝධිමාලකය පෝය ගෙය බණමඩුව පවා ගැසට් පත්‍රයකින් රජය සතුකර ගැනිණ. සමගිපෙරමුණ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමේ වරදට දේශපාලන භික්‍ෂුවක යන චෝදනාව එල්ලවූ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපති නාත්තණ්ඩියේ පක්‍ඳ්ඤාකර හිමියන්ද එම තනතුරින් ඉවත් කෙරිණ.


1967 ඔක්තෝබර් 16 වැනිදා එම ගැසට්පත්‍රය අවලංගු කරන ලෙස බලකර අගමැති ඩඞ්ලි සේනානායක සහ අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල වෙතද කොළඹ අතිරේක දිසාපති වෙතද විරෝධතා ලිපි යැවිණ.
විද්‍යාලංකාර පිරිවෙනේ සංඝිත අයිතීන් රජයට පවරා ගන්න එපා” පිරිවෙන් ආදි ශිෂ්‍ය මහානායක අනුනායක, පරිවේණාධිපති හා පරිවේණාචාර්යවරුන් ඇතුළු හිමිවරු 36 දෙනෙක් ඉල්ලා සිටියහ. අපි විශ්ව විද්‍යාලයක් වනවාට සහයෝගය දැක්වූයේ සංඝයා වහන්සේලාගේ ආධිපත්‍යය තුළින් එය දියුණු වෙනවා දකින්නයි. වහාම උදුරාගත් සංඝික වස්තූන් යළි පිරිවනට පවරන්න.


මහනාහිමිවරුන් වූ කෝදාගොඩ ඤාණාලෝක, පණ්ඩිත කොස්ගොඩ සිරිධම්මවංශ ආදි සඟරුවන මෙන්ම මල්වතු පාර්ශ්වයේ මහානායක සිරිමල්වත්තේ ආනන්ද නාහිමි, රාමක්‍ඳ්ක්‍ඳ නිකායේ මහා නායක දීපේගොඩ ශ්‍රී චන්ද විමල යන ජ්‍යෙෂ්ඨ සඟරුවන එම තීරණය වෙනස් කරන ලෙස රජයට බලකළහ.


1956 ජනතා ජයග්‍රහණය තුළින් ශ්‍රීලනිප නායක බණ්ඩාරනායක මැතිදුන්ගේ මූලිකත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන ප්‍රධාන සමාජවාදී භික්‍ෂු කඳවුරේ ආශිර්වාදයෙන් එතෙක් නිල නොවන මට්ටමෙන් තිබූ විද්‍යාලංකාර සහ විදෙf්‍යා්දය මහ පිරිවෙන් විශ්වවිද්‍යාල තත්ත්වයට පිළිගැනිණි.


එහෙත් 1965 මැතිවරණයෙන් පසු සමාජවාදී විරෝධීහු අධ්‍යාපන ඇමැති ධුරය දැරූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිඳුන් මුල්කරගෙන 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනත සම්මත කර ගත්හ.


ඒ අනුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට අයත් සියලු විහාරාංග රජයට පවරාගත් අතර කැලණි විශ්වවිද්‍යාලයේ පුස්කාලයාධිපති ධුරයෙන් නාත්තන්ඩියේ පක්‍ද්ක්‍දාකර හිමියන් ඉවත් කෙරිණි.


1967 ඔක්තෝබර් 16 දින එම ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස සම්මාන උප කුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ, අගමැති ඩඞ්ලි සේනානායක, අමාත්‍ය ඊරියගොල්ල ආදී බලධාරීන්ට ලිපි යැවූ අතර එවකට විද්‍යාලංකාර දායක සභාවේ සම ලේකම් ඩී. සී. ජයතිලකයෝ ද වගකිවයුත්තන් දැනුම්වත් කළහ.


“මෙම සාංඝික ඉඩමේ විශ්වවිද්‍යාලය ඇරඹූ 1958 අංක 45 දරන විද්‍යොදය - විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනතේ 11 වැනි සහ 60 වැනි වගන්ති අනුව මෙහි උප කුලපති ධුරය හිමිවිය යුත්තේ භික්‍ෂුවකට පමණයි යන පැහැදිලි අදහස 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනතින් අවලංගු කිරීම නිසා අබෞද්ධයකුට වුවත් මෙම ධූරයට පත්වීමට ඉඩ ලැබේ.


“එමෙන්ම මෙම පිරිවෙන් භූමියේ පැවිදිවූ මා ඇතුළු භික්‍ෂූන් පිරිසක් මෙහි නේවාසිකව වෙසෙන අතර මෙම ආගමික භූමිය රජයට පවරාගැනීම නිසා භික්‍ෂු පිරිස හා දායක සභාවද ඉතා අමාරු තත්ත්වයකට වැටෙනවා නොඅනුමානය. එබැවින් අප භික්‍ෂු පරම්පරාවට මෙම ස්ථානය යළි පවරා දෙන ලෙස ශාසනාලය පූර්වකව දන්වා සිටිමු.” 


කිරිවත්තුඩුවේ නාහිමියන්ගේ ලිපියට අගමැති ඩඞ්ලිගේ පිළිතුර කෙටි එකකි.


“මෙම කාරණය පිළිබඳ මගේ අවධානය යොමු විය” මෙයට ශාසනස්ථිකාමි.


ඩඞ්ලි සේනානායක (අග්‍රාමාත්‍ය)


එහෙත් එජාප රජය 1970 දී පරාජය වන තුරුම අමුතු ප්‍රතිඵලයක් නොවීය.


1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මැතිවරණය ජයග්‍රහණය කළ වහාම මෙම කරුණ ගැන සොයා බැලුවාය. අනතුරුව යවන ලද පිළිතුර වයෝවෘද්ධව රෝගාතුරව වැඩවුන් නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහ සඟරුවනට හා දායක කාරකාදීන් හට බලවත් අස්වැසිල්ලක් විය.


“පූජ්‍යපාද මහානායක සමිඳුනි,


විද්‍යාලංකාර විශ්වවිද්‍යාල භූමියේ ඇති පසුගිය රජය පවරාගත් සාංඝික හා පූජනීය ගොඩනැගිලි හා දේපොළ නැවත සඟසතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉතා ගෞරවයෙන් දන්වා සිටිමි.”


මෙයට ශාසනාස්ථිතිකාමී 


සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක (අග්‍රාමාත්‍ය)


මේ අනුව 1975.07.17 දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණ අතර ඊට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, නාත්තණ්ඩියයේ පක්‍දක්‍දාකර හිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රේමදාස උඩගම හා අග්‍රාමාත්‍යතුමියද එක්වූහ.
විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවා සියක් වසක් සපිරෙන 1975.11.01 දින සිහිපත් කරමින් 1975.10.15 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යතුමියගේ මෙහෙයවීම පරිදි විද්‍යාලංකාර පිරිවෙන සතු සාංඝික පූජනීය ගොඩනැගිලි සහිත භූමිභාගය යළි පවරාදීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනිණි.


විද්‍යාලංකාර සමාජවාදී භික්‍ෂු පරපුර හා ප්‍රතිගාමි දේශපාලන බලවේග සමග දිගින් දිගටම පැවැති අරගලවලදී ප්‍රධාන බලකණුව ලෙස කටයුතු කළේ උප පරිවේනාධිපති යන්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියෝය. 


1959 දී විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වූ විට පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් එහි උප කුලපති ධුරයට පත් වූ හෙයින් පරිවේණාධිපති තනතුරට උප පරිවේණාධිපති ප්‍රඥාරාම නාහිමියන් පත්කෙරිණි.


විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලැබූ ශිෂ්‍යයන් සිය ගණනකගේ අනාගත ආශිර්වාදය සඳහා අලුත් ඉඩම් හා ගොඩනැගිලි සපයාගැනීමේ භාරධූර කටයුත්තට අතගැසී පරිවේණාධිපති ප්‍රඥාරාම නාහිමියෝ දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන හා පන්ති පිරිස විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවා පිරිවෙන් අධ්‍යාපනයට නව ජීවයක් ලබාදුන්හ.


යක්කඩුවේ නාහිමියන් විසින් සිදුකළ පෙරළි අතර ‘සිංහල භාෂා විප්ලවයද’ අමතක කළ නොහැකිය. එය ඓතිහාසික දේශපාලන ගැටුමකටද බලපෑ කරුණක් විය. උන්වහන්සේ අතින් ලියැවුණු අපූරු මාදිලියේ නිබන්ධන පෙළක් විය. ඒවා හැඳින්වුණේ ‘වනකතා’ නමිනි.


එය ඉන්දියාවේ ‘පංචතන්ත්‍ර’ය කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන අතර ඒ සඳහා ග්‍රාම්‍ය ව්‍යවහාර බස් ඇතුළත් හෙළ බස උපයෝගී කර ගෙන තිබිණ. සිංහල භාෂාවේ ජීවය රැඳී ඇත්තේ ව්‍යවහාර බස තුළ බව උන්වහන්සේ පෙන්වා දෙති.


මෙහි විශේෂත්වයක වූයේ එක් ශ්ලෝකයක රජයේ ‘ඇමැතිවරුන්’ ගැන සඳහන් වී තිබීමය. කැලෑ සතුන්ගේ හැසිරීම උපයෝගි කරගෙන රාජ්‍යතන්ත්‍රය උපහාසයට ලක් කරන බවටත් මෙම පොත එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව එල්ල කර ද්වේශයෙන් ලියැවුණක් බව වැරැදියට වටහාගත් 1965 පැවති එජාප රජය විසින් එය තහනම් කෙරිණි.


තවත් වතාවක එක්තරා විචාරකයන් පිරිසක් ගුත්තිලයේ එන “ද්‍රෝහියා මූසිලයා නොව ගුත්තිල ඇදුරාම” යයි වැරැදි අර්ථකතනයක් දී දුර්මතයක් රට පුරා ප්‍රචාරය කළහ. ඊට පිළිතුරු වශයෙන් යක්කඩුවේ හමුදුරුවෝ ‘ගුත්තිල විචාර විචාර’ නමින් පොතක් ලියූහ. මෙලෙස සිංහල බසත් සාහිත්‍යයන් විනාශ කිරීමට ප්‍රතිගාමින් හා දුර්මතධාරීන් කළ ප්‍රයන්ත සියල්ල පරාජය කර නිවැරැදි රසවාද විචාරයක් උන්වහන්සේ රටට හඳුන්වා දුන්හ. 


මෙවැනි පතපොත රැසක්ම තහනම්වූයේ ප්‍රතිගාමී දේශපාලන පක්‍ෂ බලයට පත්වූ විටදීය. බණ්ඩාරනායක යුගවලදී විද්‍යාලංකාරයේ පතපොතට තිබූ තහනම ඉවත්කෙරිණ.

 

 

 

මතු සම්බන්ධයි.

 

ඡායාරූප / සටහන :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි