IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වණ්ඩු ආප්පයෙන් රට හොල්ලපු හැටි

 

1961 සිට 1963 දක්වා ඇමරිකා ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ ආරක්ෂක ලේකම් තනතුර දැරුවේ ඔහුය. එය ඇමරිකාවේ ජනාධිපති තනතුරට නොදෙවැනි තනතුරකි. 1968 සිට 1981 දක්වා ලෝක බැංකුවේ සභාපති ධුරය දැරුවේ මේ රොබර්ට් මැක්නමාරාය. ඇමරිකාවේ දීර්ඝතම කාලයක් ආරක්ෂක ලේකම් තනතුර දරූ පුද්ගලයා ඔහුය.

 

මේ ලියන්නේ 2014 ඔක්තෝබර් මස එක් දිනක එවකට සෞඛ්‍ය ඇමති වූ මෛත්‍රීපාල සිරිසේන අරලියගහ මන්දිරයට ගොස් මහින්ද ජනපතිවරයා දුන් ආප්ප කෑමේ සිද්ධිය ගැන නොවේ. එමෙන්ම මෙම ආප්ප අනුභවයෙන් පසු සිදු වූ මෛත්‍රීගේ පෙරළිය පිළිබඳවද නොවේ. යථෝක්ත පෙරළිය ගැන මම පොත් දෙකක්ම ලියා පළ කර ඇත්තෙමි. එම පොත් ලංකාව පුරා උණු කැවුම් මෙන් විකිණී ගියේය. 


අරලියගහ මන්දිරයේදී ආප්ප කැමේ සිද්ධියෙන් පසු ශ්‍රීලංකාවේ සිදු වූ පෙරළිය බහුතර ජනතාවගේ ප්‍රසාදයට පත් වී ඇද් දැයි දැනගත හැක්කේ ඊළඟ ජනපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදීය. මෛත්‍රීපාල සිරිසේනගේ ආප්ප ගිලීම තුළින් රටට යහපතක් සිදුවීද? එය වෙනම කතාන්දරයකි. මේ ලියන්නේ එම කතාන්දරය ද නොවේ. 
මේ ලියන්නට යන්නේ මීට වසර 45 කට පෙර එනම් 1978 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේනගේ නිජ බිම වූ මින්නේරිය ජනපදයේ සිදු වූ ආප්ප කෑමේ සිද්ධියක් ගැනය. 2019 මැයි මාසයේ දී මා පොළොන්නරුව පළාතේ කළ සංචාරයේදී මින්නේරිය වැව ඉස්මත්තේ දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකරන මගේ මිතුරකු හමු විය. ඔහු මින්නේරිය වැව් කණ්ඩියේ සිට එම සිද්ධිය ආවර්ජනය කළේය. මෙය නිකන් ආප්ප නොව වණ්ඩු ආප්ප කෑමේ සිද්ධියකි. එවකට මම ජේ. ආර්. ගේ රජයේ මාධ්‍ය ලේකම් තනතුරක් දැරුවෙමි.   


එදා මින්නේරිය ගොවි ජනපදයේ කොලනි ගෙයකට රාජ්‍ය නිලධාරී පිරිසක් සමග ඇමරිකන් සුද්දෝ කීප දෙනකුම ගොඩ වැදුනහ. ඇමරිකන් ඩිකී යනුවෙන් හැඳින් වූ ජේ. ආර්. ජනපතිගේ ඇරයුමෙන් මෙම සුද්දෝ දිවයිනට පැමිණ සිටියහ. මෙම සුද්දන්ගේ ප්‍රධානියා රොබර්ට් මැක්නමාරාය. (ඍදඉැරඑ ඵජබ්ප්ර්) 1961 සිට 1963 දක්වා ඇමරිකා ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ ආරක්ෂක ලේකම් තනතුර දැරුවේ ඔහුය. එය ඇමරිකාවේ ජනාධිපති තනතුරට නොදෙවැනි තනතුරකි. 1968 සිට 1981 දක්වා ලෝක බැංකුවේ සභාපති ධුරය දැරුවේ මේ රොබර්ට් මැක්නමාරාය. ඇමරිකාවේ දීර්ඝතම කාලයක් ආරක්ෂක ලේකම් තනතුර දරූ පුද්ගලයා ඔහුය. 


මින්නේරි දෙවියෝ යනුවෙන් හඳුන්වනු ලැබූ සී. පී. ද සිල්වාගේ ප්‍රතිමාව පේනතෙක් මානයේ සිට එදා වණ්ඩු ආප්ප කෑවේ මේ කියන සුද්දා ප්‍රමුඛ පිරිසයි. පිදුරු සෙවිලි කළ පැලේ තිබු කැවුම්, කොකිස්, අළුවා, කිරිබත් ආදී දේශීය කැවිලි වර්ග අතරින් සුද්දන්ගේ හිත ගියේ වණ්ඩු ආප්පවලට සහ කුරහන් හැලපවලටය. 


ලෝක බැංකු සභාපති මැක්නමාරා ලෝක බැංකුවේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස සමග වැඩියෙන්ම කෑවේ වණ්ඩු ආප්ප සහ හැලපය. 

 

ඇමරිකා ජනපති ජෝන් එෆ්. කෙනඩි සමග රොබර්ට් මැක්නමාරා

 

 


1977 වසරේ සිට වසර 12ක් මුදල් ඇමතිවරයා වශයෙන් අයවැය ලේඛන 12ක් ඉදිරිපත් කර වාර්තාවක් පිහිටවූ රොනි ද මැල් මේ විදේශ රාජ්‍ය දූත පිරිස කොළඹින් ඈත එපිට ප්‍රදේශයට මෙසේ යැව්වේ ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය ඔවුන්ට පෙන්වා දීම සඳහාය. ඔහුට මේ අදහස ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමති වූ එවකට ජනපති තනතුර දැරූ ජේ. ආර්. ජයවර්ධනය. 


මින්නේරියේ පහේ කොලනියේ පැලකින් ආප්ප කෑ මැක්නමාරා ප්‍රමුඛ පිරිස ගොවිජනපද ව්‍යාපාරවල ඇවිදිමින් රටේ කෘෂි ආර්ථිකය සහ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තේය. ඉන් දින කීපයකට පසු ඇමෙරිකාවට ගිය මැක්නමාරා ඩොලර් මිලියන ගණනක දැවැන්ත ආධාරයක් ලංකාවට ලබා දුන්නේය. එය ඒ දක්වා ලෝක බැංකුව ලංකාවට සැපයූ විශාලතම ආධාර මුදල විය. 


වොෂින්ටනයට ගිය මැක්නමාරා ලොව නොදියුණු රටවලට ආධාර සැපයීමේ කටයුතු වේගවත් කිරීම සඳහා ලෝක බැංකුවේ සේවක සංඛ්‍යාව 1600 සිට 5700 දක්වා වැඩි කළේය. 1978 දී දිළිඳු ගොවියකු විසින් රජරට දී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවස පේන තෙක් මානයේ සිට ලෝක බැංකු ලොක්කාට ආප්ප කැවීමෙන් රටට ඉමහත් සෙතක් සිදු විය. 2004 දී මහින්ද ජනපති විසින් මෛත්‍රීපාල සිරිසේනට ආප්ප කැවීමෙන් පසු රටට සෙතක් සිදු වුණේද?

 

 


සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (2)

වණ්ඩු ආප්පයෙන් රට හොල්ලපු හැටි

sam Saturday, 08 June 2019 11:18 AM

මේ සංචාරයේදී ඉතාම පරණ ඇමරිකානු කැටපිලර් යන්ත්‍රයක් (බුල්ඩෝසර් එකක්) වැඩ බිමක තියනවා දැකපු මැක්නමාරා මහතා ඒක බලන්න ගිහිල්ලා තියනවා. ඒ වෙනකොට එම යන්ත්‍ර භාවිතයෙන් ඉවත් කරලාත් වසර හතළිහක් පනහක් පමණ වන නිසා මේක තවම වැඩ කරනවා කියන එක එතුමා පිලි අරගෙන නැහැ. එහි ක්‍රියාකරු එවිට යන්ත්‍රය පන ගන්වා පෙන්වුවාලු. ඒක පණ ගන්වන්න කොහු ලණු කැරැල්ලක් ඉන්ලට් මැණුෆෝල්ඩ් එකේ ඔතලා, ඩිසල් වලින් ලනුව පොඟවලා ගිනි තියලා මැණුෆෝල්ඩ් එක හොඳට රත් කරනවාලු. ඉන්පසුව වෙනත් වාහනයක බැටරිය අල්ලලා ස්ටාර්ටර් එක ගහපු ගමන් එන්ජිම ස්ටාර්ට් ලු. මේ සිද්ධියට ඒ කාලේ විශාල ප්‍රසිද්ධියක් ලැබුනා. ඒ වාගේම මැක්නමාරා මහතාගේ ප්‍රශංසාවටත් ලක් වුනා.

:       1       9

RoyfedricksSunday, 09 June 2019 07:05 AM

සෑම්, ඔබ කොහෙන්ද මේ ප්‍රවෘත්තිය හොයා ගත්තේ? මුලාශ්‍රය සදහන් කල හැකිද? නැතිනම් මෙය ගල් පැලෙන බේගල් ප්‍රබන්ධයක්ද?

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28467 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10951 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site