IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රාජපක්ෂ ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

විපක්ෂයට ගිය ආණ්ඩුව  යළි ගැනීමේ ඇමති  කිරිඇල්ලගේ මෙහෙයුම-2

  • වැදගත්ම කාරණය වන්නේ ජනපති මෛත්‍රී හා මහින්ද රාජක්ෂ කඳවුර අතර බැඳීමක් ඇතිවේයැයි කිසිවකු හෝ නොහිතීමය. එසේ නොසිතුවේ එයට කිසිදු පදනමක් නොවූ බැවිණි. මෛත්‍රීපාල පිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයද අතහැර එජාපය සමග එක්වූයේ රාජපක්ෂ පවුල සමග තිබූ ගැටුම් මෝරා ගිය හෙයිනි. තිබූ ගැටුම් කෙතරම් තියුණුද යත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යම් හෙයකින් මා පරාජය වූවානම් අඩි හයක් පොළොව යට බවය.

 

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ කළ විශේෂ ප්‍රකාශය මහින්ද කඳවුරට විශාල උත්තේජනයක් ගෙන දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නොයෙක් ආකාරයෙන් බාධා කළද එම බාධා මැඩගෙන සිය විශේෂ ප්‍රකාශය කිරීමට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමත්විය.


සැබැවින්ම එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සිටියේ එක් අතකින් ලජ්ජාවකිනි. ඔවුන් හා තිබූ ආණ්ඩුව හොරු රැගෙන ගිය සේය. මෙබඳු දේශපාලන පෙරැළියක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිහිනයෙන් හෝ නොසිතූහ. එක් අතකින් රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු බලයට රැගෙන ඒමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනි.


එක්සත් ජාතික පක්ෂය සතු ජනාධිපති අපේක්ෂකත්වය පොදු අපේක්ෂකයා ලෙස කරළියට පිවිසි මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීමට තරම් එක්සත් ජාතික පක්ෂය පරිත්‍යාගශීලී විය. එම ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ අතර ඔවුන්ගේ සහයෝගය පොදු අපේක්ෂකයාට හිමි විය. ඒ වෙනුවෙන් රැස්වීම් නොපැවැත්වුවද ජවිපෙ නිහඬවම පොදු අපේක්ෂකයාට සහාය පළ කළේය. මෙම පරිසරය තුළ පොදු අපේක්ෂක මෛත්‍රීව කරේ තබාගෙන රට පුරා ගියේ එක්සත් ජාතික පක්ෂයය. එහෙව් ජනපති මෛත්‍රී තමන්ට මෙසේ සලකාවි යැයි එජාපයේ මන්ත්‍රීවරු කිසිවිටෙකත් නොසිතූහ.


අනෙක් වැදගත්ම කාරණය වන්නේ ජනපති මෛත්‍රී හා මහින්ද රාජක්ෂ කඳවුර අතර බැඳීමක් ඇතිවේයැයි කිසිවකු හෝ නොහිතීමය. එසේ නොසිතුවේ එයට කිසිදු පදනමක් නොවූ බැවිනි. මෛත්‍රීපාල පිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයද අතහැර එජාපය සමග එක්වූයේ රාජපක්ෂ පවුල සමග තිබූ ගැටුම් මෝරා ගිය හෙයිනි. තිබූ ගැටුම් කෙතරම් තියුණුද යත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යම් හෙයකින් මා පරාජය වූවානම් අඩි හයක් පොළොව යට බවය.


එබඳු ප්‍රතිවිරෝධයක සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද කඳවුර අතර සම්බන්ධයක්, සහජීවනයක් ගොඩනැඟේවි යැයි කිසිවෙක් අපේක්ෂා නොකළහ. එජාප මන්ත්‍රීවරු ඒ අතර පෙරමුණේම වූහ. එහෙත් සිදු වූයේ කිසි දිනෙක එක් නොවේ යැයි සිතූ මෛත්‍රී හා මහින්ද අතර සන්ධානයක් ගොඩනැගීමය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ අගමැති ධුරයද මහින්ද රාජපක්ෂ අතේය. එක්සත් ජාතික පක්ෂයට තිබූ මැති ඇමැති තනතුරුවල සන්ධානයේ මන්ත්‍රීවරු දිවුරුම් දෙති. මෙම පරිසරය තුළ එජාපයේ මන්ත්‍රීවරුන්ට ලජ්ජාවක් ඇති වීම විමතිය දනවන්නක් නොවේ.


“මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධියි. රටේ නීතියට පටහැණිව මෙහෙම කරන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ තරුණ මන්ත්‍රීවරු හැටියට කාගෙවත් ලණු කන්ගේ නැතිව පක්ෂයත් එක්ක ඉන්න.” ලක්ෂමන් කිරිඇල්ල තම පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට එසේ නිතරම කීවේය.


අගමැති ධුරයේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර පළ වුවද එම ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ නම් පමණි. ඒ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බහුතර බලය නොවීය. එහෙයින් එජාපයෙන්, දෙමළ සන්ධානයෙන් හා මුස්ලිම් පක්ෂවලින් මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීමේ ක්‍රියාන්විතයක් වේගයෙන් කරළියට පැමිණ තිබිණි.


ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයකු සේම පාර්ලිමේන්තුවේ සභානායකය. සභානායක තනතුර දෙවැනි වන්නේ අගමැති ධුරයට පමණි. අගමැතිවරයා පාර්ලිමේන්තුවේ නොසිටින්නේ නම් ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ සභානායකවරයාය. ඒ අර්ථයෙන් මේ මොහොත වනවිට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට විශාල වගකීමක් පැවරී තිබිණ. ඒ පක්ෂය, මන්ත්‍රීවරුන් රැක ගනිමින් මහින්ද කඳවුරට ගිය ආණ්ඩුව යළිත් තමන් අතට ගැනීමය.


අගමැතිවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කළ මහින්ද රාජපක්ෂ මහතා නැවත අසුන් ගත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ වේගවත් අත්පොළසන් හඬ මැදය. තම ආණ්ඩුවට දැන් ඉතින් කවර අභියෝගයක්දැයි අලුත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සිතුනා විය යුතුය.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශය කර අසුන් ගන්නවාත් සමගම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගී සිටියේය.


“ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා එතුමාගේ කතාව කෙරෙහි විශ්වාසය නොමැති බවට යෝජනවක් මම ඉදිරිපත් කරනවා” එම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව දැඩි ඝෝෂාවකින් පිරී ගියද කතානායක කරු ජයසූරිය මහතා ඡන්ද විමසුමකට ගියේය. තමන්ට බහුතර බලය නොමැති බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අලුත් ආණ්ඩුව එම ඡන්ද විමසීම වර්ජනය කළේය.


මහින්ද මහත්තයා කතාව කරලා වාඩිවෙනවාත් සමගම තමයි මම නැගිට්ටේ. මම නැගිටලා ඡන්දයක් ඉල්ලුවා. හැබැයි මම එහෙම ඡන්දයක් ඉල්ලුවේ අගමැතිතුමාගෙන් අහලා හෝ කතානායකතුමාගෙන් අහලා නම් නොවෙයි. මගේ හිතුමනාපෙට ඉල්ලුවේ. හැබැයි වැඬේ හරි ගියා. එදා තමයි ඒ ආණ්ඩුවේ පළමු වැටීම වුණේ. ඒ ආණ්ඩුවට බහුතර බලය නැහැ කියන එක ඔප්පු වුණේ එදා. ඒ වැටුණු වැටිල්ලෙන් නැගිටින්න ඒ ආණ්ඩුවට බැරි වුණා” ඇමති ලක්ෂමන් කිරිඇල්ල කියයි.

 


(තවත් කතා ලබන සතියට)

 

සටහන : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

රාජපක්ෂ ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site