මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

 

යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

06 වැනි කොටස

 

 

අලිමංකඩ දකුණු ප්‍රදේශයේ සිට ඉදිරියට පැමිණි හමුදා සත්ජය මෙහෙයුම මගින් ආරම්භයේදීම පරන්තන් ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තත් ඉන් ඉදිරියට කිලිනොච්චිය දෙසට ගමන් කිරීමේදී බාධක රැසකට මුහුණ දුන්නේය. රිවිරැසේදී දැඩි කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් හා දක්ෂ ලෙස සටන් කළ සෙබළු විශාල වශයෙන් තුවාල ලැබූහ. තවත් එවැනිම පිරිසක් මිය ගියහ. විශේෂයෙන්ම පරන්තන් ප්‍රදේශයේ භූ පිහිටීමට අනුව එහි ඇති තැනිතලා බිමේ හෙවත් 7නප දුර වෙල්යායේදී තමන්ට සුපුරුදු ලෙස ඛඔඔෑ ය තම යුද දක්ෂතා උපරිම ලෙස දැක්වීය. 


විශේෂයෙන්ම මෙම තැනිතලා බිමේ ඛඔඔෑ ප්‍රතිවිරෝධය හමුවේ ප්‍රහාරක බළඇණිවලට ඉදිරියට ගමන් කළ නොහැකි වූ තැන ඊට විකල්ප සෙවූ හමුදා නායකයන් නව අත්හදා බැලීමක ද නිරත විය. ඒ යුද ටැංකි සහ සන්නද්ධ රථ 50ක් පමණ එක්කර බි්‍රගේඩියර් ගාමිණී බාලසූරියගේ මෙහෙයවීම යටතේ ගජබා රෙජිමේන්තුව යොදවා යාන්ත්‍රික පාබළ ඵැජය්බස‘ැා ෂබfැබඑරහ ඒකකයන් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාපනය කිරීමය. එහිදී මෙම ඒකකය ක්ෂණික ‘ඵ්ජ ෂබfැබඑරහ ්ි්මකඑ. ප්‍රහාරයක් මගින් පරන්තන් ප්‍රදේශයේ තැනිතලා බිම් සතුරාට එරෙහිව ආක්‍රමණය කළ යුතු විය.


කෙසේ වෙතත් නියමිත පරිදි සන්නද්ධ රථ 50කට ආසන්න සහභාගි වූ ‘ඵ්ජ ෂබfැබඑරහ ්ි්මකඑ. ක්‍රියාන්විතය පරන්තන් ප්‍රදේශයේ තැනිතලා බිමෙහිදී ඇරඹි අතර සතුරු ප්‍රතිප්‍රහාර හමුවේ ඉන් විනාඩි කිහිපයකට පසුව සන්නද්ධ රථ පසුබැස්සේ ප්‍රබල ප්‍රහාරයකට ලක්වූ පරාජිත මානසිකත්වයෙන් යුත් සෙබළුන් පිරිසක්ද යුද බිමෙන් පලායනවා වැනි දසුනක් ද ඇති කරමිනි. එහිදී එම සන්නද්ධ රථවලින් විශාල ප්‍රමාණයක් සතුරු ප්‍රහාර හමුවේ විනාශ වූ අතර අනෙක්වා තම පාලන ප්‍රදේශයට පසුබැස්සේ එකිනෙක හා ගැටෙමින්ය. මෙය දුටු සමහර හමුදා නිලධාරියෙක් පැවසුවේ “අපි යුද්දෙදී කොල්ලො දුවනව දැකල තියෙනව. ඒත් ටැංකි දුවනව දැක්කෙ අදයි” යනුවෙනි. කෙසේ වෙතත් ඉන් පසුව දැඩි වෙහෙසකර උත්සාහයකින් පසුව 1996 ඔක්තෝබර් දෙවැනිදා සත්ජය මෙහෙයුමේ තුන්වන අදියර මගින් අලිමංකඩ සිට කිලිනොච්චිය දක්වා ක්‍රියාත්මක වූ සත්ජය මෙහෙයුම සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා හමුදාවන් සමත් වුවත් එම ක්‍රියාන්විතය අතරතුරදී සැපයුම්වල හිඟතාව සහ තුවාලකරුවන් ඉවත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්න ප්‍රබල ලෙස ඉස්මතු විය.
සත්ජය මෙහෙයුම එලෙස නිමා වෙද්දී ඊට පෙර රිවිරැස සහ අනුක්‍රමික සත්ජයට සහභාගි වූ පිරිස්වල යුද වෙහෙස මෙන්ම මෙම ක්‍රියාන්විතය මගින් බලය තහවුරු කරගත් ප්‍රදේශ යළි සතුරාට නොදී රැක ගැනීම පිළිබඳ කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් නොමැතිවම ්9 මාර්ගය වව්නියාව සිට කිලිනොච්චිය දක්වා 65නප අත්කර ගැනීමේ සිහිනය ‘ජයසිකුරු’ නමින් 1997 මැයි 13 වැනි දින ක්‍රියාවට නැඟුණි. ආරම්භයේදී වව්නියාවෙන් දිශානති දෙකක් ඔස්සේ ඉදිරියට ගිය ජයසිකුරු සේනාවන්හි එක් කණ්ඩායමක් ඕමන්තේ සිට නොච්චිමොඩායි දක්වා ද තවත් කණ්ඩායමක් නැදුන්කර්නි සිට ඩොලර් සහ කෙන්ට් ෆාම් (මානෙල් ආරු) වෙතද ගමන් කළහ. එහෙත් පසුකාලීනව ්9 මාර්ගය ඔස්සේ වන්නි කැලයේ වැඩි බිම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාව යටතට පත් වීමේදී  හමුදාව මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූයේ හමුදා භට පිරිස්වල වූ හිඟයයි. එතැන් සිට ජයසිකුරු මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා නායකයන් විවිධ වූ උපක්‍රමික හා උපායමාර්ගයන් ඉදිරිපත් කරන්නට වූවත් කිසිවකු හට අවසන් අරමුණු කරා සාර්ථකව ළඟා විය හැකි පැහැදිලි හා සෘජු උපායමාර්ගයක් නොවීය. ඒ අනුව ක්‍රියාන්විතය ඉදිරියට ගෙන ගිය උපායමාර්ග හමුදාව තුළින් ම විවේචනය වීම ආරම්භ විය. වන්නි කැලය විශාල ජීවිත හා දේපළ ප්‍රමාණයක් වැය කොට අල්ලා ගැනීමත් එය රැක ගැනීමත් තුළින් කිසිදු උපක්‍රමික වශයෙන් වැදගත් ජයග්‍රහණයක් උදා නොවන බවට තර්ක මතු විය. තවද ජයසිකුරු ක්‍රියාන්විතය අසාර්ථක වෙත් ම එය හුදෙක් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ ගේ පෞද්ගලික තීරණයක් මත ක්‍රියාවට නැඟෙන්නක් බවටද හමුදාවේ සමහර නිලධාරීන්ට අනුව යමින් ජනමාධ්‍ය විසින් සමාජය තුළ තහවුරු කරන ලදී.


ජයසිකුරු ක්‍රියාන්විතයේ අවසන් අරමුණ වූ ්9 මාර්ගය ඛඔඔෑ ග්‍රහණයෙන් මුදාගෙන යාපන අර්ධද්වීපය හා ප්‍රධාන ගොඩබිම අතර ගොඩබිම් සැපයුම් මාර්ගයක් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සාමසාධක හමුදාවේ හිටපු අණදෙන නිලධාරී ජෙනරාල් ඒ. එස්. කල්කට් 1995 දී ෆ්‍රරන්ට්ලයින් සඟරාවේ කර්තෘ එන්. රාම් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසීය. “ශ්‍රී ලංකා හමුදාව අර්ධද්වීපය තුළ දී ලද යුදමය ජයග්‍රහණය පූර්ණත්වයට පත්වීමට නම් අනිවාර්යයෙන්ම ගොඩබිම් සැපයුම් මාර්ගයක් වශයෙන් ්9 මාර්ගය ඛඔඔෑ යෙන් මුදා විවෘත කළ යුතුවම ඇත.” කෙසේ වෙතත් අර්ධද්වීපයට ගොඩබිම් සැපයුම් මාර්ගයක අවශ්‍යතාව ප්‍රබලව දැනෙද්දී ්9 මාර්ගය ඛඔඔෑ ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට විකල්ප යෝජනාවක් වූයේ මන්නාරම සිට පුනරීන් දක්වා වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව නව මාර්ගයක් විවෘත කර එය යාපනය කළපුව ඔස්සේ යාපනය නගරයට සම්බන්ධ කිරීම පිළිබඳ වූ යෝජනාවය. එහෙත් විවිධ තර්ක විතර්ක හා සම්පත් සීමාවන් පිළිබඳ ප්‍රශ්න ඉදිරියේ එම යෝජනාව පසෙකට තල්ලු වී ගියේය.
කෙසේ වෙතත් ජයසිකුරු මෙහෙයුමේ මූලික අරමුණ වූ ්9 මාර්ගය සතුරාගෙන් නිදහස් කර ගැනීමට හැකි වී නම් ඒ වන විට වන්නි කැලයට පසු බැස සිටි ඛඔඔෑ ය තව දුරටත් හුදකලා වනු ඇත. නැතහොත් ්9 මාර්ගය ඔස්සේ වන්නි ප්‍රදේශය දෙකට බෙදී යනු ඇත. එම බෙදී යාමේ දී ්9 මාර්ගයට බටහිරින් වූ (මඩු, මන්නාරම) කොටසට අවශ්‍ය සියලුම සැපයුම් ඛඔඔෑ ය වෙත අහිමි වනු ඇත. ඒ අනුව එම කොටසේ ඛඔඔෑ ක්‍රියාකාරකම් අක්‍රීය වනු ඇත. මන්දයත් ඛඔඔෑ ය සඳහා වූ සියලුම ජාත්‍යන්තර සැපයුම් ලැබුණේ වන්නියට නැගෙනහිරින් වූ මුලතිව් මුහුද ආශ්‍රිතව වූ අතර වන්නියට බටහිරින් වූ වෙරළේ (මන්නාරම) නොගැඹුරුකම නිසාම එම කොටස සඳහා කිසිදු මහා පරිමාණ සැපයුමකට ඉඩක් විවෘත නොවේ. එවැනි තත්ත්වයක් යටතේ ඛඔඔෑ යට ඉතිරි වන්නේ ්9 මාර්ගයෙන් නැගෙනහිර කොටසේ වූ මුලතිව් ප්‍රදේශය පමණි. එහි දී නාවික හමුදාවේ උපරිම ධාරිතාව යොදවා ඛඔඔෑ මුහුදු සැපයුම් බහුලව සිදු කෙරෙන මුලතිව් ආශ්‍රිත නැගෙනහිර මුහුද වටා ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක කරවීම සිදු කළ හැකි වූයේ නම් ශ්‍රී ලංකා හමුදාවට යාපන අර්ධද්වීපය සඳහා ප්‍රධාන ගොඩබිම් සැපයුම් මාර්ගයක් විවෘත වන අතරම ඛඔඔෑ ය සඳහා වන සියලු සැපයුම් මාර්ගවලට බාධා පැමිණීම තුළ ම ඔවුන්ගේ චිත්ත ධෛර්යය හීන වී තව දුරටත් අක්‍රීය තත්ත්වයකට පත්කරවීමට අවස්ථාව උදාවීමට ඉඩ තිබිණි. ජය සිකුරු ක්‍රියාන්විතය යම් හෙයකින් සාර්ථක වූවා නම් මෙවැනි නව තත්ත්වයක් උදාකර ගැනීමට හැකියාව තිබූ බව සැබෑ වුවත් දෙපසින් මහ වනයේ 65 නප පුරා වව්නියාවේ සිට කිලිනොච්චියට දිවෙන තාර පාරක් එම මහ මග ඔස්සේම යමින් නිදහස් කර ගැනීමට ගත් යුදමය උත්සාහය කොතරම් දුරකට උපක්‍රමික වැදගත්කමකින් යුක්තද යන්න සාධාරණීකරණය කළ නොහැකි ප්‍රශ්නයකි. මන්ද යත් යුද කලාවට අනුව සෑම විටම හමුදා ක්‍රියාන්විතයක් සිදු කළ යුත්තේ උපක්‍රමික වැදගත් කමකින් යුත් භූමියක් මත බැවිනි. :ඕජඑසජ්ක ෂපචදරඒබඑ ඨරදමබා* 


අර්ධද්වීපයට පහළින් වන්නි ප්‍රදේශයේ හුදකලා වූ මුලතිව් කඳවුර මෙන්ම පුනරීන් කඳවුර ස්ථාපිත කිරීමේ දී ඒ සඳහා මූලිකව කටයුතු කළ මේජර් ජනරාල් කොබ්බෑකඩුව සහ බි්‍රගේඩියර් විජය විමලරත්න මෙම කඳවුරු දෙක පිළිබඳ දැරූ මූලික ස්ථාවරය තුළින් ඔවුන් සතු පෙරවිසි නුවණ මැනවින් ප්‍රකට වෙයි. ඛඔඔෑ ජාත්‍යන්තර සැපයුම් සඳහා විවෘතව පැවති මුලතිව් ප්‍රදේශයේ බාධක මධ්‍යයේ සහ අවදානමද සහිතව වූවත් එලෙස සෙබළු දහසකට අධික සංඛ්‍යාවක් සහිත විශාල පරිමාණයේ කඳවුරක් පවත්වා ගැනීම ඛඔඔෑ යෙහි චිත්ත ධෛර්යයට ප්‍රබල පහරක් වන අතරම ඔවුන්ගේ සැපයුම් මාර්ගවලටද මහත් බාධාවකි. තවද වැලිඔය ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස ද එම කඳවුර ඉතා වැදගත් වූ අතරම අනෙක් අතට කෙදිනක හෝ වැලිඔය ප්‍රදේශය ඔස්සේ වන්නි සහ මුලතිව් ප්‍රදේශවලට එල්ල කරන ප්‍රහාරයකදී ද මෙම මුලතිව් කඳවුර උපක්‍රමික වශයෙන් වැදගත්ම තත්ත්වයකට පත්වනු ඇතැයි මේජර් ජනරාල් කොබ්බෑකඩුවගේ සහ බි්‍රගේඩියර් විමලරත්නගේ විශ්වාසය විය. සත්‍ය වශයෙන්ම ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම දක්‍ෂ හමුදා නායකත්වයක් සහිතව මුලතිව් කඳවුර උපක්‍රමික වශයෙන් වැදගත්ම තත්ත්වයකට පත්වනු ඇතැයි මේජර් ජනරාල් කොබ්බෑකඩුවගේ සහ බි්‍රගේඩියර් විමලරත්නගේ විශ්වාසය විය. සත්‍ය වශයෙන්ම ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ම දක්‍ෂ හමුදා නායකත්වයක් සහිතව මුලතිව් කඳවුර පැවතියේ නම් 1996 දී සිදු වූ එම මුලතිව් ඛේදවාචකය සිදු නොවන්නට ඉඩ තිබිණි. එසේ නම් ජයසිකුරු ක්‍රියාන්විතය සඳහා වන ප්‍රධාන ගාමක බලවේගය සපයන කඳවුර වන්නේද එම මුලතිව් කඳවුරම වන අතර ජයසිකුරු ක්‍රියාන්විතය අසාර්ථක වී වන්නි පසුබැසීම වැනි සිදුවීමක් නොවන්නටද බොහෝ විට ඉඩ තිබිණි.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.