IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හඳෙන් හාල් වෙනුවට තරු පෙන්වූ හාල් පොත

 

මීට වසර තිහ හතළිහකට ඉහත මෙරට විසූ බාල තරුණ, මහලු ආදී හැම දෙනෙකුටම පාහේ රජයෙන් හාල් කූපන් පොත් ලබා දී තිබුණේය. එම හාල් කූපන් පොත ගමේ සමූපකාර ප්‍රාදේශීකයට හෝ බලයලත් වෙළෙඳ නියෝජිතයාට ඉදිරිපත් කර සතිපතා නිශ්චිත සහල් සලාකයක් සහන මිලකට ලබා ගැනීමට අදාළ කූපන් පොත් හිමියාට හැකි විය.


ආරම්භයේ සිට 1965 වසර දක්වාම එක හාල් කූපන් පොතකට සතියකට හාල් සේරු දෙක බැගින් සහන මිලකට ලබාදුන් එම සහල් සලාකයෙන් හරි අඩක් කපා දැමූ ඩඞ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව ඉතිරි හාල් සේරුව නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබුණේය. ඒ අනුව ජනතාවගෙන් කිසිදු මුදලක් අයකර නොගෙන සෑම කූපන් පොතකටම සතියකට හාල් සේරුවක් නොමිලේ ලබාදුන් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා එකල එ.ජා.ප හිතවතුන් අතර හැඳින්වූයේ බත්දුන් පියා යනුවෙනි. 


හඳෙන් හෝ හාල් ගෙනැවිත් දෙන බවට 1970 මහ මැතිවරණයට පෙර ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව ද හාල් කූපන් පොත දිගටම පවත්වාගෙන ගොස් තිබුණේය. 


එසේ වුවද 1977 දී ධාන්‍ය රාත්තල් 8ක් දෙන බව කියමින් 5/6 ක පාර්ලිමේන්තු බලයක් හිමිකර ගත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලයක් තිස්සේ පැවැති හාල් සලාක පොත උපක්‍රමශීලීව අවලංගු කර දැමුවේ ජනතාව ලවාම තම තමන්ගේ හාල් කූපන් පොත රජයට පරිත්‍යාග කිරීමට ඉඩ සලසා දෙමිනි. “දැන් රටේ ජනතාවට ඕනෑ තරම් දේවල් කන්න තියෙනවා. එහෙමනම් මොකටද හාල් කූපන් පොතක්?” යි ඇසූ ජේ. ආර්. ජයවර්ධන මහතා එමගින් උත්සාහ ගෙන තිබුණේ තමන්ගේ සටකපට ක්‍රියාව ජනතාව හමුවේ සාධාරණීකරණය කිරීමටය. 


තවත් වසර කිපයක් ගතවන විට හාල්කූපන් පොත නැත්තටම නැතිවී ගියද 1982 ජනාධිපතිවරණ සමයේ දී ඊට යළි පණ ලැබුණේය. එසේ වූයේ එවර ජනාධිපති සටනට ශ්‍රී.ල.නි.ප.යෙන් ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා වෙනුවෙන් මුද්‍රණය කළ හාල් සලාක පොතක ආකෘතියක් ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක පත්‍රිකාවක් ලෙස රටපුරා බෙදාහැර තිබූ බැවිනි. එමගින් අදහස් කෙරුණේ එවර ජනාධිපතිවරණයෙන් කොබ්බෑකඩුව මහතා ජයග්‍රහණය කළහොත් ජේ. ආර්. ආණ්ඩුව මගින් මෙරට ජනතාවගෙන් උදුරාගන්නා ලද හාල් කූපන් පොත නැවත ජනතාවට ලබාදෙන බවයි. 


සැබෑ හාල් පොතක අනුරුවක් ලෙස මුද්‍රණය කර රටපුරා බෙදා හැරුණද එය සැබෑ හාල් කූපන් පොතක් නොවන බව එහි පැහැදිලිවම මුද්‍රණය කර තිබුණේය. එහෙයින් එය කිසිසේත්ම නීති විරෝධී ක්‍රියාවක් නොවන බව පක්ෂයේ නීතිඥ මණ්ඩලයේ ද අදහස විය. 


කෙසේ වෙතත් කොබ්බෑකඩුව මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් අතරතුර දහස් ගණනින් බෙදාහරින ලද එම හාල් කූපන් පොතේ අනුරුව පාක්ෂිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ ජේ. ආර්. ආණ්ඩුව ධාන්‍ය රාත්තල් අටක් දෙන බවට පොරොන්දුවී කාලයක් තිස්සේ තිබූ හාල් කූපන් පොත ද උදුරාගත් බැවිනි. වෙනකක් තබා එ.ජා.ප.යේ ආධාරකරුවන් පවා කොබ්බෑකඩුව මහතාගේ ජනාධිපතිවරණ රැස්වීම්වල දී බෙදාහරින ලද එම හාල් කූපන් පොතේ අනුරුව අතට ගෙන මහත් උනන්දුවෙන් බලන අයුරු නොයෙක් විට පෙනෙන්නට තිබුණි. 


“ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමුන්නාන්සේලා අත තිබූ හාල් කූපන් පොතත් උදුරාගත්තා. ඒත් මෙදා සැරේ අපේ කොබ්බෑකඩුව මැතිතුමා ජනාධිපතිවරණයෙන් ජයගත්තට පස්සේ අපි ඒ හාල් කූපන් පොත නැවතත් ජනතාවට ලබාදෙනවා.....! යි කියමින් කොබ්බෑකඩුව මහතාගේ ජන්ද ප්‍රචාරක රැස්වීම් දෙවනත් කළ කථිකයන් අතර විජය කුමාරතුංග, ඔසී අබේගුණසේකර සහ රත්නසිරි වික්‍රමනායක යන මහත්වරු ඉහළින්ම කැපී පෙනුණහ. 


මුලදී කොබ්බෑකඩුව මහතාට වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබුණ ද තම පක්ෂයේම ඇතැම් ප්‍රබලයන්ගේ කෙනෙහිලිකම් මධ්‍යයේ සහ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තරග කළ ඒ මහතාට 5/6 ක පාර්ලිමේන්තු බලයක් ද සහිත ජේ. ආර් පරාජය කළ නොහැකි විය. ජේ. ආර්. ජයවර්ධන මහතා එම ජනාධිපතිවරණයෙන් ඡන්ද 34,50,811 ක් ලබා ගනිද්දී කොබ්බෑකඩුව මහතාට ලැබී තිබුණේ ඡන්ද 25,48,438ක් පමණි. ඒ අනුව එවර ජනාධිපතිවරණයෙන් තම ජනාධිපතිධූරය තහවුරු කරගත් ජේ. ආර්. තම පරාජිත ප්‍රතිවාදියාට එළව එළවා පහර දුන්නේය. 


“කොහොමද කොබ්බෑකඩුවගේ ඡන්ද රැස්වීම්වල දී හාල් පොතක් බෙදුවේ? ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්! වහාම ඒ ගැන සොයාබලන්න.....!” යි ජේ. ආර්. ජනාධිපතිවරයා පොලිස්පතිගේ මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඒ අතරතුරය.

මෙය සැබෑ හාල් කූපන් පොතක් නොවන අතර එය හාල් කූපන් පොතක අනුරුවක් පමණකැයි එහි ඉතා පැහැදිලිව සඳහන්ව තිබියදීත් ජනාධිපතිවරයා කළ එම නියෝගය පදනම් විරහිත බව දැන දැනම ඒ ගැන සී.අයි.ඩී නිලධාරීන් යොදවා පරීක්ෂණ පැවැත්වීම තනිකරම විහිළුවක් බව මෙරට නීති විශාරදයන්ගේ පිළිගැනීම විය. එහෙත් ඒ පිළිබඳ සත්‍ය සිද්ධිය වූයේ ජේ. ආර්. පමණක් නොව ඔහුට පිටුපසින් සිටි මුළු ආණ්ඩු පක්ෂයම එම හාල් කූපන් පොතේ අනුරුවට ලැබුණු ජනතා ආකර්ෂණය ගැන දැඩි ලෙස බියට පත්ව සිටීමයි. 


ඊට අමතරව විජය ඇතුළු කීප දෙනෙකුට නැක්සලයිට් චෝදනාවක්ද ආණ්ඩුව පර්ශ්වයෙන් එල්ල වී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ විජය කුමාරණතුංග මහතා ඇතුළු තවත් කීපදෙනෙකුටම දහවල් කාලයේ පවා හිරුඑළිය නොවැටෙන අඳුරු කුටියක මාස කීපයක්ම සිරගතව සිටීමට සිදුවීමයි. මේ අතර කොබ්බෑකඩුව මහතා ද කොළඹ පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවට කැඳවා පැය ගණනක් තිස්සේ ප්‍රශ්න කර තිබුණේය. 

 

 

මේ කාලයේ වෙළෙඳ ඇමතිවරයා වූයේ පසු කාලයක දී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි උණ්ඩයට බිලිවී ඝාතනයට ලක්වූ ලලිත් ඇතුලත්මුදලි මහතාය. කොබ්බෑකඩුව පාර්ශ්වයට මුද්‍රණය කර බෙදාහැරීම සඳහා සැබෑ හාල් කූපන් පොතක බ්ලොක් තහඩුවක් ලබාදෙන ලදැයි කියමින් ඇතුළත්මුදලි මහතාගේ පෞද්ගලික ලේකම්වරයාද ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ මේ අතරතුරය. 
හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට ආධාරයක් වශයෙන් හොර හාල් කූපන් පොතක් මුද්‍රණය කිරීමේ සිද්ධියට අදාළව ඊට පෙර පැවති ආණ්ඩුවේ හිටපු දේශපාලනඥයන් විසිදෙනෙකුට අධික පිරිසකගෙන් ප්‍රශ්න කළ රහස් පොලීසිය නඩු නිමිත්තක් අල්ලා ගැනීමට සෑහෙන උත්සාහයක් ගෙන තිබුණේය. ඒ දිනවල විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් රටපුරා පතුරුවා හරින ලද්දේ එම හොර හාල් කූපන් පොත මුද්‍රණය කර බෙදාහැරීමේ සිද්ධියට අදාළ ලොමුඩැහැගන්වන සුලු ප්‍රවෘත්තියයි.


එම සිද්ධියට අදාළ මහ මොළකරුවා කවුරුන්දැයි දැනගැනීමට පොලීසිය සෑහෙන උත්සාහයක් දැරුවද ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි මෙන් අසාර්ථක විය. එසේ වූයේ “මේක තනි පුද්ගලයෙකුගේ වැඩක් නෙවි. අපේ පක්ෂයේ ප්‍රචාරක කොමිටිය තමයි මේ වැඬේ සැලසුම් කෙරුවේ...” එම සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගත් හැමදෙනෙකුම එකාවන්ව කියා සිටි බැවිනි. ඒ සමගම ඔවුන් කියා සිටියේ අදාළ හාල් කූපන් පොත සැබෑ හාල් කූපන් පොතක් නොවෙතැයි එහි පැහැදිලිවම සඳහන් කර තිබූ බවයි. 


“සර් මේ හාල් පොත් නඩුව උසාවියට දැම්ම ගමන් ඇකියුස්ලා නිදහස් වෙනවා. මොකද මෙතන නඩු නිමිත්තක් නෑ...” 


අන්තිමේදී ජනාධිපතිවරයාගේ නීති උපදේශකවරුන් ලොක්කා හමුවී එසේ කියා සිටියේ ඒ හැර වෙනත් විකල්පයක් තමන් හමුවේ නොමැති වූ බැවිනි. රටපුරා බලවත් ආන්දෝලනයක් ඇති කළ එම හොර හාල් කූපන් පොත් නඩුව තනිකරම පුස්වෙඩිල්ලක් බවට පත්වීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

හඳෙන් හාල් වෙනුවට තරු පෙන්වූ හාල් පොත

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site