(කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය)
රජරට පළාතේ ගමක ජීවත් වූ මැදිවිය ඉක්මවා සිටි සදානන්දට සීනි අමාරුව තදින්ම වැළඳී තිබුණි. දොස්තර මහතා ඔහුට උපදෙස් දී තිබුණේ පැණි රස නොකන ලෙසටය. එහෙත් සදානන්ද පැනි රස කෑමට දැක්වූයේ බලවත් ගිජුකමකි. බිරිඳ ඇතුළු දරුවන්ට සදානන්දගේ පුරුද්ද කරදරයක් වී තිබුණි. සෑම දිනකම රාත්‍රී කෑමෙන් පසු ගෙදර අයට හොරෙන් සීනි බෝතලයෙන් භාගයක්ම ඔහු හිස් කළේය.
මේ නිසා දවසින් දවස සීනි බෝතලය එක එක තැන්වල හංගා තැබීමට නිවැසියන්ට සිදුවිය.
එහෙත් සීනි හොරාට ගණ දෙවි නුවණ තිබූ නිසා උදේ බලනවිට සීනි භාගයක් අතුරුදන්වී ඇති බව දැනගත් නිවැසියන් කළ යුතු කුමක්දැයි සිතන්නට විය.
එදින රාත්‍රී ආහාරයෙන් පසුව අඹු දරුවෝ සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියහ. සදානන්ද කුස්සියේ තනිවී සිටි නමුත් ඔහුගේ දෑස් ඒ මේ අත විමසුම් බැලුම් හෙලන වග දරුවෝ දනිති. ගත වූයේ නිමේෂයකි. සදානන්ද කාරමින් වමනය දමන්නට මෙන් ඔක්කාරය කරමින් හඬ නඟා බිරිඳට කතා කළේය. අඹු දරුවෝ වහා කුස්සියට ගියහ. සදානන්ද ඉතා අසරණව මෙලෙස කීවේය.
උඹල සීනි බෝතලේට ලුණු කුඩු පුරවලා මට අද සීනි එපා කෙරෙව්වා. කට හාරාගෙන යනවා. ආයෙත් නම් සීනි ඇටයක් කටේ තියන්නේ නෑ. අම්මපා.
සියල්ලොම සිනහවෙමින් තම උපක්‍රමය සාර්ථක වූ නිසා සීනි හොරා ගේ සීනි අසනීපය ගැන ඉන්පසු බිය නොවූහ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සීනි හොරාට නිවැසියන්ගෙන් අපූරු පාඩමක්