IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිසු කණ්ඩායමකට අපූරු ආදිවාසී චාරිත්‍රයක් කියාදීලා

වියලුව වාර්තාකරු
අධ්‍යයන ව්‍යාපෘතියක් සඳහා ආදිවාසීන් ගිනි දල්වන අයුරු නිරීක්ෂණය කිරීමට ගිය ශිෂ්‍ය කණ්ඩායමකට,  ආදිවාසියකු ලයිටරයක් භාවිතාකරමින් ගිනි දල්වා පෙන්නූ පුවතක්  වාර්තාවිය.


 සිද්ධිය මෙසේය.


 මෙරට ප්‍රධාන පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක සිසු පිරිසකි.


පසුගිය දිනෙක ඔවුන් දඹාන ආදිවාසී ගම්මානය   වෙත පැමිණියේ කිසියම් අධ්‍යයන ව්‍යාපෘතියක් යටතේ ආදිවාසීන්ගේ ගති සිරිත්, සංස්කෘතික අංග මෙන්ම ඔවුන්ගේ ජීවන රටාවන් අධ්‍යයනය කරන්නටය.


 ගමනේ අතරමගදීම ආදිවාසියෙකු හිතවත් කරගත් ඔවුහු ඔහුගේ ආධාරය ඇතුව ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය ජීවන රටා මෙන්ම දෛනික දින චර්යාව පිළිබඳව ද සැලකිය යුතු අත්දැකීම් සම්භාරයක් ලබා ගත්හ. ඒවා තම කැමරා කාචවලද  සලකුණු කර ගත්හ.


හබක ඇටවීම, කිරි කොරහ නැටීම, දඩයමේ යාම, ආදිවාසී කවි ගායනා කිරීම, දුන්නෙන් විදීම ආදී ක්‍රියාකාරකම් රැසක්ම ඊට ඇතුළත් විය.


 ආදිවාසී සිරිත් විරිත් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ එහි සිටි එක් තරුණියක් ආදිවාසී තරුණයෙකු අමතා ගිනි දල්වන අයුරු පෙන්වන්නැයි  කාරුණික ඉල්ලීමක් කළේ සිය කැමරා කාචය ද සූදානම් කර ගනිමිනි.


 තරුණියගේ ඉල්ලීමට අනුව සියලු_ දෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ ලී කැබලි දෙකක් අතුල්ලා පුළුන් ගුලියක් දල්වා ගිනි අවුළුවනතුරුය. එහෙත් සිදුවූයේ අනෙකකි. සිය ඉනේ ගසාගෙන සිටි රෝස පැහැති ලයිටරයක් පිටතට ගත් ආදිවාසී තරුණයා ක්ෂණයකින් ගිනි දල්වා පෙන්වූයේ ආදිවාසීන් ගැන හදාරන්නට පැමිණි සිසු පිරිස අන්දමන්ද කරමිනි.


සිසු පිරිස ඒ පිළිබඳව ආදිවාසී තරුණයාගෙන් විමසද්දී පැහැදිලි සිංහලෙන් ඔහු පවසා ඇත්තේ “පහසුවෙන් ගිනි දල්වා ගත හැකි ක්‍රම තිබියදී ලී කැබලි අතුල්ලා ගිනි අවුළුවන්නේ  පිස්සුවට දැයි” යනුවෙනි.

 



අදහස් (0)

සිසු කණ්ඩායමකට අපූරු ආදිවාසී චාරිත්‍රයක් කියාදීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 82 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 507 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 790 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 642 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1136 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 880 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site