IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සද්දෙට හිලෙන් බලා සටනට බැහැලා මිරිස් ඇඹරූ අතින්ම සාමය උදාකරයි

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
මුළුතැන්ගෙයි මිරිස් අඹරමින් සිටි කාන්තාවක් ඒ අසල මාර්ගයේ සිදුවූ දබරයක් සංසිඳවීමට ගොස් සිදුවු අකරතැබ්බයක් පිළිබඳව මාතර දිසාවේ කඳුකර ගම්ප්‍රදේශයකින් අසන්නට ලැබේ.


සිද්ධිය සැකෙවින් මෙසේය.


ඇයගේ නිවෙස පිහිටියේ ගම්මානය මැදින් වැටී ඇති ගුරු පාර අද්දරය. මුළුතැන්ගෙයි පාර දෙසට වන්නට වූ බිත්තියේ සෑදී ඇති කුඩා සිදුර ඇයට මහමඟ යන එන අය පිළිබඳවත් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් කතාබහ පිළිබඳවත් නිරීක්ෂණය කිරීමට හොඳටම ප්‍රමාණවත් විය.


කුස්සියේ වැඩපළ කරමින් සිටින අතර පාර දෙසින් කතා බහක් ඇසුණහොත් වහා දිවගොස් කවුළුවට ඇස තබා ඒ අය පිළිබඳව විපරම් කරන්නේ ඊට සවන් දෙන්නේත් දැඩි ඇල්මකිනි. ඇය බාහිර සමාජය සමඟ එතරම් සබඳතා නොපැවැත්වුවද ගමේ රටේ සිදුවන ඕනෑම දෙයක් ගැන හොඳින් දන්නේ ඇයගේ මෙම තොරතුරු දැනගැනීමේ දැඩි පිපාසය නිසාම විය හැකිය. පසුගිය දිනෙක මෙම මාර්ගයේ දෙදිසාවට ගමන් කළ මැදිවියේ කාන්තාවන් දෙදෙනකු මෙම නිවස අසලදී මුහුණට මුහුණ හමුවී කිසියම් කතාබහක නියැලී ඇත. සුළුවෙන් ආරම්භ වූ කතාබහ ක්‍රම ක්‍රමයෙන් නැතිවී ගොස් එකිනෙකාගේ සියලු පට්ටන්දර එළියට පනින්නටවී ඇත්තේ අහළ පහළ කිසිවකු පෙනෙන්නට නොවූ නිසාලු.


එහෙත් නිවසේ මුළුතැන්ගෙයි මිරිස් අඹරමින් සිටි කාන්තාව මිරිස් සහිත අත්දෙක පිටුපසට කරගෙන කවුළුව තුළින් මේ සියල්ල නැරඹුවේ කලකින් දකින්නට ලැබුණු සියලු රස සහිත ටෙලි නාට්‍යයක් නරඹන ලෙසිනි.


කෙසේ වෙතත් කාන්තාවන් දෙදෙනාගේ කතාබහ සුළු වෙලාවකින් කෙහෙවලු පටලවා ගන්නා තත්ත්වයට පත්ව ඇත.


මෙතෙක් ඇසුණු දෙබස් ආසාවෙන් අසා සිටියද සටන් ජවනිකාව නම් තවදුරටත් බලා සිටින්නට ඇයට සිත් දුන්නේ නැත. 


”මුන් දෙන්නා මෙතන මරා ගත්තොත් මටත් උසාවි පොලිසිය ගානෙ යන්නයි වෙන්නෙ” යැයි තමාටම කියාගත් ඈ වහාම සටන මැදට පැන කාන්තාවන් දෙදෙනා දෙපසට කරන්නට වෙර දැරුවාය.


කැරලි මර්දන හමුදාවෙන් පැමිණිය ද පහසුවෙන් මර්දනය කළ නොහැකි තරමට ඇවිලී ගොස් තිබූ සටන සුළු වේලාවකින් නිමවී ගෑණු දෙදෙනා දෙපසට වුයේ අර කාන්තාවගේ දෑතේ තිබූ මිරිස් ඔවුන් දෙදෙනාගේම මුහුණුවලත් ඇස්වලත් තැවරුණ නිසාය.



අදහස් (0)

සද්දෙට හිලෙන් බලා සටනට බැහැලා මිරිස් ඇඹරූ අතින්ම සාමය උදාකරයි

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිනිය මාරුවී ගුටි නොකා බේරිලා
2024 අප්‍රේල් මස 30 664 0

කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.


පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක්
2024 අප්‍රේල් මස 29 746 0

තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිද


ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා
2024 අප්‍රේල් මස 27 837 0

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප


සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 989 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 843 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 1111 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site