IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මගදී හමුවුණු නෑයා මුද්දත් අරන් මාරුවෙලා

(ඞී.ජී. සුගතපාල)

ඔහු වයස අවුරුදු හැට පහක් හැත්තෑවක් පමණ යයි කිවහැකි ජර්මන් ජාතිකයෙකි. ඔහුගේ බිරිය අවුරුදු පනහක් පමණයැයි කිවහැකි සිංහල කාන්තාවකි. කාන්තාවගේ ගම ඇල්පිටිය ප‍්‍රදේශයේ වන අතර ඔවුන් ජර්මනියේ සිට නිවාඩුවකට පැමිණ මේ දිනවල නතරවී සිටින්නේ කොස්ගොඩ ප‍්‍රදේශයේ නවාතැනකය.

ඔහු විදේශිකයකු වුව ද මෙරට බොහෝ දෙනාට උදව් උපකාර කරන පරිත්‍යාගශීලී පුද්ගලයෙකි. දෙදෙනා ගාල්ල නගරයට පැමිණ කොටුවේ සංචාරයකොට චීන කොරටුව මැද පාරේ ඇවිද ගෙන යමින් සිටියහ. එවිට වේලාව සවස දෙකයි තිහට පමණ ඇත. ඔවුන් ඉදිරියට වයස අවුරුදු හතළිහක පමණ යයි කිවහැකි කඩවසම් පුද්ගලයෙක් පැමිණියේය.

එක්වරම ඔහු කාන්තාව දෙස බලා ”හානේ අක්කා දැකපුකල්. ඉතිං ඉතිං අක්කේ කොහොම ද? අක්ක දැන් හුඟාක් වෙනස් වෙලා” ඔහු නොනවත්වාම කියාගෙන ගියේ කාන්තාව හොඳින් දන්නා හඳුනන කෙනකු ලෙසය.
”ඔයා කවුද මටනම් මතක නැහැ” ඇය කීවාය.

”අයියෝ අක්කේ අක්කට මතක නැති වුණාට අම්ම නම් හොඳටම මං ගැන දන්නවා” කියමින් ඔහු ක‍්‍රම ක‍්‍රමයෙන් ඇයගේ තොරතුරු ඇයගෙන්ම දැන ගනිමින් වඩ වඩාත් සමීප විය. ඇය කීවේ ඔවුන් දෙදෙනා කෝච්චියේ කොස්ගොඩ යාමට බලාපොරොත්තුවෙන් ගාල්ලේ ටිකක් ඇවිදින බවය.

”අක්කල කෝච්චියේ යන්න එපා. මං ආවේ ත‍්‍රීවිල් එකේ. මේ මගේ ත‍්‍රීවිල් එක. මාත් එක්කම යන්න පුළුවන්. අක්කේ මං ආවේ මුද්දක් හදන්න මැෂිමන්ට් එක දීලා යන්න” කියමින් ඔහු අසල තිබූ ති‍්‍රරෝද රථයක් පෙන්වා තමා එනතුරු එහි වාඩි වී සිටින ලෙස කීවේය.

කාන්තාව සැමියා සමග ත‍්‍රිරෝද රථයේ වාඩි වූ අතර ඔහු මඳක් දුරට ගියේය. ඒ සමගම පැමිණි ඔහු ”අක්කේ ඇඟිල්ලෙන් මැෂිමන්ට් එක ගන්න බැරිලූ මුද්දක්  ඕනලූ අක්කගේ මුද්ද බැහැනේ. මට මහත්තයාගේ මුද්ද ටිකකට දෙන්න” යනුවෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම ඉවත දැමීමට බැරි වූ ඇය සැමියාගේ මුද්ද ගලවා අහම්බෙන් හඳුනාගත් ගමේ පුද්ගලයාට දුන්නේ ත‍්‍රිරෝද රථයෙන්ම කොස්ගොඩට යාමේ ද බලාපොරොත්තුවෙනි. ටික වේලාවක් ගත වුව ද ඔහු ආපසු ආවේ නැත. එහෙත් වෙනත් පුද්ගලයකු පැමිණ තමාගේ ත‍්‍රිරෝද රථයේ වාඩි වී සිටින්නේ ඇයිදැයි විමසුවේය.

සිදුවූ දෙය ගැන ඇයට කරුණු අවබෝධ වනවිට අහම්බෙන් හඳුනාගත් ගමේ නැදෑයා බොහෝ දුර ගොස් හමාරය. අවසානයේ ඇය සැමියා සමග ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ පොලිස් පරීක්‍ෂිකා චම්පිකා අලගියවන්න මහත්මිය ඉදිරියේ සිද්ධිය පැමිණිලි කළාය. සිදුවූ දෙය අදහාගත නොහැකි වූ ඇයගේ සැමියා පොලිසියෙන් පිට වූයේ මින්පසු ලංකාවේ කිසිම කෙනකුට උදව් නොකරන බවට සහතික වෙමිනි.



අදහස් (3)

මගදී හමුවුණු නෑයා මුද්දත් අරන් මාරුවෙලා

abaran Tuesday, 18 July 2017 10:47 PM

ත්‍රී රෝද රථයේ අයිතිකරුට දෙකක් ඇනල ඇහුවනම් කියයි කවුද මුද්ද ගත්තේ කියලා...

:       51       12

amila Saturday, 22 July 2017 08:05 AM

මමත් හිතන්නේ ත්‍රීවීල් එකේ මනුස්සය මේකේ කොනක ඉන්නවා

:       0       2

mohan Saturday, 22 July 2017 12:17 PM

වීල් එකේ රියදුරාගේ ඇහුවනම් කියයි කවුද ගත්තේ කියල ....

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 516 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 654 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 929 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 707 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1173 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site