IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


පුතා පරෙස්සමට හැංගූ බීර බෝතලේ වියපත් මවුපියන් බේතක් කියා බීලා

(වියලු‍ව වාර්තාකරු)
ඇඳිරි නීතිය පවත්නා දිනවලදී භාවිතයට ගැනීම සඳහා කල්තබාම රැගෙනවිත් සිය නිවසේ ශීතකරණයේ ගබඩා කර තිබූ බීර බෝතල් දෙකක්   එම නිවෙසේම වෙසෙන තම වයෝවෘද්ධ දෙමාපියන් විසින් අරිෂ්ඨ බෝතලයැයි සිතා දින කීපයක් තිස්සේ බෙදාහදාගෙන පානය කිරීමේ  සිද්ධියක් වියලුව ප්‍රදේශයෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඔහු රජයේ සේවකයෙකි. ඉදිරි  දින කිහිපයේදී එළැඹෙන ඇඳිරි නීති සමයේදී නිවෙසට කොටුවී සිටීමට සිදුවන බව අත්දැකීමෙන්ම දන්නා ඔහු ඊට කල්තබාම සූදානම් වූයේ නගරයේ මත්පැන් හලෙන් බීර බෝතල් දෙකක් රැගෙනවිත් එය සිය  නිවසේ ශීතකරණයේ ගබඩා කර තැබීමෙනි.


ඇඳිරි නීතිය දා  උදෑසනම වෙනදාටත් පෙර   සිය දෛනික කටයුතු නිමා කළ හෙතෙම බීර බෝතල් දෙක පානය කිරීම සඳහා අවශ්‍ය කටගැස්ම ඇතුළු අඩුමකුඩුම සියල්ල සූදානම් කරගෙන අසල්වැසි නිවැසියාටද ආරාධනා කළේ කලෙක සිට පවත්නා මිතුදම තව තවත් වර්ධනය කර ගැනීමේ අදිටනෙනි.


ඒ වෙනුවන්  මිදුලේ නිසංසල  ස්ථානයක් සකස් කළ හෙතෙම මිතුරාට එහි වාඩි වීමට සලස්වා නිවෙසට ගොඩ වූයේ ශීතකරණයේ තිබූ බීර බෝතල් දෙක රැගෙන එන බව පවසමිනි.


එහෙත් ඒ වන විටත් ශීතකරණයේ තිබූ බීර බෝතල් දෙක අතුරුදන්ව  තිබිණි.


නිවසේ ස්ථාන කීපයකම ඒ පිළිබඳව සොයා බැලුවද  එය සොයා ගන්නට නොලැබුණු තැන ඔහු ඒ පිළිබඳව සිය බිරිඳගෙන් ද විමසා සිටියේ ඇතැම් විට ඇය ඒවා සඟවා තබන්නට ඇතැයි සිතමිනි.


එහෙත් බිරිඳ ද ඒ පිළිබඳව නොදත්තාය. බීර බෝතල් සෙවීමට ඇයද  සැමියාට එකතු වූයේ සැබැවින්ම ඊට සිදු වූයේ කුමක්දැයි ඇයටද අගක්මුලක් නොතේරුණ නිසාය.


 අවසානයේ දී අඩක් බැගින් හිස් කළ බීර බෝතල් දෙක සිය වයෝවෘද්ධ මවත් පියාත් වෙසෙන කාමරයෙන් සොයා ගන්නට ඔවුන්ට හැකි වූයේ ඔවුන් ද අන්දමන්ද කරමිනි.


බීර බෝතල් අඩක් හිස් වූයේ කෙසේදැයි සොයා බලද්දී වෙවුලන හඬින් යුතුව ඔවුන් පවසා ඇත්තේ අනේ පුතේ අපි හිතුවේ ඒවා අපට ගෙනාව අරිෂ්ට බෝතල් දෙකක් කියලා. පුතාට ඒව දෙන්න අමතක වෙන්න ඇති කියලත් හිතුවා.  අපි දෙන්නා පහුගිය දවස්වලම ඒ දෙක බෙදාගෙන උදේ හවස ටික ටික බිව්වා. ඒක බොන්න පටන් ගත්තට පස්සේ තිබ්බ අමාරුකම් ටිකත් අඩු වුණා යනුවෙනි.

 



අදහස් (1)

පුතා පරෙස්සමට හැංගූ බීර බෝතලේ වියපත් මවුපියන් බේතක් කියා බීලා

ravi Friday, 05 June 2020 05:10 AM

දැන් මේ වයසට යන එකත් " හිඟන්නාගේ තුවාලේ " වගේ ... !

:       0       9

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිනිය මාරුවී ගුටි නොකා බේරිලා
2024 අප්‍රේල් මස 30 663 0

කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.


පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක්
2024 අප්‍රේල් මස 29 745 0

තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිද


ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා
2024 අප්‍රේල් මස 27 837 0

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප


සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 989 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 843 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 1111 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site