IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


පියා වැරැදි මගක යනවාට හරස් කැපූ දරුවන්ට වැරැදිලා

ව්‍යාපාරිකයකු වූ තම පියා මුලා කරගෙන විවිධ දේවල් කඩාවඩා ගන්නවායැයි සැක සිතූ දරුවන් තම පියාගේ ක්‍රියාකලාපය සොයා බැලීමට කථිකා කරගත්හ. ඒ අනුව දිනක් පියා පසුපස ගිය එක් දියණියක් තම පියාගේ උතුම් සද්කාර්ය සියැසින් දැක ඇය අත තිබූ මුදල් ද පරිත්‍යාග කිරීමටත් පසුව පියාගේ පුණ්‍ය ක්‍රියාවට පවුලේ සැවොම උදව් කළ පුවතක් සියනෑවේ ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.


සිද්ධිය මෙසේය.


ව්‍යාපාරිකයෙකු වූ ඔහුට දරුවන් සිවුදෙනකු සිටින අතර ඔහු දනට පිනටද කැමැත්තක් දැක්වීය.


මාස කීපයකට පෙර පැවති ධර්ම දේශනාවකදී අසරණ රෝගීන්ට බෙහෙත් හේත් පරිත්‍යාග කරන පුද්ගලයකු වේද ඔහුට නිරෝගී සම්පත් ලැබෙන බව කියවිණි. එම ධර්ම දේශනාවට  සවන්දුන් ඔහුගේ සිත ඒ කෙරෙහි ඇදී ගියේය.


ඊට සතියකට පමණ පසු ගමේ විහාරස්ථානයට ගිය ඔහු විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමකට තම අදහස පළකළේය. ඒ අනුව හිමියන්ගේ උපදෙස් පරිදි අසරණ රෝගීන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව අනුව ඔවුන්ට අවශ්‍ය කරන  බෙහෙත් ලබාදීමට කටයුතු කළේය. රෝගී වැඩිහිටියන් කීපදෙනෙකුගේ බෙහෙත් තුන්ඩු ලබාගත් ඔහු පුර පසළොස්වක පොහෝදින එම බෙහෙත් වර්ග ද රැගෙන විහාරස්ථානයට ගොස් උපාසක උපාසිකාවන්ට බෙහෙත් වර්ග ලබාදුන්නේය.


බෙහෙත් වර්ග ලබාගත් උපාසක උපාසිකාවෝ ව්‍යාපාරික මහත්මාට ආශිර්වාද කළහ.


ඒ අනුව ව්‍යාපාරික මහත්මා සෑම පුරපසළොස්වක පොහෝදිනකම මෙම පුණ්‍ය කර්මය සිදුකළේය.


මේ පිළිබඳව කිසිම ප්‍රචාරයක් බලාපොරොත්තු නොවූ ව්‍යාපාරිකයා මෙය කිසිවකුටත් කීවේ නැත.


සෑම පොහෝදිනකම පාර්සල් කීපයක් රැගෙන යන දුටු ව්‍යාපාරිකයාගේ බිරිඳත් දරුවනුත් ඒ පිළිබඳව සොයන්නට වූහ.


දිනක් එක් දියණියක් තම පියා පාර්සල් රැගෙන යන අතරතුර පසුපසින් ගමන් කළේය.


තම පියා විහාරස්ථානයට ගොස් ධර්ම ශාලාව වෙත පිය නැගුවේය.


ව්‍යාපාරික මහතා දුටු උපාසක උපාසිකාවෝ කීප දෙනෙක් ඒ මහතා ඉදිරියට පැමිණෙත්ම ඔහු පාර්සල් කීපය ඔවුන්ට ලබා දුන්නේය.  එය ලබාගත් උපාසිකාවෝ මහත්තයාට නිරෝගී සම්පත් දීර්ඝායු ලැබෙන්න ඕනෑ මහත්තයාගේ ගෙදර ඇත්තන්ටත් දරුවන්ටත් සතුට සාමය ඇතිවෙලා නිරෝගී සම්පත් දීර්ඝායු ලැබෙන්න ඕනෑ යැයි දීර්ඝ ලෙස ආශිර්වාද කළහ. පිටුපසින් ගිය ව්‍යාපාරිකයාගේ දියණිය මෙය අසා තම පියා පිළිබඳ ඇති වූ සැකය දුරු වූවා පමණක් නොව තම අත තිබූ මුදල්ද උපාසිකාවන් වෙත පරිත්‍යාග කළාය.
(කැලණිය ලාල් එස්. කුමාර)



අදහස් (0)

පියා වැරැදි මගක යනවාට හරස් කැපූ දරුවන්ට වැරැදිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිනිය මාරුවී ගුටි නොකා බේරිලා
2024 අප්‍රේල් මස 30 664 0

කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.


පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක්
2024 අප්‍රේල් මස 29 746 0

තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිද


ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා
2024 අප්‍රේල් මස 27 837 0

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප


සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 989 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 843 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 1111 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site