IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දුවට ළෙන්ගතු වූ මවට දුවගෙන් අපූරු තෑග්ගක්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තමන්ට උවටැන් කරමින් ලෙඩ ඇඳ ළඟ සිටි තමන්ගේම මව හදිසියේ රෝගාතුරවීමෙන් පසු මව ගැන නොබලා නිවසට ගිය දියණියක් පිළිබඳව පසුගියදා ගම්පහ දිසාවේ ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය.


 මෙම දියණිය තිදරු මවකි. ඇය රෝගාතුරවීමෙන් පසු රෝහල්ගත කරනු ලැබුවාය. රෝහල්ගත කෙරුණු දියණියගේ ඇප උපස්ථාන සඳහා ඇගේ සහයට නතර වූයේ ඇගේ මවය.


 වයෝවෘද්ධ මව දියණියට ඇප උපස්ථාන කරමින් දින කිහිපයක් කල් ගත කරද්දී දියණිය කෙමෙන් කෙමෙන් සුවය ලැබුවාය. ඇය රෝහලෙන් පිට කිරීමට නියමිත දිනයේ දී ඇයගේ සහායට ළඟ සිටි මව හදිසියේ රෝගාතුර වූවාය. රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වූයේය. විධිමත් පරිදි මේ මව වාට්ටුවට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කෙරිණි.


පසුදා දියණියට නිවසට යාමේ වරම හිමිවිය. ඇය සැමියා පැමිණි වහාම ඔහුගේ අතේ එල්ලී නිවසට ගියේ අසල ලෙඩ ඇඳේ සිටි මවට කිසිත් නොදොඩාය. නින්දේ පසුවූ මව අවදිවීමෙන් පසු දියණිය බෑනා සමග නිවසට ගිය බව දැනගත්තාය. දුව හෙට උදේ එයිනේ ඇය බලාපොරොත්තු තබාගත්තේ දාරක ප්‍රේමය මතු කරගනිමිනි. දිනය දෙක තුන හතර විය. දියණිය මව බලන්න ආවේ නැත. මවගේ සියලු බලාපොරොත්තු විනාශ වී ගියේය. දියණිය අතහැර ගිය මවට රෝහල් කාර්ය මණ්ඩලයේ අවධානය යොමු විය. ඒ අනුව දින දෙක තුනක් යද්දී සුවය ලබන්නට මේ මව වාසනාවන්ත වූවාය. 


සම්පූර්ණයෙන්ම සුවය ලැබුවත් ඇයට නිවසට යන වරම හිමි නොවුණේ දියණිය හෝ පවුලේ කිසිවකු ඇය කැඳවාගෙන යන්නට නොපැමිණි නිසාය. දන්නා අඳුනන අයකුගේ දුරකතන අංකයක් මගින් ඇය මේ බව පුත්‍රයකුට දැනුම් දුන් පසු ඔහු පසු දිනක එන බව දන්වනු ලැබීය. මේ මවගේ උවටැන් නිසාම සුවය ලද දියණිය සතියක් ගතවන තුරුවත් මව බලන්නට නොපැමිණීම රෝහල් කාර්ය මණ්ඩලයේ මෙන්ම සෙසු රෝගීන්ගේ ද දැඩි පිළිකුලට හේතුවී තිබිණි.

 



අදහස් (2)

දුවට ළෙන්ගතු වූ මවට දුවගෙන් අපූරු තෑග්ගක්

jagath Monday, 27 July 2020 10:25 AM

දුව මහත්තයත් එක්ක නිරෝධායනය වෙන්න ඇති ... ඉස්පිරිතාලෙම හිටපු නිසා ...

:       0       0

Pradeep Monday, 27 July 2020 03:17 PM

ගෙදර බුදුන්ට ඒ කරපු සැලකුමට ඇය කවදා හෝ වන්දි ගෙවනු ඇත. කාගෙන් ගැලවුණත් තමන්ගේම හෘද සාක්ෂියෙන් කිසිවෙකුට ගැලවිය නොහැකිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 522 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 654 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 929 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 711 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1173 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site