ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකි. පෙරදිනවල එහි සේවය කළ කොන්දොස්තර හදිසි අසනීපයකට ලක්ව ඒ වෙනුවට තම හිතවත් තරුණයකු සේවය සඳහා එවූයේ රාජකාරී තොරතුරු කියාදී රියැදුරු ද දැනුම්වත් කරමිනි.
බසය ගමනාරම්භයත් සමගම ටිකට් කැඩූ ඔහු එහි මුඛ ආවරණයක් ද පැළඳ සිටි මැදිවියේ පුද්ගලයකුගෙන් ටිකට් දී මුදල් ගැනීමට ගියත් ඔහු සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. තරුණයාට මඳ තරහක් ඇතිවිය.
‘‘මේ වසංගතය නිසා සෙනග අඩුයි. පාඩුවට දුවන්නේ. ටිකට් ගන්නා ඔහු පෙරැත්ත කරනු දුටු රියැදුරු ඉදිරිපස කන්නාඩියෙන් මෙය දැක බසයේ වේගය බාලකොට කොන්දොස්තර කැඳවීය.
බසයේ පොලුවල එල්ලී මකුළු විලාශයෙන් ආ කොන්දොස්තරට රියැදුරු කීවේ ඒ බසයේ අයිතිකරු බවයි.
දැඩි ලැජ්ජාවට පත් තරුණයා සෙසු මගීන්ගෙන් ටිකට් ගැනීමට ගිය විට බසයේ හිමිකරු ‘පුතා උඹ හරි. ඔහොම තමයි රාජකාරි කරන්න ඕනෑ. මටත් ටිකට් එකක් දෙන්න’ කියමින් රුපියල් සියයේ නෝට්ටුවක් තරුණයාට දිගු කළ විට බස් හිමිකරු හඳුනන මගීන් සිනාසෙන්නට පටන් ගත්තාලු.
(තිහගොඩ උපසේන ලියනගම)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුත් කොන්දොස්තර මුඛවාඩමට මුවාවූ බසයේ අයිතිකරුටත් ටිකට් කඩලා