දකුණු පළාතේ වෙරළ බඩ වූ ග්‍රාමීය බැංකුවකි. උදා වූ නව වසර සඳහා තමාටත් දරුවන්ටත් මුදලක් තැන්පත් කිරීමට ආ කාන්තාවක් දෙස බැලූ කළමනාකාරිණිය පුදුමයට පත්වුවාය. ඒ ඇය වසර තුනකට පමණ පෙර මෙම බැංකුවට පැමිණ ණය මුදලක් ලබාගෙන එහි වාරිකය නොගෙවීම ගැන ආරවුලක් ඇති කරගෙන පසුව පැමිණ මුළු මුදලම ගෙවා ‘තවත් මේ බැංකුවේ පස් නොපාගන’ බව පවසමින් කෝපයෙන් ආපසු ගොස් තිබු නිසාය.
මෙදින ඉතා සතුටෙන් කාලය ගතකළ ඇය ගනුදෙනු කොට අලුත් අවුරුද්දට කාටත් සුබ පතමින් ඔයාලට මගෙන් සංග්‍රහයක් කියමින් කළමනාකාරිණියට කිරිබත් පාර්සලයක්ද දුන්නාය. ඇය ආපසු යාමත් සමඟම ලිපිකාරිණියක්“ අපෝ මටනං එපා ඕවට මොනව දාලද දන්නෙ නෑ” කීවාය.
“ඒකත් ඇත්ත” කී කළමනාකාරිණිය මඳක් සිතා අපි අර එහා පැත්තෙ ඉන්න බල්ලට කෑල්ලක් දීල බලමු”කීවාය. බැංකුව පසුපසට ගිය ඇය එතැන බල්ලන් දෙදෙනකු සිටිනු දැක කෑලි දෙකක් උන් අසල තැබුවාය. කිරිබත් දුන් කාන්තාව යළි ආපසු ආවේ අමතක වූ බැංකු පොත ගෙන යාමටය.
ඒ අවස්ථාවේම කිරිබත් කෑලි දෙක කටින් රැගෙන එකිනෙකාට ගොරවමින් එන බල්ලන් දෙදෙනා දෙස ඇය බලන විට කළමනාකාරිණියට “හත්දෙයියනේ” කියැවුනාලු. (තිහගොඩ උපසේන ලියනගම)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුත් අවුරුදු සතුට බල්ලට දාලා