(හිඟුරානේ නවරත්න සමරතුංග)
අලියෙකු එනවැයි ගසකට නැගගත් පෙම්වතියක් පෙම්වතාගේ දෙවුර මතින් ගෙනගිය සිද්ධියක් එක්තරා අභය භූමියක් හරහා වැටී ඇති වනගත ප්‍රදේශයකින් වාර්තා විය.
එම මාර්ගයේ ප්‍රසිද්ධ සුසාන භූමියක් ඇති ප්‍රදේශය පසුකර යනවිට කිලෝ මීටර් දෙකක් පමණ දුර ප්‍රදේශයේ වල් අලි ගැවසෙති.
එහෙත් එම කැලෑ ප්‍රදේශය හරහා යන පෙම්වතුන් හිටි ගමන් වනය තුළට ගොස් පෙම් සුව විඳින අවස්ථා සුලබ විය.
මේ අතර පසුගිය දිනක රජයේ කාර්යාලයක නිලධාරියකු උදෑසන තම යතුරු පැදියෙන් බුද්ධංගල සිට අම්පාර දෙසට එමින් සිටියේය.
පාර අයිනේ යතුරුපැදියක් නවතාගෙන සිටි තරුණයකු ඔහුට නතර වන ලෙස අතින් සංඥා කළේය.
රජයේ සේවකයාද තම යතුරුපැදිය මග අයිනේ නතර කර තරුණයාගෙන් කාරණය කුමක්දැයි විමසීය.
‘හරි වැඩක්නේ වුණේ මේ කැලෑව අස්සෙන් අලියෙක් එන ශබ්දයක් ඇසුණා.
අලියට බයවුණු මගේ පෙම්වතිය අර කැලේ ඇතුළේ ගහකට නැග්ගා. දැන් එයාට බිමට බහින්න බැහැ. මටත් ගස් නඟින්න බැහැ.
උදව්වක් කරන්න පුළුවන් දැයි විමසීය. රජයේ සේවකයා ඔහු සමග කැලයට ගොස් බලන විට රූමත් තරුණියක් විශාල ගසකට නැග සිටින අයුරු දක්නට ලැබිණි.
රජයේ සේවකයා මහත් වෙහෙසක් දරමින් ගසට නැග ඇගේ අතින් අල්ලා කෙමෙන් කෙමෙන් බිමට ගැනීමට උදව් කළත් ගසේ මුල කොටසේ සිට බිමට පනිනවා හැරුණු විට වෙනත් කළ යුතු යමක් නොවීය.
එකම විකල්පය වුණේ ඇය සමග පැමිණි පෙම්වතා ගසමුල සිටුවා ඔහුගේ දෙවුර මතට ඇයගේ දෙපා තබා ඉඳගන්නට සැලසීම පමණය. ඒ අනුව පෙම්වතා තම පෙම්වතිය කරමත තබාගෙන මාර්ගයට ගෙනැවිත් බිම තැබූ බව කියති.
කැලණිය ලාල් එස් කුමාර මළ සිරුරක් මාරු වී නිවසකට රැගෙන යෑමෙ න් මල් ශාලා සේවකයන් ගුටි න�ො කා බේරුණ පුවතක් ඉකුත් දා වත්ත ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා විය.
තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිද
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලියාට බයවී පෙම්වතිය කරේ තියාගෙන ගිහින්