(හසලක වාර්තාකරු)
රාත්‍රී කාලයේ නිවෙස්වලට ගොස් ජනෙල්වලින් එබී බලා කාන්තාවන් බය කරනු ලැබූ භූතයෙකු සෙරෙප්පුවකින් හඳුනා ගැනීමට කාන්තාවකට හැකි වූ සිද්ධියක් හසලක ගම්මානයකින් වාර්තාවෙයි.
සිද්ධිය මෙසේය.
හසලක පොලිස් වසමේ පිහිටි මෙම ගම්මානය දුෂ්කර ගම්මානයකි. කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ගමේ පදිංචි බොහෝ ගෘහමූලිකයින් කෘෂිකාර්මික කටයුතු නිමාවීමෙන් පසු විවිධ ප්‍රදේශවලට ගොස් රැකියා කර අමතර ආදායමක් සොයා ගැනීම සාමාන්‍ය පුරුද්දකි.
ගෘහමූලිකයා එලෙස පිටත රැකියාවට ගිය පසු නිවසේ තනිවන්නේ බිරින්දෑවරු සහ දරුවන් පමණි. මෙලෙස සැමියන් නොමැති නිවාසවලට රාත්‍රී කාලයේ පැමිණ හොල්මන් කරන භූතයෙකු පිළිබඳව ගැමියන් අතර කතා බහකට ලක්වී තිබිණි.
තරුණ බිරින්දෑවරුන් සිටින නිවාස විශේෂයත්වයක් විය. රාත්‍රී 8ත් 9ත් අතර කාලයේ නිවෙස්වලට යන භූතයා නිවසේ විවෘත කර ඇති ජනේලවලින් නිවැසි කාන්තාවන් දෙස හෝ තරුණ දරුවන් දෙස බලා සැනෙකින් දිවයන බව කියති.
මෙදින තරුණ කාන්තාවක් රාත්‍රී කාලයේ නිවසේ කාමරයට වී ඇඳුම් මාරු කරමින් සිටින විට කාමරයේ ජනේලය අසල කිසියම් අයෙකු ගැවසෙන අයුරු දැක ගන්නට ලැබි තිබේ. “මොකාද මේකරක් ගහන්නේ. ඒයි කවුදෝ කෙනෙක් මෙතන ඉන්නවා පොල්ලක් අරගෙන ඉක්මනට එන්නකෝ.” කියා සැමියාට කතාකරන අයුරින් ඇය සෙමින් කතාකර ඇත. ඒ සමඟම භූතයා පලාගොස් තිබේ.
පසු දින සුපුරුදු පරිදි ඇය නිවසේ මිදුල අතුගාමින් සිටින විටදි දැක ගැනිමට හැකිවූයේ තීන්ත ගෑවුණු රබර් සෙරෙප්පු දෙකක් මිදුලේ තිබෙන අයුරුයි. මෙවැනි සෙරෙප්පු තම දරුවන් හෝ සැමියා පාවිච්චි නොකරන හෙයින් කාගේ දැයි සිතමින් සිටින විට අසල නිවසක පදිංචි වැඩිහිටි කාන්තාවක් කිසියම් අවශ්‍යතාවකට මේ නිවසට පැමිණ තිබේ.
පෙරදින රාත්‍රියේ සිදුවීම සහ උදේ හමුවූ සෙරෙප්පුදෙක ගැන නිවැසි තරුණිය අසල්වැසි කාන්තාවට පවසා ඇත. එම සෙරෙප්පුදෙක දුටු අසල්වැසි කාන්තාව පැවසුවේ “ආ මේක අර මල්ලිගෙනේ මේ තියෙන්නේ තීන්ත පාරවල් එයා කරන්නේ ගෙවල් වල තීන්ත ගාන එකනේ. ඕකා තමයි එහෙනම් මිනිස්සු නැති ගෙවල්වලට රෑට රෑට ඇවිත් හොල්මන් කරන භූතයා.” කියා පවසා ඇත. පසුව ඇය මම ඕකට හොඳ වැඩක් කරන්නම් කෝ කියා සෙරෙප්පු දෙකත් ගෙන ගමේ කඩ පිලට ගොස් එතන සිටි ගැමියන්ට පෙන්නා “මෙන්න අපේ ගමට රෑට ඇවිල්ලා හොල්මන් කරපු භූතයා” කියා රැගෙන ආ සෙරෙප්පු දෙක කඩේ අසල ගහේ එල්ලා තැබුවාය.
එදිනෙන් පසු හොල්මන ගමෙන් අතුරුදන් වූ බව ගමේ අය දැනගත්තේ ගමේ නිවාස වල තීන්ත ගාන තරුණයා ගමේ නැති බව දැන ගැනීමෙන් පසුය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෙරෙප්පුවක් භූතයෙක් පන්නා දමලා
sampath Thursday, 17 September 2020 05:13 PM
ගම්වල දුප්පත් තරුණයින් මෙවැනි පීඩාවන්ගෙන් දුක් විඳීම නිසා අන් අයටත් කරදර වෙනවා. කෙසේ වෙතත් මෙවැනි අයට දරුණු ලෙස පහරදීම් සිදුවෙනවා. ඔවුන්ගේ මානසිකත්වය තේරුම් නොගෙන..