(කිරිඳිවැල උපාලි රණවීර)
ත්‍රිකුණාමලය - කොළඹ පෞද්ගලික බස් රථයකින් කුරුණෑගල සිට බැලුම්මහර හන්දිය දක්වා ගමන් කරමින් සිටි 23 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ බැංකු සේවිකාවක රාත්‍රියේ පොතුහැර, අමුණුගම ප්‍රදේශයේ දී බසයෙන් බස්සවා යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
දොම්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය සෑම සති අන්තයකම බස් රථවලින් බැලුම්මහරට පැමිණෙන අතර එහිදී ඇයගේ දෙමාපියන් පැමිණ නිවසට කැටුවයාම සිදුකර ඇත.
එදින ඇයගේ මුදල් පසුම්බිය නැතිවී තිබීම හේතුවෙන් ටිකට් ගැනීමට මුදල් නොමැතිවීම නිසා බස් රථයෙන් බලෙන් බස්සවා ඇත. පසුව ඇය මවට ජංගම දුරකථනයෙන් සිද්ධිය පවසද්දි ඒ අසල පෙට්ටි කඩයක සිටි යුවළක් ඇය සන්සුන් කර නිවසට යාමට මුදල් ලබා දී තිබේ.
ඇය වෙනත් බසයකින් රාත්‍රී 9.00 ට පමණ බැලුම්මහරට පැමිණ ඇත. ඒවන විට රාත්‍රී 12.00 ඉක්මවා තිබූ බව ඇගේ දෙමාපියෝ පැවසූහ.
ඇය කුරුණෑගල බස් නැවතුමෙන් බසයට ගොඩව ඇත්තේ රාත්‍රී 7.45 ට පමණය. බස් රථයෙන් බලහත්කාරයෙන් බස්සවන විට රාත්‍රී 8.30 ට පමණ වූ බව ඇය කියයි.
බස් රථය අතුරුසිදුරු නොමැතිව ජනයාගෙන් පිරී තිබී ඇති අතර ඒ අවස්ථාවේ මුදල් පසුම්බිය සොරකම් කරන්නට ඇතැයි ඇය පැවසුවාය.
මේ සම්බන්ධව පොතුහැර පොලිසිය ද දැනුවත් කළ බව ඇය කීවාය
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බසයට නැග්ග බැංකු සේවිකාව අතරමග දමා ගිහින්