මී කුණකින් මහා ධනවතකු වූ පුද්ගලයකු පිළිබඳව බෞද්ධ ජාතක කතාවක අපි අසා ඇත්තෙමු. බලු කුණකින් කසිප්පු බෝතලයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයා ගත් පුද්ගලයකු පිළිබඳ පුවතකි මේ.
එම පුවත වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකිනි.
එම ගම්මානයේ ජීවත් වූ තරමක වයෝවෘද්ධ තත්ත්වයෙන් පසුවූ විශ්‍රාමික ගුරු යුවළකි. ඔවුන්ගේ එකම පුතා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඉහළ රැකියාවක නියැලී සිටි අතර, තවමත් තනිකඩයකු වූ ඔහු කාර්යබහුලකම නිසාම මවුපියන් බැලීමට ගමට පැමිණියේ මාසයකට වරක් හෝ දෙවරක් පමණය.
එම ගුරු යුවළ ගෙවත්ත එළිපෙහෙළි කරගැනීම, වත්තේ පොල් කැඩූ පසු ඒවා එකතු කර ගැනීම, දර ටිකක් පලා ගැනීම, නිවස පිරිසිදු කර ගැනීම ආදී වැඩකටයුතු කරගත්තේ ගමේ සිටි කුලී වැඩ කරන පුද්ගලයකු ලවාය. ඔහුට ඒ සඳහා කුලියක් ගෙවනු ලැබීය.
දෙදරු පියකු වූ හෙතෙම මත්පැන් පානයට ලොල් වූ අයකු වන අතර, කුලී වැඩ කර උපයන ආදායමෙන් වැඩි කොටසක් ඔහු වැය කළේ මත්පැන් සඳහාය.
මීට මාස දෙකකට පමණ පෙර දිනයක එම ගුරු යුවළගේ නිවසේ ඇති කළ බල්ලා හදිසියේ මිය ගිය අතර, එම දිනවල පැවැති නියඟය නිසා පොළොව වියළී ගොස් තිබූ හෙයින් වළක් කපා මියගිය බල්ලා වළදමා ගැනීම ඔවුනට දැඩි දුෂ්කර කටයුත්තක් විය.
දුරකතන ඇමතුමක් ලබාදී කුලී වැඩකරු ගෙන්වා ගෙන එම කටයුත්ත ඔහු ලවා කරගත් අතර ගුරු මහතා රුපියල් 300ක මුදලක් ඔහු අත තැබුවේ අඩියක් ගැසීමට මුදල් අවශ්‍ය බව දන්නා නිසාමය.
පසුගිය සතියේ දිනක උදෑසන මිදුල අතුගාමින් සිටි ගුරු මහතාට දැක ගැනීමට ලැබුණේ නිවසේ ගේට්ටුව අසල මිදුලේ මියගිය බල්ලෙකු සිටින අයුරුය. මාර්ගයේ ගමන් කරමින් සිටියදී වාහනයකට යටවී එම බල්ලා මියයන්නට ඇතැයි ඔහු අනුමාන කළ අතර, එදිනද දුරකතන ඇමතුමක් දී නිවසේ කුලී වැඩ කරන පුද්ගලයා ගෙන්වා ලොකු වළක් කප්පවා බල්ලා වළ දැමූ අතර ඒ සඳහා ඔහුට රුපියල් 300ක මුදලක් දුන්නේය.
එදින සවස් යාමයේ ඔවුන්ගේ නිවසට මීටර් 500ක දුරක අසල්වැසි නිවසක ජීවත්වන විශ්‍රාමික ලිපිකරු මහතකු වන ඔවුන්ගේ හිතවතකු පැමිණියේ අතමාරුවට ඉල්ලාගත් මුදලක් ආපසු දීම සඳහාය.
නිවසේ සාලයට වී විශ්‍රාමික ගුරු යුවළ සමග එම විශ්‍රාමික ලිපිකරු මහතා ආගිය තොරතුරු කතා කරමින් සිටින අතර මෙසේ පැවසීය.
“ඊයේ හවස මම බඩු වගයක් ගේන්න ටවුමට ගිහින් එනකොට රෑ 7.00ට විතර ඇති. අපේ ගේ ඉස්සරහා පාර ළඟ බල්ලෙකු මැරිලා හිටියා වාහනයකට යටවෙලා වෙන්න ඇති. මම අද උදේ ඌව වළදාන්න හිතාගෙන හිටියේ. උදේ උදැල්ලක් අරන් ඇවිත් බලනකොට බල්ලා එතන නෑ. කවුරුහරි සත්ව කරුණාව තියෙන මනුස්සයෙක් ඌව වළදාලා. හැබැයි ඒ අහල පහළ වළක් කපලා නම් තිබුණේ නෑ.
කතාවට සවන්දී සිටි ගුරු යුවළ එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේ මත්පැන් බීමට කුලී වැඩකරු යෙදූ උපක්‍රමය ගැන වටහා ගනිමිනි.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලු කුණකින් කසිප්පු පෝසතකුවූ කතාවක්