IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඡන්ද ගොඩ වැඩිකරගන්න ගිහින් පල්ලම් බැහැලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සමුපකාර ප්‍රාදේශිකයක කාරක සභාව තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය දීමට පැමිණි පුද්ගලයෙකි. කණ්ඩායම් දෙකකට සම්බන්ධ දෙපිරිසක් සමුපකාරය දෙපැත්තට වී තම ගොඩ වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙති. තරමක් වියපත් ඔහු එක් කණ්ඩායමක පිරිස් හමුවිය. මගේ නම ඇති අංකය මොකක්ද ඔහු විමසීය.


පිරිස බොහෝ වේලාවක් ලේඛන පිරික්සුවත් ඔහුගේ නම සොයා ගැනීමට නොහැකි විය. මෙදා පාර මගේ නම පොතට වැටිලා නැහැ වගේ කී වියපත් මිනිසා ආපසු හැරුණේ බලාපොරොත්තු සුන් කරගෙනය.


මේ දුටු අනෙක් පිරිසේ ආධාරකරුවෝ වහා ක්‍රියාත්මක වූහ. මාමේ අපිත් ටිකක් බලමු නම තියෙනවාද කියලා ඔවුහු කීහ. ගතවූයේ ටික වේලාවකි. නම හමුවිය. ඔහුගේ නමට හිමි අංකය කොළ කැබැල්ලක සටහන් කළ එම පිරිස එහෙනම් මේ අංක ටිකට මාමාගේ ඡන්දය දාන්න කියා අංක සහිත ලේඛනයක් ද දී ඡන්දපොළට පිටත් කළහ.


ලොව ජයගත් සේ වියපත් මිනිසා ඡන්ද පොළට ගියේය. ටික වේලාවකින් ආපසු ආයේ ජයග්‍රහණයේ සතුට ඇතිවය. පුතාලා නම හොයා දුන් නිසා මට ඡන්දේ දාන්න පුළුවන් වුණා. බොහොම පින් කී ඔහු මම ගෙදරින් එද්දී ඉස්කෝලෙ මහත්තයා අතේ ලියා දුන් අංකවලට තමයි මම ඡන්දේ දැම්මේ කියා සිය වමතේ අල්ල පෙන්වීය.


එහි වූයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ සාමාජික අංක පෙළක් බව දුටු මේ පිරිසට හීන් දාඩිය දැමුවත් අවසානයේ හොඳ හැටි සිනාසී විනෝදයෙන් යුතුව අනෙක් පාර්ශ්වයේ පිරිසට කතා කර “අර ඔයාලට හොයා ගන්න බරිවුණ අංකය අපි මහන්සි වෙලා සොයා දුන්නත් මාමා ඡන්දේ දීලා තියෙන්නේ ඔයාලගේ කණ්ඩායමටයි” කියද්දී දෙපිරිසම සිනාසුණේ වෙන කළ හැකි දෙයක් නැතිවය.

 



අදහස් (0)

ඡන්ද ගොඩ වැඩිකරගන්න ගිහින් පල්ලම් බැහැලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 294 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 583 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 852 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 667 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1151 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 896 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site