IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාපයට අභියෝග දෙකක්

එක්සත් ජාතික පක්‍ෂයේ පක්‍ෂ ව්‍යවස්ථාව කිසිදු ආකාර ප්‍රායෝගික වටිනාකමක් නැති හුදෙක් වචනවලට පමණක් සීමා වූ නාමික ලියවිල්ලක් පමණක් වන්නේද? මෙම කරුණ අද මේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු කථාබහට ලක්කරන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කරුණ මෙතරම් වැදගත් ආකාරයෙන් සමාජයේ කතාබහට ලක්වීම කෙරෙහි කරුණු දෙකක් හේතු වී ඇත.

එයින් එකක් වන්නේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා පක්‍ෂයේ අපේක්‍ෂකයකු තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් සමහර පක්‍ෂ සාමාජිකයන් හැසිරෙන ආකාරය සහ ක්‍රියාකරන ආකාරය පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි වන බවට සමාජගත වෙමින් පවතින අදහසය.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කරන්නේ පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රධාන කණ්ඩායම වෙතය. දෙවන කරුණ වන්නේ එම හැසිරීම හා ක්‍රියාකාරකම් පක්‍ෂ ව්‍යවස්ථාවේ දැක්වෙන විනය පටිපාටියට පටහැනි වන්නේ නම් ඒ අයට එරෙහිව විනය පියවර ගැනීමට මේ දක්වාම පක්‍ෂ නායකත්වය අපොහොසත් වී තිබෙන්නේ ඇයිද යන කරුණය. මෙම කරුණු දෙක පිළිබඳව එක එල්ලේ අදහසක් ප්‍රකාශ කිරීම අතිශයින්ම අපහසු වේ. එහෙත් කවුරු හරිද නැතිනම් කවුරු වැරැදිද යන්න පිළිබඳව කුමණ හෝ නිගමනයකට එළඹීමට පෙර අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගතයුතු කරුණක් තිබේ. ඒ වූ කලී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් කෙරෙහි බල පැවැත්වෙන විනය පටිපාටිය කුමක්ද යන්නය.

එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් කෙරෙහි බලපාන විනය පටිපාටිය ගැන සඳහන් වන්නේ පක්‍ෂ ව්‍යවස්ථාවේ  3 වන පරිච්ඡේදයේ 3.4 (අ) සිට (ඒ) දක්වා ඇති වගන්ති 10 තුළය. එම වගන්ති පහත සඳහන් ආකාර වේ.

3.4 (අ). සියලුම සාමාජිකයන් ව්‍යවස්ථාවට, රීතීන් වලට, ස්ථාවර නියෝගවලට, පක්‍ෂයේ විනය රීති මාලාවට හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ සහ නියෝගවලට ගරු කළ යුතුය.

(ආ). කිසිදු සාමාජිකයකු විසින් තවත් සාමාජිකයකුට පරිභව කිරීම, අපහාස කිරීම, තර්ජනය කිරීම හෝ පහරදීම හෝ වෙනත් සාමාජිකයකු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හෝ පක්‍ෂයේ ප්‍රතිපත්ති හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඕනෑම තීරණයක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හෝ වෙනත් දේශපාලන පක්‍ෂයකට සහයෝගය දක්වන බව ප්‍රකාශ කිරීම හෝ ඒ බවට හැඟවෙන ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම හෝ වෙනත් දේශපාලන පක්‍ෂයක් විසින් පාලනය කරනු ලබන ආණ්ඩුවක සහ/හෝ පළාත් සභාවක හෝ පළාත් පාලන ආයතනයකට සහයෝගය දක්වන ප්‍රකාශයක් කිරීම හෝ ඒ බවට හැඟවෙන ප්‍රකාශයක් කිරීම හෝ පක්‍ෂයට අගතිදායක ප්‍රතිඵල ගෙන දෙන සහ/හෝ පක්‍ෂය අපකීර්තියට පත්කරන හෝ මහජන අපකීර්තියට හේතු වන ඕනෑම ක්‍රියාවක නිරතවීම සිදු නොකළ යුත්තේය.
 
(ඇ). කිසිදු සාමාජිකයකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව වෙනත් දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන සන්ධානයක් විසින් ඇතිකරනු ලබන පරිපාලනයක් තුළ තනතුරක් භාර ගැනීම හෝ ශ්‍රී ලංකා ජනාධිපතිධූරය සඳහා නාමයෝජනා කරනු ලැබීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු ලෙස නාමයෝජනා කරනු ලැබීම හෝ තරග කිරීම හෝ වෙනත් දේශපාලන පක්‍ෂයක හෝ සන්ධානයක නාමයෝජනා ලැයිස්තුවක අපේක්‍ෂකයකු ලෙස නම ඇතුළත් කිරීම හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ලැයිස්තුවක නම ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේය.

(ඈ). පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු වන කිසියම් සාමාජිකයකු පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනයේ යම් කරුණකට අදාළව පක්‍ෂය විසින් හෝ පාර්ලිමේන්තුවේ පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක හෝ පළාත් සභාවක කණ්ඩායම් නායක විසින් පළාත් පාලන ආයතනයක කණ්ඩායම් නායක විසින් හෝ දෙනු ලබන උපදෙස් වලට එරෙහිව ක්‍රියාකරමින් වෙනත් ස්ථාවරයක් දැරීම, කතා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හෝ පක්‍ෂයේ මූලධර්ම ප්‍රතිපත්ති සහ නිර්ණායක වලට පටහැනිව ක්‍රියාකිරීම නොකළ යුත්තේය.
(ඉ). කිසිදු සාමාජිකයකු විසින් පක්‍ෂය විසින් හෝ පක්‍ෂයට අනුබද්ධිත සංවිධානයක් විසින් හෝ යම් නිලධාරියකු විසින් ගනු ලබන තීරණයකට බලපෑම් කිරීම සඳහා පක්‍ෂයට හෝ පක්‍ෂ සංවිධානයකට හෝ නිලධාරියකු හට බලපෑම් කිරීම නොකළ යුත්තේය.

(ඊ). පක්‍ෂයේ ව්‍යවස්ථාව, පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පනවනු ලබන රීති, ස්ථාවර නියෝග, ආචාර ධර්ම පද්ධතිය හෝ තීරණ හෝ නියමයන් උල්ලංඝනය කරමින් හෝ අනුගමනය කිරීම පැහැර හරිමින් හෝ පක්‍ෂයේ උන්නතියට එරෙහිව කටයුතු කරන හෝ පක්‍ෂය අපකීර්තියට පත් කරවමින් හෝ ක්‍රියාකරන යම් සාමාජිකයකු හෝ නිලධාරියකු විනය ක්‍රියාමාර්ගවලට යටත් විය යුතු අතර එවන් සාමාජිකයකුගේ හෝ නිලධාරියකුගේ සාමාජිකත්වය හෝ ධූරය අත්හිටුවීමට හෝ සාමාජිකත්වයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය ඇත්තේය.

(උ). කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සියලු විනය කටයුතු සඳහා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන්ද සමන්විත විය හැකි 10 දෙනකුට නොවැඩි විනය කමිටුවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරනු ලැබිය යුත්තේය. කිසියම් සාමාජිකයකුට එරෙහිව විනය පරීක්‍ෂණයක් සඳහා විනය කමිටුව මගින් සාමාජිකයන් එක් අයකු හෝ වැඩි ගණනකින් යුත් විනය මණ්ඩලයක් පත්කරනු ලැබිය යුතු අතර එම විනය මණ්ඩලය මගින් ලබාදෙන නිර්දේශ මත විනය කමිටුව විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට එම නිර්දේශයන් ඉදිරිපත් කළ යුත්තේය.

(ඌ). පක්‍ෂයේ යම් සාමාජිකයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදුකර ඇති බවට පක්‍ෂයේ මහලේකම්වරයා හට පැමිණිල්ලක් ලැබුණහොත් හෝ එසේ කර ඇති බවට පක්‍ෂයේ මහලේකම්වරයාට පෙනී ගිය විට පක්‍ෂයේ උපරිම යහපත සහ ආරක්‍ෂාව පිණිස යම් සාමාජිකයකුට හෝ නිලධාරියකුට එරෙහිව අප්‍රමාදව තීරණයක් ගත යුතුයැයි පක්‍ෂයේ මහලේකම්වරයාට හැඟී යන අවස්ථාවක පක්‍ෂයේ මහලේකම්වරයා විසින් එම සාමාජිකයාගේ හෝ නිලධාරියාගේ සාමාජිකත්වය සහ/හෝ නිලය අත්හිටුවන ලෙසට නිර්දේශ කරමින් වාර්තාවක් පක්‍ෂයේ නායකයා වෙත ඉදිරිපත් කළ හැකි අතර එවැනි වාර්තාවක් මත එම සාමාජිකයාගේ සහ/හෝ නිලධාරියාගේ සාමාජිකත්වය සහ/හෝ නිලය අත්හිටුවීමේ ක්‍රියාත්මක වීමක් ලෙස පක්‍ෂ නායකයාට බලය ඇත්තේය. එවැනි තීරණයක් ඊළඟට පවත්වනු ලබන කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දිය යුතු අතර එවැනි සාමාජිකයකු හෝ නිලධාරියකු විසින් නිදහස සඳහා කරුණු ඉදිරිපත් කිරීමක් ඇත්නම්/ඇත්තේනම් ඒ වනවිට එයද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ යුත්තේය.

(එ). ඉහත සඳහන් පරිදි කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සහ/හෝ පක්‍ෂයේ නායකයා විසින් විනය සම්බන්ධ කටයුතු පිළිබඳව ගනු ලබන තීරණයක් පිළිපැදීමට සියලුම සාමාජිකයන් බැඳී සිටින්නේය.

(ඒ). කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් විනය පරීක්‍ෂණ මණ්ඩලවල සේවය කළ යුතු සාමාජිකයන් ලැයිස්තුව අනුමත කළ යුතු අතර, යෝග්‍ය වන්නේ නම් විනය කමිටුවට අදාළව හෝ එකී විනය පරීක්‍ෂණ මණ්ඩල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව හෝ රීති සැකසීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කළ හැක්කේය.

ඉහතින් දැක්වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් කෙරෙහි බලපැවැත්වෙන පක්‍ෂ විනය පටිපාටිය හා සම්බන්ධ නීති රීතිය. ව්‍යවස්ථාවට අනුව මෙම විනය නීති පද්ධතිය පක්‍ෂ නායකයාගේ සිට පහළම මට්ටමේ ශාඛා සමිති සාමාජිකයා දක්වා එක හා සමාන අයුරින් බලපානු ලැබේ. මෙම විනය නීති පද්ධතිය මගින් අවධාරණය කරන මූලික කරුණ වන්නේ පක්‍ෂයේ සෑම සාමාජිකයකුම පක්‍ෂ ව්‍යවස්ථාව ආරක්‍ෂා කරමින් සාමාජික වගකීම් ඉටුකිරීමට බැඳී සිටින බවත් එම කොන්දේසිය කඩ කරන විට පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කීරීමේ චෝදනාවට ලක් වී විනය පටිපාටිය අනුව නියම කරන දඬුවම් කිරීමට ලක්වන බවත්ය. මෙයින් එක් කරුණක් පැහැදිලි වේ. එනම් පක්‍ෂ සාමාජිකත්වය පිය උරුමයෙන් ලැබුණද නැතිනම් සාමාජික ගාස්තු ගෙවීම මගින් ලියාපදිංචි වීමෙන් ලබා ගත්තද සෑම පක්‍ෂ සාමාජිකයකුම පක්‍ෂ ව්‍යවස්ථාවේ දැක්වෙන විනය නීති පද්ධතියට යටත් වන බවය.

දැන් මතුවන ප්‍රශ්නය වන්නේ මීට ඉහතින්ද සඳහන් කළ පරිදි එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රධාන කණ්ඩායමක් විසින් දියත් කර තිබෙන මැතිවරණ ව්‍යාපාරය පක්‍ෂ විනයට අනුකූල වනවාද නැතිනම් අනනුකූල වනවාද යන්නය. විනය පටිපාටිය මගින් පැහැදිලිවම පෙන්නුම් කරන කරුණ වන්නේ කුමන හෝ මැතිවරණයකට අපේක්‍ෂකයකු/අපේක්‍ෂකයන් නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනි හා අනන්‍ය බලයක් වන බවය. එමෙන්ම විනය පටිපාටිය මගින් පෙන්වා දෙන අනෙක් කරුණ වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිල වශයෙන් අපේක්‍ෂකත්වය ප්‍රකාශයට පත්කරන තුරු කිසිම අයකුට තමන් අපේක්‍ෂකයකු වන බව ප්‍රකාශ කරමින් මැතිවරණ කටයුතුවල නියැලීම පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි වන බවය. බැලූ බැල්මට පෙනී යන දෙය වන්නේ පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රධාන කණ්ඩායම විසින් අනුගමනය කරන ක්‍රියා කළාපය පක්‍ෂ ව්‍යවස්ථාවට මෙන්ම පක්‍ෂ විනය පටිපාටියටද පටහැනි වන බවය.

එපමණක් නොව එම ක්‍රියා කලාපය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියා පටිපාටියටද පටහැනි වන බවය. හේතුව පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුද යන්න පිළිබඳව පක්‍ෂයේ පොදු තීරණය ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් පක්‍ෂයේ එක් අයකු තමන් තමන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කරමින් තමන්ගේ තීරණය පක්‍ෂය ලවා නිල වශයෙන් අනුමත කරවා ගැනීමට බලහත්කාරී ලෙස බලය යොදවමින් ක්‍රියාකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත්ම අනුකූල නොවීමය. සාමාන්‍යයෙන් තමන් තමන්වම තනතුරුවලට පත්කර ගනිමින් නායකයන් බවට පත්වීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ෆැසිස්ට් දේශපාලන ක්‍රම තුළය. වෙනත් ආකාරයකට කියනවා නම් ආඥාදායක නැතිනම් ඒකාධිපති පාලන ක්‍රමයක් පවතින දේශපාලන ක්‍රම තුළය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රම තුළ සිදුවන දෙයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රම ක්‍රියාත්මක වන්නේ දේශපාලන පක්‍ෂ පදනම් කරගෙනය. ඒ අනුව මැතිවරණ වලට කවුරුන් ඉදිරිපත් කරනවාද යන්න තීරණය කරන්නේ දේශපාලන පක්‍ෂ විසිනි.

මෙම තීන්දු තීරණ ගන්නේ හැකි සෑමවිටකම ඒකමතිකවය. බෙදීමක් පවතින්නේ නම් ඡන්ද විමසීමකින් පසුව බහුතර කැමැත්තට අනුවය. පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රධාන කණ්ඩායම විසින් අනුගමනය කරන ක්‍රියා කලාපයෙන් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ දේශපාලනය හා සම්බන්ධ මේ කිසිදු නියමයකට ඔවුන් ගරු නොකරන බවය. මේ සියල්ල එකට ගත්විට පෙනී යන දෙය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය මේ වනවිට බරපතළ ප්‍රශ්න දෙකකට මුහුණ දී තිබෙන බවය. එයින් එකක් වන්නේ පක්‍ෂයේ තිරසාර පැවැත්ම සඳහා පක්‍ෂ ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ගැනීමය. දෙවැන්න වන්නේ පක්‍ෂය තුළ නැගී එන පැසිස්ට් ආඥාදායකත්වයෙන් පක්‍ෂය බේරාගෙන එහි ප්‍රජාතන්ත්‍රවාදී උරුමය ආරක්‍ෂා කර ගැනීමය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන ව්ද්‍යාව පිළිබදව හිටපු මහාචාර්ය

එම්.ඕ.ඒ.ද. සොයිසා



අදහස් (5)

එජාපයට අභියෝග දෙකක්

kapila Saturday, 07 September 2019 04:20 PM

ආර්. ප්‍රේමදාස මහතාද මෙවැනි ප්‍රවේශයන් අතීතයේ කර ඇත. ජේ.ආර්. ට අභියෝග කර ඇත. තමාට තර්ජනයක් වූ අය ඝාතනය විය. තාත්ත කළදේ පුතා නොකළොත් නොට්ටිගේ පුතා කියලා පුරාණ කියමනක් ඇත...

:       1       231

ranjith Sunday, 08 September 2019 02:27 AM

ඔය කුණු කන්දක් වැඩක් නෑ.. අද රටට වෙලා තියෙන දේ පේනවනේ රට ගොඩගන්න පුළුවන් මිනිහෙක් තමයි ඉස්සරහට ගත යුතුයි. හොරුන්ට රට නැවත බාරනොදිය යුතුය.

:       77       8

lalithm Tuesday, 10 September 2019 03:01 AM

කාලීන ආකර්ෂණයට හිස නමන්න ඕනේ. නැතිනම් එජාපෙටත් ශ්‍රිලනිපෙට වුන ඉරණම අත්වෙනවමයි. වයසක කට්ටිය දැන් ගෙදර යන කලේ හරි.

:       163       143

athula Tuesday, 10 September 2019 04:10 PM

72 වසරක් ඔය කට්ටිය මාරුවෙන් මාරුවට කලානේ සේරම කාල තියෙන්නේ දැන් දෙගොල්ලම එපා ...අපට අලුත් ක්‍රමයක් ඕනේ හොරු දෙකට බෙදිලා කරපු සෙල්ලම් ඇති

:       0       10

sena Friday, 13 September 2019 08:44 PM

2015 ඡන්දයට පෙර ලංකාවේ මහාචාර්යවරු සහ උගත් අය සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ලොකු ගණන්වලට විකිණුනි. ඔවුන් මහින්ද ආණ්ඩුවට විරුද්ධව දෙමල ඩයස්පෝරාව, NGO සහ ඇමරිකන් ඒජන්තලා ඔවුන්ට ඇතිවෙන්න සල්ලි දුන්බව කියැවේ. ලංකාවේ වැනි මුදලට වහල් වෙන කෑදර ජාති ද්‍රෝහීන් පිරිසක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. මේ අයගේ උගත්කම නොවටී..

:       0       51

ඔබේ අදහස් එවන්න

කොලම

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 130 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 42 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 104 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 232 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 952 7

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 1024 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site