IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


“පීනන්න දන්න මාළුවාට කොයි වතුරත් එකයි”

ජිනීවාවලදී අතුරුදන්වූ මහින්දගේ ඇමතිකම-2

 

මුලින් සඳහන් කළ පරිදි කම්කරු ඇමතිවරයාගේ බලවත්ම උත්සාහය වූයේ “කම්කරු ප්‍රඥප්තිය” එළි දැක්වීමයි. ඒ සඳහා ලෝක කම්කරු දිනය වූ මැයි දින යොදා ගැනීමට මහින්ද රාජපක්‍ෂ ඇමතිවරයා කටයුතු කරමින් සිටියේය. කඩිනමින් මෙය ක්‍රියාත්මක කිරීමට මූලික කටයුතු සිදු කෙරෙමින් තිබිය දී යම් යම් කණ්ඩායම්වල බලපෑම් නිසා ජනාධිපති කාර්යාලයෙන් දන්වා තිබුණේ නියමිත දිනයේ න්‍යායපත්‍රානුකූලව එය පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා ලෙසයි. ඒ අනුව නතර වූ එම ක්‍රියාවලිය ද ඉවසා දරාගත් ඔහු කෙසේ හෝ කම්කරු ජනතාව සුරක්‍ෂිත කිරීමට ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම නිරතුරුවම ගැනීමට තව තවත් අධිෂ්ඨානශීලී විය. 


කම්කරු ප්‍රඥප්තිය නතර වුවත් කම්කරු සටන් හා වැඩ වර්ජනවලට සාර්ථකව මුහුණදුන් ඔහු මුල් වසර තුළ දී මතුවූ වැඩ වර්ජන සිය ගණනක් කම්කරුවන් සමග සාකච්ඡා කර සාර්ථකව විසඳාදීමට සමත් විය. එම කටයුතුවල දී සමහර හාම්පුතුන් ද ඇමතිවරයා සමග එකඟ නොවූයේ ඇමැතිවරයා බොහෝ විට කම්කරු පාර්ශ්වයේ යෝජනාවලට වැඩි තැනක් ලබාදීම නිසාය. මේ අතර ගෙවීම් පැහැර හරින හාම්පුතුන්ගෙන් කඩිනමින් අයකර ගැනීම් සිදුකිරීමට අවශ්‍ය වන පරිදි වැඩිපුර කම්කරු නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ අතර නිපුණතාවයන්ගෙන් තොරව රැකියා සොයා එන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුවෙන් නිපුණතාවය ඇතිකොට රැකියා අවස්ථා උදාකර ලීමට පියවර ගත්තේය. ඒ අනුව රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙසීය පණහක් ආරම්භ කළ අතර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට අභිමානයෙන් රැකියාවකට යෑමට අවස්ථාව උදාවිය.
එවකට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ද කම්කරු අමාත්‍යාංශයට අයත්ව තිබුණි. ඒ අනුව විදේශගතවන කාන්තාවන්ගේ සුරක්‍ෂිතතාවය උදෙසා වැඩ කටයුතු රැසක් ආරම්භ කිරීමට හැකිවූ අතර මැදපෙරදිග රටක සේවය කරන අයෙකුගේ දරුවකු 5 වසර ශිෂ්‍යත්වය සමත් උවහොත් එම දරුවාගේ අධ්‍යාපනය ද අවසන් වනතුරු වසරකට රුපියල් 25,000ක ශිෂ්‍යත්වයක් ලබාදීමට ද කටයුතු කළේය. එපමණක් නොව කම්කරුවන් වෙනුවෙන් වෙනමම අරමුදලක් ඇති කිරීමට කල්පනා කළ අතර ඒ සඳහා “ශ්‍රම වාසනා” අරමුදල ද ආරම්භ කළේය.


කම්කරු අමාත්‍යාංශයට අයත් සේවක අර්ථසාධක අරමුදල් (ෑඡත්‍) විශාල මුදල් සම්භාරයක් රැස්වී තිබූ ප්‍රබල අරමුදලක් විය. ඒ අතර පෙර පැවති එජාප රාජ්‍ය සමයේ මෙන් සමහරුන්ගේ වුවමනාවට රාජ්‍ය ආයතන රැසක් “පෞද්ගලීකරණය” කිරීමේ වැඩසටහනක් ද ආණ්ඩුවේම ප්‍රබල පිරිසක් ක්‍රියාත්මක කරමින් තිබුණි. මේ පිළිබඳව විමසිලිමත් වූ මහින්ද මහතා එය යම් ප්‍රමාණයකින් හෝ වළකා ලීමට විදේශ ආයතනවලට විකිණීමට සුදානම් කළ වතු රැසක් සේවක අර්ථසාධක මුදල් යොදවා මිල දී ගැනීමට කටයුතු කළේය. මතුරට වතුයාය, කොටගල වතුයාය වැනි වතු සමාගම් ඒ ගණයට අයත් විය. මේ අතර සේවක අර්ථසාධක අරමුදල පවත්වා ගෙන යාමට කොළඹ බි්‍රස්ටල් ගොඩනැගිල්ල මිල දී ගැනීමට එජාප රජය කර තිබූ සැලැස්ම ක්‍රියාත්මක කරවා ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා භාරයේ තිබූ කම්කරු අමාත්‍යාංශය ලවා යම් පිරිසක් උත්සුක වුව ද එය මහින්ද මහතා ප්‍රතික්‍ෂේප කළේය. ඒ පිළිබඳව ඇමතිවරයාට ඇතිවූ සැක සංකාවක් එයට හේතු විය. 


මෙසේ ඉතා වේගවත්ව හා ප්‍රගතිශීලීව කම්කරු පංතිය වෙනුවෙන් හා දූෂණයට හා නාස්තියට එරෙහිව ක්‍රියා කළ ඔහු කම්කරු රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කොට රජයේ කම්කරු රෝහලක් ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබුණි. එයට ද මුල්ගල් තැබුවත් ඉදිකිරීමට නොහැකි විය. එයට ද පෞද්ගලික හා ධනපති පංතියේ සමහර කොටස් යම් විරසක භාවයක් ඇති කරගෙන තිබෙන්නට ඇත. කෙසේ හෝ වේවා සමාන්‍ය මහජනතාවට හා කම්කරු ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටිමින් ගෙනගිය විප්ලවවාදී අභීත වැඩපිළිවෙළ ආණ්ඩුවේම සමහර කොටස් නොරිස්සුවේය. එහි අවසාන ප්‍රතිඵලය පුදුම සහගතයි. එය එසේ සිදුවූයේ කෙසේ දැයි යන්න එකල කිසිවෙකුට සිතා ගන්නටවත් නොහැකි විය. කුමක් ද සිදුවූයේ ජිනීවා කම්කරු සමුළුව ඇමතීමට මහින්ද රාජපක්‍ෂ මහතාට ඇරයුම් ලැබ ජිනීවා යාමට සූදානම් වූයේ කම්කරු ප්‍රශ්න ලෝකයා ඉදිරියේ පළ කොට තවදුරටත් ශ්‍රී ලංකේය කම්කරු ප්‍රජාව සුරක්‍ෂිත කිරීමත් ඔවුන්ගේ අනාගතය වඩාත් සුබවාදී කිරීමට යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමටත්ය. එනිසා මහින්ද ඇමතිවරයා තම රජයේ ප්‍රධානි ජනාධිපතිනිය හමුවී ඒ බව සැලකර සිටියේය. මුව පුරාම සිනාසුණු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය ඉතාමත් උණුසුම්ව ඒ ගමන සඳහා අවංක ස්වභාවයෙන්ම සුභපැතුම් ද එක් කළාය. ඒ අනුව රාජපක්‍ෂ මහතා ජිනීවා බලා පිටත් විය. 


ජිනීවා ගොස් දිනක් විවේක ගත් ඇමතිවරයා ඊළඟ දිනයේ සූදානම් වූයේ කම්කරු සම්මේලනය ඇමතීමටයි. ඒ සඳහා සියල්ල සූදානම් කර ගනිමින් සිටිය දී ජිනීවාවල ශ්‍රී ලංකා තානාපතිතුමා මහින්ද මහතා හමුවීමට පැමිණ කීවේ “මං ආවේ ඉතා වැදගත් පණිවුඩයක් දීල යන්නට. ඔබතුමා කම්කරු ඇමතිකමෙන් ඉවත් කරලා”. එසේ කියූ තානාපතිවරයා වැඩි වේලාවක් නොසිට පිටත්ව ගියේය. ඔහුගේ පණිවුඩය ගැන කිසි වෙනසක් මහින්ද මහතා පෙන්නුම් කළේ නැත. ඒත් ඔහු කල්පනා කළේ තමන් රටේ නැති විට දී එසේ කර තිබෙන්නේ තමන් ගෙන ගිය අභීත වැඩපිළිවෙළ ගැන ආණ්ඩුවේම යම් කොටසක් විසින් එහි කූටප්‍රාප්තිය සිදු කර ඇති ජුගුප්සාජනක ආකාරය පිළිබඳවයි. 


කෙසේ වෙතත් ඉන්පසු දින කීපයකින් මව්රටට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා කටුනායක දී ප්‍රකාශ කළේ “පීනන්න දන්නා මාළුවා කොයි වතුරට දැම්මත් හොඳට පීනන බවයි” කෙසේ වෙතත් පසුදා ඔහු ධීවර ඇමතිකමේ දිවුරුම් දුන්නේය.

 

 

 

 



අදහස් (0)

“පීනන්න දන්න මාළුවාට කොයි වතුරත් එකයි”

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31137 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site