IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රනිල් - මලික් මවිත කළ චන්ද්‍රිකාගේ ප‍්‍රකාශය

සංවාදය එලෙසම තවදුරටත් සිදුවෙද්දී චන්ද්‍රිකා මැතිනිය මෙසේද කීවාය. ‘මම දැන් කලක ඉඳලම මලික්ට කියල තියනව හේතු ගණනාවක්ම නිසා මට පොදු අපේක්ෂකයා වෙන්න බෑ කියලා. මම ඔයාගේ පක්ෂයේ අනෙක් අයටත් මේක කියල තියෙනවා. අපි හොඳට දිනන්න පුළුවන් පොදු අපේක්ෂකයකු තෝරගමු. මම මගේ තීන්දුව නම් වෙනස්කරන්නේ නෑ. යනුවෙන් පැවසුවාය. එහෙත් ඇය මෙසේ කීවාය. ‘රනිල් ඔයා මේකට එකඟ වෙනව නම් මම ඡුන්දෙ ඉල්ලනව වගේම කැපවීමෙන් වැඩ කරනව ීඛත්‍ඡු  ඡුන්ද ටික අරගන්න’’.


කුමාරතුංග මැතිනිය මෙසේ ප‍්‍රකාශ කරද්දී වික‍්‍රමසිංහ මහතාගේ ක්ෂණික ප‍්‍රශ්නය වූයේ .ඔයැබ අයද. යන්නය. විශේෂයෙන්ම මේ වන විට නොැම්බර් 3 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහතා බොල්ගොඩ වැව ආසන්නයේ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවසට ගොස් ඔහු මුණගැසී තිබුණි. එම හමුවෙන් දින 3කට පසුව පැවැත්වෙන මෙම සංවාදය සිදුවන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාටත් චන්ද්‍රිකා මැතිනියටත් එම හමුව විසින් ගොඩනැඟුණු නව දේශපාලන පරිසරය හා පීඩනයද මතය.


වික‍්‍රමසිංහ මහතාගේ ඉහත ප‍්‍රශ්නයට ඉතා සංවිධානාත්මකව හා අධිෂ්ඨානශීලීව පිළිතුරු දුන් කුමාරතුංග මැතිනිය .ෂෙ හදම ාදබ.එ පසබා ෂ අසකක එැකක හදම.  කියා පැවසීය. ඇය දැන් සැරසෙන්නේ මෛත‍්‍රී ඇමතිතුමා පිළිබඳ අදහස පළමු වරට රනිල් වික‍්‍රමසිංහ මහතා හට පැවසීමටය. ඒ සමගම ඇයට ක්ෂණිකව ප‍්‍රශ්නයක් මතුවූවාය. එනම්, තමා මෛත‍්‍රී පිළිිබඳ යෝජනාව ගෙනඑන විටම වික‍්‍රමසිංහ මහතාගේ සිත අවුල් වනු ඇත. තවද කලක පටන්ම තමා වික‍්‍රමසිංහ මහතා සමග මෙලෙස කටයුතුකර තිබෙන්නේද වෙනත් අයකු පිළිබඳ සිත්හි තබාගෙන බවට වික‍්‍රමසිංහ මහතා සිතනු ඇත. ඒ කෙසේ වෙතත් මේ අවස්ථාවේ තවදුරටත් මෛත‍්‍රී ඇමැතිතුමා පිළිබඳ අදහස සඟවා තබාගත යුතු නැත.


මෙවන් සන්දර්භයක් තුළ ඇය මෙසේ පැවසුවාය. .ෂ ය්ා දෙ එයසබනසබට ෂ කදදනැා ්රදමබා ැඩැරහඅයැරුග ෂබ හදමර ච්රඑහ බද දබැ දඑයැර එය්බ හදමග ඊමඑ මබදෙරඑමබ්එැකහ හදම ය්ඩැ දබැ චරදඉකැපග ඊැජ්මිැ හදම ය්ඩැ කදිඑ ැකැජඑසදබි. මෙසේ කියූ ඇය අපේ පැත්තෙ එක්කෙනෙක් ඉන්නවා. එය ඇසූ වික‍්‍රමසිංහ මහතා ඉතා උනන්දුවෙන් විමසා සිටියේ ඒ කවුද යන ප‍්‍රශ්නයයි. ඊට පිළිතුරු දුන් ඇය යම් අභිමානයකින් යුතුව ‘‘මෛත‍්‍රී’’ යනුවෙන් පැවසුවාය. ”මෛත‍්‍රී” යන වචනය කන වැකීමත් සමග නැවත එය පුනරුච්ඡුාරණය කරන ආකාරයෙන් වික‍්‍රමසිංහ මහතාගේ මුවින් කියවුණේ ‘මෛත‍්‍රී’ යන්න පමණි. එතැනින් නොනැවතුණු වික‍්‍රමසිංහ මහතා ගේ මුවින් ඉබේට මෙන් පිටවූ ඊළඟ වචන කිහිපය වූයේ .ෂි යැ අසකකසබට එද ජදපැ. යනුවෙනි. ඊට පිළිතුරු දුන් කුමාරතුංග මැතිනිය කියා සිටියේ ‘‘මෛත‍්‍රීගෙන් මම මේක අහන්න පටන් අරගෙන මාස කීපයක් වෙනවා. තවදුරටත් ඉංග‍්‍රීසි බසින් කථා කළ ඇය .ඊැදෙරු හදම හදමරිැකෙ ්බබදමබජැ හදම ්ි ් ජදපපදබ ජ්බාසා්එැ. මෛතී‍්‍ර මුලින්ම බෑ කිවුවා. ඒත් දැන් කැමති වෙලා ඉන්නෙ.


මේ අනුව මෛත‍්‍රී ඇමතිතුමා පිළිබඳ ඇසීමෙන් වික්ෂිප්ත වූ රනිල් වික‍්‍රමසිංහ මහතා .ය්ි යැ ්ටරුැා. යනුවෙන් විමසද්දී .ෂඑ කදදනි කසනැ ්ටරුැා යැයි යන්න චන්ද්‍රිකා මැතිනියගේ කෙටි පිළිතුර විය. තවද .ෂෙ හදම ්ටරුැල ෂ අසකක ටැඑ යසප එද ්ටරුැ. යනුවෙන් ද ඇය ප‍්‍රකාශ කළාය.


සැබැවින්ම මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිතුමා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව ඔහු පරාජය කිරීම වෙනුවෙන් පොදු අපේක්ෂක අභියෝගය බාරගැනීමට සූදානම් බවට පළමුවරට චන්ද්‍රිකා මැතිනියගෙන් ඇසීමත් සමගම රනිල් x මලික් දෙදෙනාම මහත් විස්මයට පත්වූවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. දැන් ප‍්‍රශ්නය සැබවින්ම තීරණාත්මක මොහොතේදී මෛත‍්‍රී ඇමැතිතුමා මෙම අභියෝගයෙන් පලායයිද යන සැකය මුසු ප‍්‍රශ්නයයි. නැතහොත් තීරණාත්මක මොහොතේදී මෛත‍්‍රී ඇමතිතුමා හොබ්සන්ගේ තේරීම තුළ සිරවේද යන ප‍්‍රශ්නයයි. සැබවින්ම ඔහු මෙම අභියෝගය බාරගනීද? නැතහොත් හරි හරි කියමින් සිට පොදු අපේක්ෂකත්වය තමා සතු බව රාජපක්‍ෂවරුන්ට පෙන්වා ඔවුන් බියගන්වා ඒ තුළින් රාජපක්‍ෂවරුන්ට ඇතිවන පීඩනය මතින් අගමැති ධුරය ලබාගනිමින් පොදු අපේක්ෂක සමාජ ව්‍යාපාරය සුනුවිසුනු කරයිද? දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා චන්ද්‍රිකා මැතිනියට යොමු කරන්නේ එම ප‍්‍රශ්නයයි.
ක්‍්බ හදම එරමිඑ යසප ඊට ඇයගේ පිළිතුර ද සරලය. .ෂෙ හදම එරමිඑ පැ ඔරමිඑ යසප. ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය වෙනස් කළ එම දීර්ඝ සංවාදය නිමවූයේ .ෂෙ හදම ි්හ ිද ෂ අසකක ්ජජැචඑ. යන ප‍්‍රකාශය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුවින් පිටවීමෙන් අනතුරුවය.


තමා තරග නොකරන බවට ස්ථිර වශයෙන්ම තීරණය කර තිබූ කුමාරතුංග මැතිනිය සැප්තැම්බර් ඔක්තෝබර් වන විට තම හිතවතුන් සමග කරන සාකච්ඡුා අතරතුර තමා නොවන හොඳම පොදු අපේක්ෂකයා පිළිබඳ අන් අයගේ අදහස් උරගා බැලීමට උත්සාහ කළ බව මීට පෙර සඳහන් විය. ඒ අනුව ඔක්තෝබර් මාසයේදී එතුමියගේ නිවසේදී ආර්. සම්බන්ධන් මුණගැසුණු අවස්ථාවකදී සාකච්ඡුාව අවසානයේ තම නිවසින් පිටවයාමට නැගිට සිටි සම්බන්ධන් මහතා අමතා චන්ද්‍රිකා මැතිනිය මෙසේ කීවාය. ඵරග ී්පඉ්බා්බල උය්එ සි හදමර ඩසැඅ ්ඉදමඑ ඵ්සඑයරුැච්ක් ීසරසිැබ්?. සම්බන්ධන් පෙරළා විමසුවේ .ඨැබැර්ක ීැජරුඒරහ දෙ ීඛත්‍ඡු ්‍යැ සි බසජැ ප්බග ක්‍්බ හදම ඉැකසැඩැ සඑ. එවිට චන්ද්‍රිකා මැතිනිය ප‍්‍රතිචාර දක්වමින් .ශැි දෙ ජදමරිැ. යනුවෙන් පිළිතුරු දුන්නේය. විශේෂයෙන්ම ඔභ් සමග චන්ද්‍රිකා මැතිනිය කරන ලද සාකච්ඡුාවලදී ඇය සමග ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ද සහභාගි විය.

මතු සම්බන්ධයි.


සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

රනිල් - මලික් මවිත කළ චන්ද්‍රිකාගේ ප‍්‍රකාශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site