යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන් 15 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.
‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.
‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

 

නිසි ලෙස අණ දීමටත්, තම අණ නිසි පරිදි ක්‍රියාත්මක වන නිල බල යාන්ත්‍රණයක් පවත්වා ගැනීමටත් අදාළ හමුදා ප්‍රධානියා සමත් විය යුතු අතරම තීරණාත්මක අවස්ථාවන්හි දී තම යටත් නිලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය යුදමය තීරණ ගැනීමත් තමා නායකත්වය දෙන යුද බිමේ සත්‍ය ස්වරූපය තමාගේ ඉහළ නිලධාරීන්ට වාර්තා කිරීමත් දක්ෂ හමුදා නිලධාරියෙකුගේ ගුණාංග අතර කිහිපයක් පමණි. මේ අතර ශ්‍රී ලංකා හමුදාව අතර ප්‍රචලිත වහරකි. ‘කොහොම හරි කරන්න’ :ීදපැ යදඅ ාද සඑ* එලෙස සමහර නිලධාරීන් මවා ගත් රණකාමී රණශුරී ස්වරූපයක් තම යටත් නිලධාරීන් සහ සෙබළුන් ඉදිරියේ මවා පෙන්වන අතර සැබවින්ම ඔවුන්ගේ ගතේ සහ සිතේ යුද්ධයේ මූලික සිද්ධාන්ත නොමැත. මෙවැනි කරුණු පිළිබඳ වඩාත්ම ශාස්ත්‍රීය විග්‍රහයන් මීට වසර 2500 කට පෙර විසූ චීන යුද දාර්ශනිකයකු වූ සන් සූ ලියූ යුද කලාව කෘතියේද :ඔයැ ්රඑ දf උ්ර* පැහැදිලිව දක්වා ඇති අතර ශ්‍රී ලංකා හමුදාවේ සමහර නිලධාරීන්ට තවමත් යුද්ධයේ මූලික සිද්ධාන්ත හැදැරීමට සන් සූ ගේ එම කෘතිය තමා සන්තකයේම තබා ගැනීම කළ යුතු බව අලිමංකඩ ආශ්‍රිත සිද්ධියෙන් ද මැනවින් පසක් විය.


අලිමංකඩ කඳවුර මුහුණ පා සිටි තීරණාත්මක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අප්‍රේල් මස 19 වැනිදා මුහමාලේ පිහිටා තිබූ 55 සේනාංක මූස්ථානයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඊට නව පත්වීම් ලබා පැමිණ සිටි මේජර් ජනරාල් ජානක පෙරේරා සහ මේජර් ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු හමුදා නායකයෝ පිරිසක් සහභාගි වූහ. එහිදී 53 සේනාංකයේ බොහෝ දෙනෙකුගේ යෝජනාව වූයේ අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළේ වෙන්තිලේකර්නි, අරියාල, තනන්කිලප්පු හා නාගර්කෝවිල් ඇතුළු සියලුම ප්‍රදේශවලින් එල්ල වන  ප්‍රහාරවලට තම සේනාංකයට මුහුණ දීමට සිදුව ඇති බැවින් අලිමංකඩ රැක ගැනීමට තමන්ට භට පිරිස් යෙදවිය නොහැකි බවයි. ඒ අනුව ඒ වන විටත් අලිමංකඩ කඳවුරෙන් පසු බැසීම පිළිබඳ වූ අදහස 53 සේනාංකයේ බොහෝ දෙනෙකු අනුමත කළ අතර එසේ නොවන්නට මුලතිව් සිද්ධිය වැනි වූ මහා යුදමය ඛේදවාචකයක් සිදුවීමට ඉඩ ඇති බවද අවධාරණය කරන ලදී. තවද සැලසුම් සහගත රාත්‍රී හමුදා ඉවත් කිරීමක් පිළිබඳ අදහස එහිදී මතු විය. :ඡක්බැා භසටයඑ උසඑයාරදඅ්ක* ඒ අනුව බි්‍රගේඩියර් එගොඩවෙල දුරකථනයෙන් අමතා මෙම යෝජනාව පිළිබඳ දැනුම් දෙන ලද අතර යෝජනාව 53 සේනාංකයේ නිලධාරීන් විසින් ගෙන ආ ලද්දක් බව ද පැවසීය. නමුත් එහිදි එගොඩවෙලගේ පිළිතුර වූයේ  “53ෘසඩ එකට කියන්න ඒ ගොල්ලන්ගේ එන එක බලාගන්න කියලා. මම මේක බලාගන්නම් යනුවෙන් පිළිතුරු දුන්නේය. මෙම සිද්ධියට පෙර ද බි්‍රගේඩියර් එගොඩවෙල අලිමංකඩ කඳවුරේ තත්ත්වය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට වාර්තා කළ සෑම අවස්ථාවකම ඉතා රණකාමී ස්වරූපයකින් කථා කළ නිසාවෙන් අසල සිටි අන් නිලධාරීන්ට නිශ්ශබ්ද වන්නට සිදුවිය.


කෙසේ වෙතත් එදිනම හමුදාපති වීරසූරිය අලිමංකඩ කඳවුරේ සිටි කර්නල්වරයකුට කථා කොට තව දින කීපයක් කඳවුර රැක ගැනීමට ඔබට හැකි දැයි විමසීය. එවිට කර්නල්වරයාගේ පිළිතුර වූයේ “සර් තව පැය 48 ක් විතර” හමුදාපතිවරයාගේ ප්‍රශ්නය වූයේ  “ඇයි එහෙම කියන්නේ?” සර් සැපයුම් ලැබීම අවිනිශ්චිතයි. තුවාලකරුවන් ඉවත් කිරීම නැවතිලා. ගුවන් හමුදාවේ සහයෝගයක් නෑ” යන්නය.


කඳවුර මුහුණ දී සිටි මෙවැනි යුද යථාර්ථයක් තුළ 53 වැනි සේනාංකයේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බි්‍රගේඩියර් එගොඩවෙල ඉන් පැය 48කට පසුව එනම් අප්‍රේල් 21 වැනිදා කියා සිටියේ තමන්ට තව දුරටත් අලිමංකඩ කඳවුරේ පූර්ණ යුද අවදානම භාර ගත නොහැකි බවකි. ඒ නිසා හැකි ඉක්මනින් තමාට තම සේනාංකය අලිමංකඩින් ඉවත් කළ යුතු බව ද ඔහු කියා සිටියේය.


54 සේනාංක ප්‍රධානියා 21 වැනිදා සවස එලෙස කලබලයට පත්වීමට පෙර, දින කිහිපයක සිටම කඳවුරේ අනෙකුත් නිලධාරීන්ට ඉවෙන් මෙන් කඳවුර අනිවාර්යයෙන්ම අතහැර යාමට සිදුවන බව වැටහී තිබිණ. එහෙත් ඔවුන්ට අවසන් මොහොත දක්වාම සතුරාට එරෙහිව සටන් කිරීම ද සිදුවිය. මේ අනුව එම තීරණාත්මක දින කිහිපය තුළ ඉඩක් ලැබුණු හැම විටම නිලධාරීන් එකිනෙකා මුණගැහුණු විට සහ දුරකථනය මගින් නිරන්තරයෙන්ම විමසූයේ “මොකද වෙන්න යන්නේ” වැනි අවිනිශ්චිත සහගත ප්‍රශ්නයකි. එහෙත් විශේෂත්වය නම් 22 වැනිදා පෙරවරුව වන තුරු 54 සේනාංකයේ බහුතර කනිෂ්ඨ නිලධාරීන් සහ සෙබළු කඳවුර අතහැර පසුබැසීමට ගෙන තිබූ තීරණය නොදැන සිටීමයි.


මේ සියල්ල අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් පරිදි 54 සේනාංකයේ මාණ්ඩලික ප්‍රධානී කර්නල් හැරිස් හේවාරච්චි විසින් ඉදිරියේදී ඇතිවන අවශ්‍යතාව අනුව ක්‍රියාවේ යෙදවීමේ අරමුණින් රාත්‍රී හමුදා ඉවත් කිරීමකට අවශ්‍ය සම්පූර්ණ සැලසුමක් සකසන ලද අතර එම සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් 25 වැනිදා රාත්‍රියේය. අලිමංකඩ කඳවුර වෙන අමතර භට පිරිස් පැමිණ ආරක්ෂාව සැලසුවහොත් කඳවුරේ රැඳී සිටීමටත් එසේ නොවුණ හොත් සැලසුමට අනුව ක්‍රියා කිරීමටත් කටයුතු සම්පාදනය කර තිබූ එම සැලසුම් 21 වැනිදා 54 වැනි සේනාංකයේ අනෙක් නිලධාරීන්ගේද අවධානයට යොමු කරන ලදී. විශේෂයෙන්ම මෙම රාත්‍රී හමුදා ඉවත්වීමේ සැලසුමට අනුව 53 සේනාංකයේ කොමාන්ඩෝ, විශේෂ බළකාය, ගුවන් සංක්‍රමණික බළකාය මෙන්ම වෙනත් පාබළ බළ ඇණි පැමිණ පසු බසින සෙබළුන්ට ආරක්ෂාව සැපයීම කළ යුතු විය.


කෙසේ වෙතත් දිවා කාලයකදී හමුදාවක් සතුරාගේ ග්‍රහණයට නතු වූ ප්‍රදේශයක ගමන් කරන විටක දී මෙන්ම රාත්‍රී හමුදා ඉවත් වීමකදී එය ඉතා සංකීර්ණ අවදානම්කාරී බැරෑරුම් කාර්යයක්ද වේ. එහිදී ඊට මුහුණ දෙන හමුදාවකට නැතහොත් සෑම සෙබළෙකුටම රාත්‍රී යුද ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් මෙන්ම දක්ෂතාද තිබිය යුතුයි. :භසටයඑ ීනසකකි* එ සමගම පැහැදිලි සහ දක්ෂ අණ දීමක් හෙවත් නායකත්වයක් තිබිය යුතුය. තවද ඉතා නිවැරදි සහ සූක්ෂ්ම සැලසුමකට අනුව සියල්ල සිදුවිය යුතුය. :ඵැඑසජමකදමි ඡක්බබසබට* ඒ ආකාරයෙන්ම පණිවිඩ හුවමාරුව, තාක්ෂණික ආලෝක සංඥා උපකරණ :ඛසටයඑසබට ෑුමසචපැබඑි* අනිවාර්ය අංගයන් වන අතර සෙබළුන් එකිනෙකා නොගිලිහෙන ආකාරයෙන් එකා පිටුපස එකා ආකාරයට ගමන් කළ :ඊදමබා එද ඊදමබා* යුතුවා මෙන්ම සෙබළුන් පිළිපැදිය යුතු උපදෙස් නියමාකාරයෙන් සපයාදිය යුතුය. ඒ සියල්ල එසේ සිදුවෙද්දී ඊට සහභාගි වන සෙබළුන් ගමන් ගන්නා මාර්ගයට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වෙනත් භට පිරිස් යෙදවිය යුතුය. පසුපසින් සෙබළුන්ට පහසුවෙන් ළඟා විය හැකි ආරක්ෂක ස්ථානවල කඳවුර ස්ථාපනය කළ යුතුය. :ඍැජදඩැරසබට ඊ්ිැි* මේ අනුව පෙනී යන්නේ යෝජනා කර තිබූ රාත්‍රී හමුදා පසුබැසීම ද සරල සුගම කාර්යයක් නොවූ බවයි. කෙසේ වෙතත් රාත්‍රියේදී සිදුවන එවන් කටයුත්තකදී සතුරා ද වික්ෂිප්තභාවයට පත්වේ. රාත්‍රියෙහි සිදුවන සටනකදී ගිනි අව්වලින් නිකුත්වන ආලෝකය නිසාවෙන් සතුරා සිටින ස්ථානය පහසුවෙන් හඳුනාගත හැක. එහෙත් පසුබසින සෙබළුන් රාත්‍රී පසුබැසීමේ මූලික සිද්ධාන්ත පිළිපැදීමට අපොහොසත් වුවහොත් අත්වන ඉරණමද සරල නොවේ. රාත්‍රියේ තම භට සමූහයෙන් මග හැරුණහොත් සතුරු බිමේම අතරමං විය හැක. එලෙසම නිවැරදි උපදෙස්වලින් බැහැර වුවහොත් සිදුවන සියල්ල නිරීක්ෂණය කරමින් සිටින සතුරාට, අවස්ථාවට උචිත ආකාරයෙන් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමටද හැකියාව ලැබේ.

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.