IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


මෛත්‍රීගේ සිරිකොත ගමන

තිස්සගේ මතක වත-105

 

පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගත්තා කිව්වට පස්සේ මෛත්‍රීපාල සිරිසේන පළමුවැනි වතාවට සිරිකොත පක්ෂ මූලස්ථානයට ආපු ගමනත් වැදගත් සිදුවීමක්. මේ ගමන එනකොටත් ඔහු පොදු අපේක්ෂකයා විදියට ඔහු නිල වශයෙන් නම් කරල තිබුණේ නෑ. ඔහු ආවේ පක්ෂයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ විධායක සභාවට. මේ විධායක සභාව කැඳවලා තිබුණත් ඒකට මෛත්‍රීපාල සිරිසේනත් සහභාගි වෙනවා කියලා මම දැනගත්තේ ඊට කලින් දවසේ. 


සිරිකොත පරිපාලන අධ්‍යක්ෂවරයා තමයි මට මේ බව දැනුම් දුන්නේ. මට මේ බව කලින් කවුරුවත් දැනුම් දීමක් කරලා තිබුණේ නෑ. මම පක්ෂ මහලේකම්වරයා වෙලාත් ජනාධිපති අපේක්ෂකයා සිරිකොතට එන එක මම දන්නේ නෑ. මේක දැනගත්තම මම ඒ වෙලාවෙ ටිකක් කලබල වුණා. ඒත් පස්සේ මම සන්සුන් වුණා.


මෛත්‍රී සිරිකොතට එන දවසෙ උදේ ඔහු එන්න ස්වල්ප මොහොතකට කලින් මලික් සමරවික්‍රම මට කතා කරලා කිව්වා අද මෛත්‍රීත් සහභාගි වන විධායක සභාවේ මටත් කතාවක් කරන්න තියෙනවා කියලා. මම කිව්වා මට ඒක කරන්න බෑ කියලා. මේ සම්බන්ධව මම කිසි දෙයක් දන්නෙත් නැති නිසා සමහර විට මගේ කතාවේ දී වැරදි දෙයක් කියවෙන්නත් පුළුවන්. ඒ නිසා මට ඒක කරන්න බෑ කියලා මම මලික්ට තරයේම කියා හිටියා. ඊට ටික වෙලාවකට පස්සේ රනිල් වික්‍රමසිංහ මට කතා කළා. ඔහුත් මට කිව්වේ මහලේකම්වරයා විදියට කතාවක් කරන්නම ඕනෑ කියලා. දිගින් දිගටම රනිල් වික්‍රමසිංහත් මේ ගැන කියපු නිසාත් මම මහලේකම්වරයාගේ වගකීම පැහැර හැරියා කියලා පක්ෂ ක්‍රියාකාරීන්ට වැරදි වැටහීමක් ඇතිවෙන්නත් ඉඩ තියෙන නිසා මම අකමැත්තෙන් වුණත් ඒ ඉල්ලීම බාර ගත්තා.


මෛත්‍රී සිරිකොතට එද්දී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. මම නම් ඔහු පිළිගන්න පහළට බැස්සෙත් නෑ. මම කෙළින්ම උත්සවය තිබුණු ශාලාවට ගියා. දයා ගමගේලා, අනෝමා ගමගේලා, තලතා අතුකෝරලා ඇතුළු පිරිස තමයි බොහොම උනන්දුවෙන් මෛත්‍රීව පිළිගන්න ඉස්සරහට ගියේ. ඒකටත් ලොකු පොරයක් තිබුණේ. මෛත්‍රී ඇවිත් උත්සව සභාවෙ වාඩි වුණේ මම වාඩිවෙලා හිටපු පුටුවට එහා පැත්තේ පුටුවේ. උත්සවය ආරම්භ වෙලා පිළිගැනීමේ කතාවට මට ආරාධනා කළා. මම ගිහින් මගේ අදහස් දැක්වීම කළා.
මගේ කතාවේ දී මම කිව්වා ”මම තරමක් කනගාටුවෙන් අද කතා කරන්නේ. මොකද යූඑන්පී එකේ අපි බලාපොරොත්තුවෙන් හිටියා කොළ පාට අපේක්ෂකයෙක් පත් කරගන්න. අවාසනාවකට ඒ අවස්ථාව අපිට ලැබුණේ නෑ. දැන් වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොඳට මතක තියාගන්න ඔබ ජයග්‍රහණය කළොත් ජයග්‍රහණය කරන්නේ යූ.එන්.පී. කාරයන්ගේ හයියෙන් බව කියලා මම මගේ කතාව අවසන් කළා.


මගේ කතාවට පස්සේ මෛත්‍රීයි රනිලුයි දෙන්නත් කතා කරලා සභාව අවසන් වුණා. සභාවෙ වාඩිවෙලා ඉන්න අතරෙ මෛත්‍රී මට කිව්වා අපි දෙන්නා පොඞ්ඩක් පෞද්ගලිකව මුණ ගැහිලා ටිකක් කතා කරමු කියලා. මට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියලා. මම කිව්වා ඕනෑම වෙලාවක් කියන්න මම එන්නම් කියලා.


ඒ උත්සවය ඉවර වෙලා ගෙදර ආවට පස්සේ සමහරු මට කතා කරලා කිව්වා පක්ෂෙ ප්‍රධාන පෙළේ කීප දෙනෙක් කතා වුණා කියලා මම ජනාධිපති අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල පත්කරපු වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදනව කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මං ගැන කිසිම අදහසක් ප්‍රකාශ කරලා තිබුණේ නෑ. මේ ගැන මට කියපු අයට මම කිව්වෙ මම ඒ වෙලාවෙ කතා කළේ අපේ පක්ෂයේ බහුතර පාක්ෂිකයා වෙනුවෙන් කියලා.


ඔය අතරෙ තමයි පක්ෂ මහ සමුළුව කැඳෙව්වෙ. 2014 දෙසැම්බර් මාසේ මුල් සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී තමයි සමුළුව පැවැත් වුණේ. මේ සම්මේලනයේ වැඩ කටයුතු සියල්ලම වගේ කළේ මම.


 තව කොටසක් ලබන සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මෛත්‍රීගේ සිරිකොත ගමන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 249 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 298 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1218 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site