IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෛත්‍රීගෙන් තද තීන්දුවක්

සාකච්ඡාව නිමවා පිටත්ව යාමට පෙර වික්‍රමසිංහ මහතා රාජිත ඇමතිතුමාට කියා සිටියේ තමාගේ තීරණය දිනේෂ් 

මගින් ලබා දෙන බවය. ඒ අනුව වික්‍රමසිංහ මහතා නැවත නිවසට කැඳවාගෙන ගිය දිනේෂ් වීරක්කොඩි එනතුරු රාජිත ඇමතිතුමා කපිල රණසිංහගේ කාර්යාලයේම තවදුරටත් රැඳී සිටියේය. මේ අනුව නැවත එහි පැමිණි දින්ෂේ පැවසුවේ ඊදි සි රු්ාහ අසඑයාර්අ යසි බදපසබ්එසදබ යනුවෙනි

 ඊට අනුව එම රාත්‍රියේම යළිත් දිනේෂ්ගේ ජංගම දුරකථනය ඔස්සේ රනිල් රාජිත කතා බහක් ඇති විය. එම සංවාදයේ දී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත ඇමතිතුමාට පොදු අපේක්ෂකයා වන ලෙසත් එහිදී මැතිවරණ ව්‍යාපාරය සඳහා අවශ්‍ය දේශපාලන හා මුල්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම තමා ඉතා වගකීමෙන් යුතුව ඉටු කිරීමට කටයුතු කරන බවත්ය.
තවද වික්‍රමසිංහ මහතාගේ අදහස වුයේ රාජිත ඇමතිතුමා පොදු අපේක්ෂකයා වූ කල දෙමළ, මුස්ලිම් ඡන්ද මෙන්ම, සිංහල බෞද්ධ මෙන්ම ශ්‍රී.ල.නි.ප. යම් ඡන්ද ප්‍රමාණයක් ද ලබා ගත හැකි වනු ඇති බවයි. එහෙත් ඊට ප්‍රතිචාර දැක් වූ රාජිත ඇමතිතුමාගේ පිළිතුර වූයේ මෙවර දෙමළ මුස්ලිම් ඡන්දය නිසැක වශයෙන්ම මහින්ද රාජපක්ෂ විරෝධී බවත් එය ලබා ගැනීමට තමා පොදු අපේක්ෂකයා වීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්ය.
 
තවදුරටත් කථා කළ ඇමති රාජිත කියා සිටියේ මෙම අවස්ථාවේ වඩා වැදගත්ම සාධකය වන්නේ සිංහල බෞද්ධ ඡන්ද ලබා ගත හැකි පොදු අපේක්ෂකයකු බවත් තමා සම්බන්ධයෙන් සැලකු කල සිංහල බෞද්ධ ඡන්දයට තමා ආකර්ෂණීය චරිතයක් නොවන බව තමාටම හැඟෙන බවත්ය. එදින  දුරකථන ඇමතුම එතැනින් අවසන් විය. 


පසුදින උදෑසන රාජිත ඇමතිතුමා මෛත්‍රී ඇමතිතුමාගේ නිවසට පැමිණ පෙරදා රාත්‍රියේ සිදු වු සියල්ල සත්‍ය ආකාරයෙන්ම විස්තර කළේය. මෛත්‍රී ඇමතිතුමා එහිදී කියා සිටියේ තමා පොදු අපේක්ෂකයා වුවද නොවුවද රාජපක්ෂවරු සමග යළිත් දේශපාලනය නොකරන බවය. එහිදී රාජිත ඇමතිතුමා ප්‍රකාශ කර සිටියේ වික්‍රමසිංහ මහතා හා තමා අතර වූ සාකච්ඡාවේ දී මතු වූ කරුණු සලකා බැලීමේ දී එහි සියලු නිර්නායකයන් සපුරා ඇති සුදුසුම පොදු අපේක්ෂකයා මෛත්‍රී ඇමතිතුමා බවයි. විශේෂයෙන්ම රාජිත රනිල් සාකච්ඡාවේ දී මතු වු කරුණුවලට අනුව ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා එ.ජා.ප. සාමාජිකයකු නොවිය යුතුය. ඔහුට දමිළ මුස්ලිම් ඡන්ද මෙන්ම සිංහල බෞද්ධ ඡන්දය ද එක ලෙස ලබා ගැනීමට හැකි විය යුතුය. ඒ සමගම ශ්‍රී.ල.නිප.යෙන් යම් ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ගැනීමට හැකි අයකු විය යුතුය. තවදුරටත් ගිය කල දූෂණ අක්‍රමිකතා චෝදනාවලට ලක් නොවු පිරිසිදු ජ්‍යෙෂ්ඨ රට පිළිගත් දේශපාලනඥයකු විය යුතුය. නැතහොත් සැමට පිළිගත හැකි පොදු අපේක්ෂකයා යනු 2014 නොවැම්බර් මස වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ සිටි පරමාදර්ශීම චරිතය විය යුතුය.

 

කෙසේ වෙතත් රාජිත ඇමතිතුමාගේ යෝජනාවට මෛත්‍රී ඇමතිතුමා එක් වරම ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වීය. අද සිට බලන විට යමකුට පොදු අපේක්ෂක ධුරය ලැබීම මහත් භාග්‍යයක් සේ සිතුන ද 2014 ඔක්තෝබර් අග සහ නොවැම්බර් මස වන විට මෙම ධුරය කටු ඔටුන්නකි.


 කෙසේ වෙතත් රාජිත ඇමතිතුමාගේ යෝජනාවට මෛත්‍රී ඇමතිතුමා එක් වරම ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වීය. අද සිට බලන විට යමකුට පොදු අපේක්ෂක ධුරය ලැබීම මහත් භාග්‍යයක් සේ සිතුන ද 2014 ඔක්තෝබර් අග සහ නොවැම්බර් මස මුල් භාගය වන විට මෙම ධුරය කටු ඔටුන්නකි. එපමණක් ද නොව මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙය මහත් හිසරදයක් බඳුය. ජනාධිපතිවරණය ජය ගත හැකි තම පක්ෂයේ නොවන සුදුස්සකු සොයමින් වික්‍රමසිංහ මහතා ඒ මේ අත සැරි සැරු දින කිහිපයකි. මේ එක් අතකින් පොදු අපේක්ෂක ධුරය තමා සතුකර ගැනීමට කරූ ජයසූරිය මහතා වෙරදරන අතර අනෙක් අතින් තමා ජනාධිපතිවරණයට ඇද දැමීමට සජිත් පාර්ශ්වය අර අඳී. 
මෙවන් සන්දර්භයක් තුළ සිදු වූ රාජිත මෛත්‍රී හමුව කෙළවර වූයේ තමාට මේ සම්බන්ධයෙන් කල්පනා කිරීමටත් පවුලේ සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බවත් පැවසීමෙනි. සැබවින්ම මෙම සාකච්ඡාව මෙලෙස සිදු වන විටත් චන්ද්‍රිකා මැතිනිය හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති වූ අවසන් සාකච්ඡාවේ දී වික්‍රමසිංහ මහතා යම් ආකාරයකින් මෛත්‍රී ඇමතිතුමාගේ පොදු අපේක්ෂක නාම යෝජනාවට අනුකූලතාවක් දක්වා තිබුණි. එහෙත් රනිල් රාජිත හමුවේ දී තමන් හා චන්ද්‍රිකා මැතිනිය අතර සිදු වන එම සාකච්ඡා හා එකඟතාවන් පිළිබඳ කිසිදු සඳහනක් නොකිරීමට වික්‍රමසිංහ මහතා වග බලා ගත්තේය. එලෙසම රාජිත මෛත්‍රී සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් මෛත්‍රී ඇමතිතුමා ඉඟියක් හෝ ප්‍රකාශ නොකළේය. 


මෛත්‍රී රාජිත හමුවෙන් දින 2කට පසුව යළිත් රනිල් රාජිත හමුවක් පෙර පරිදිම අදාළ ස්ථානයේ දී සිදු විය. මේ වන විට දිනේෂ් වීරක්කොඩි රාජිත ඇමතිතුමාට දන්වා තිබුණේ යළිත් වරක් වික්‍රමසිංහ මහතාගේ සිත වෙනස් වී ඇති බවය. ඒ අනුව ආරම්භයේදීම රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමාට පක්ෂයෙන් විශාල පීඩනයක් එල්ල වෙමින් ඇති බවත් ඒ අනුව තමාට ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුවනු ඇති බවත්ය. එහෙත් එය ඇසු රාජිත ඇමතිතුමා පෙර අවස්ථාවේදී පරිදිම තම දේශනය ආරම්භ කළේය. එවිට වික්‍රමසිංහ මහතා විමසා සිටියේ යෝජනා කරන පොදු අපේක්ෂකයා කවුරුන්ද යනුවෙනි. එවිට මෛත්‍රී ඇමතිතුමා බව ඇසු වික්‍රමසිංහ මහතා තුළින් යම් විස්මයක් නැවත වරක් පළවුවා වැනිය. සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහතා සොයන පොදු අපේක්ෂකයා මෛත්‍රී ඇමතිතුමාය. 


කබීර් පිළිබඳ සැලකීමේදි ඔහු විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග හා රාජිත සේනාරත්න යන අයගේ දීර්ඝ කාලීන හා ඉතා විශ්වසනීය මිත්‍රයෙකි. විශේෂයෙන්ම අනූව දශකයේ මුල් භාගයේ සිට චන්ද්‍රිකා මැතිනිය හා රාජිත ඇමතිතුමා අතර ඇති වු ප්‍රසිද්ධ විරසක වීමේදී පවා කබීර් තවදුරත් මේ දෙදෙනාගේම විශ්වාසය දිනා ගත් මිත්‍රයකු විය. 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මෛත්‍රීගෙන් තද තීන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site