IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගොදුරුවූ පේරු රාජ්‍යයේ ජවියර් ඔර්ටෙගා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 12

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්වූ බැවිනි. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කළ ජවියර් ඔර්ටෙගා ද එවැනි සහෘදයෙකි.


පේරු රාජ්‍යයේ පැරැණිතම දිනපතා පුවත්පත වූ :ෑක ක්‍දපැරජසද* වෙනුවෙන් සේවය කළ ජුවාන් ජවියර් ඔර්ටෙගා රෙයිස්, මියයන විට 32 හැවිරිදි වියේ පසුවූවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව තොරතුරු එක්රැස් කරමින් සිටියදී පැහැරගැනීමකට ලක් වූ ඔහු, මෙලෙස පැහැරගැනීමට ලක් වන්නේද ඔහුගේ මාධ්‍ය කණ්ඩායමේ (ඡායාරූප ශිල්පී පෝල් රිවාස් සහ රියදුරු එෆ්රයින් සෙගාරා සමග බටහිර කොළොම්බියාවේදීය. එනම් ඉක්වදෝර දේශසීමාවේ මටාජේ නම් ප්‍රදේශයේදී පසුගිය වසරේ අප්‍රේල් මස 10 - 12 අතර දිනයක ය.
කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයෙන් අනතුරුව නිකුත් වූ ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරෙනෝගේ නිවේදනයද දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඒ ඔහුගේ ඝාතනය සිදුවූයේ කුමන බල ප්‍රදේශයේද යන්න පිළිබඳව කොළොම්බියා රජය සහ ඉක්වදෝර රජය අතර මත ගැටුමක් ඇතිවූ බැවිනි. නිදහස් මාධ්‍ය වෙනුවෙන් අරගල කළ :ඊදටදඒ-ඉ්ිැා ත්‍දමබා්එසදබ* සිය අරගලය තව දුරටත් දියුණු තියුණු කළේ මේ හේතුවෙනි.


වසර හයක් පුරා රටේ සිදුවන වංචා, දූෂණ මෙන්ම අපරාධ කටයුතු, දේශපාලන කටයුතු මෙන්ම පුරවැසියන්ගේ මානව හිමිකම් වෙනුවෙන්ද අරගල කළ ජවියර්, කියුතෝ දේශයෙන් කියුබානු ජාතිකයන් නෙරපීම වැනි ආන්දෝලනාත්මක ලිපි පළ කළ සුප්‍රකට ජනමාධ්‍යවේදියකු වන අතර, පසුගිය වසරේ පෙබරවාරි මස වන විට මරණ තර්ජනවලට ගොදුරු වූයේද මේ හේතුවෙනි. ඉක්වදෝර - කොළොම්බියා දේශ සීමාවේ සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඔහු සිදුකළ හෙළිදරව්ව මෙහිදී විශේෂය. 
එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂිත බව තහවුරු නොකළ කොළොම්බියා සහ ඉක්වදෝර රජය සිදුකළේද, පැහැර ගැනීමෙන් අනතුරුව මෙම පැහැර ගැනීම කොකේන් ජාවාරම්කාර නායක ගුවාචො (වෝල්ටන් අරිසාලා) නම් හිටපු කැරැලිකාර යුද සන්නද්ධ :ත්‍්ඍක්‍* සාමාජික විසින් සිදුකළ බවට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමයි.  ඍක්‍භ ඔඪ නාලිකාවද ප්‍රේක්ෂකයන් තැති ගන්වමින් ජවියර් ඇතුළු පිරිස ප්‍රාණ ඇපයට ගෙන සිටින වීඩියෝ පටය මාධ්‍යයට නිකුත් කරන්නේ මේ අතරතුරයි. ඒ වන විට ඔවුන්ගේ සිරුරු දම්වැල්වලින් බැඳ ඉබි යතුරුවලින් සිර කර තිබූ අතර අසරණ වී සිටි ඔවුන් ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ සිය ජීවිත බේරාදෙන ලෙසයි. එහෙත් ඒ වෙනුවෙන් කිසිදු සාර්ථක උත්සාහයක් නොගත් රාජ්‍ය නිලධාරීන් නිසාවෙන් ජවියර් ඇතුළු පිරිසට අවසන අත්වූයේ මරණයයි.

 


මේ පිළිබඳ ඉක්වදෝර පොලීසියේ පැහැරගැනීම් සම්බන්ධ විධායක පොලිස් අධිපති පොලිවියෝ විනුයෙසා පැවසුවේ ඉක්වදෝරය, මෙම කල්ලිය සමගින් වට්ස්ඇප් සම්බන්ධයක් ගොඩනගා ගත් නමුත් ඒ හරහා ජවියර් ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට උත්සාහ කිරීමේදී  ඔවුන් ඒ සම්බන්ධයෙන් නම්‍යශීලි බවක් පෙන්නුම් නොකළ බවකි. ඔවුන් කියුතෝහි සිරගත කර සිටින අරිසාලාගේ නෑනා නිදහස් කරන ලෙස තදින්ම ඉල්ලා සිටි බවකි. එබැවින් ඉන් ඉදිරියට ජවියර් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට නොහැකි වූ ඉක්වදෝර පොලීසිය හේතුවෙන් අදාළ නිවේදනයක් නිකුත් කළේ ජවියර් ඇතුළු පිරිස ඝාතනයට ලක් කළේ ඉක්වදෝර රජය සහ කොළොම්බියා රජය විසින් තම කණ්ඩායමට එරෙහිව සිදුකරන වැටලීම් නවත්වාලීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් බවයි.


එදිනම ක්‍රියාත්මක වූ ඉක්වදෝර ජනපති මොරෙනෝ නිවේදනයක් නිකුත් කළේ මෙම පැහැරගත් කණ්ඩායම සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන්නෙකුට ඇ.ඩො. 100,000ක ත්‍යාගයක් පිරිනමන බව කියමිනි. එසේ නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අරගල කරන ජනමාධ්‍යවේදීන් සුරක්ෂිත කිරීම නොවේ. එම වසරේ ජුනි මස 27 වැනිදා ජවියර් ඇතුළු පිරිසගේ සිරුරු සිය මව්රටට පේරුවට ගෙන ආවේ මේ අතරතුරයි. ඒ ඝාතනයෙන් මාස දෙකක්ද ඉක්ම ගිය පසුයි.


ඔවුන්ට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් මස 21 වැනිදා මෙහි ඝාතකයා වූ අරිසාලා මරණයට පත්වන්නේ ඉන් අනතුරුවයි. ඒ ජවියර් ඇතුළු පිරිස බේරාගැනීමට සාමූහිකව උත්සාහ නොකළ ඉක්වදෝර සහ කොළොම්බියානු පොලීසිය, ඝාතකයා මරණයට පත් කිරීමට සිදුකළ සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසිනි. එම නිල නිවේදනය නිකුත් කිරීමට කොළොම්බියානු ජනාධිපති ඉවාන් ඩිකියුද පසුබට නොවූ අතර ඒ බව ඔහු රූපාවාහිනි නාලිකාවටම පැමිණ තහවුරු කළේ ඝාතකයා සම්බන්ධයෙන් තමන් තුළ වූ උනන්දුව නිරූපණය කරමිනි.

 


මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගොදුරුවූ පේරු රාජ්‍යයේ ජවියර් ඔර්ටෙගා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 220 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site