ජවිපෙ අරමුදල් තරකිරීම සඳහා රාගම සෝමසිරිගේ නායකත්වයෙන් විශේෂ කණ්ඩායමක් 1984 අග භාගයේදී පිහිටුවන ලදී. එම කණ්ඩායමේ නියෝග අනුව මුදල් සෙවීම සඳහා ප‍්‍රධාන සහ ග‍්‍රාමීය බැංකු බිඳ මුදල් ලබාගැනීමටද මෝටර් රථ, යතුරු පැදි, පාපැදි ඇතුළු වාහන පැහැර ගැනීමටද ප‍්‍රාදේශීය වශයෙන් ග‍්‍රාමීය සහ අර්ධ නාගරික ප‍්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයින් ගෙන් මුදල් කොල්ලකෑමද, වැටුප් මංකොල්ලකෑමද ඒ අතර විය. 


සියලූ මුදල් රැුස්කිරීම දැඩි විනයකට සහ සදාචාරයකට යටත් වූ අතර ඒවා ජවිපෙ සහ පසු කාලයේ එහි සන්නද්ධ අංශය බවට පත් වූ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ ක‍්‍රියාකරකම් සහ පූර්ණකාලීනයන්ගේ අවශ්‍යතා සඳහා වෙන්විය. කැරලිකරුවන් විසින් මෙම මංකොල්ලකෑම් හදුන්වනු ලැබුවේ ‘ආර්ථික වැඩ’ වශයෙනි.

 

 

ජවිපෙට මුදල් රැුස්කිරීමේ කටයුත්තේදී 1985 සිට 1990 දක්වා කැරලිකරුවෝ සිය ගණනක් මිය ගියහ. ප‍්‍රථමයෙන්ම ගම්පහ සුනිල් අබේරත්න 1985 දී මිය ගියේ යතුරුපැදියක් පැහැරගැනීමට ගොස් ඇති වූ  සිද්ධියකදී දරුණු ලෙස තුවාල ලබා පොලිසියට හසුවී රෝහලේදීය. ශිෂ්‍ය අංශයේ පූර්ණකාලීනයෙකු වූ අනුරාධපුර සරත් විජේසිංහද මරුමුවට පත්වූයේ මංකොල්ලකෑමකදී තබන ලද වෙඩි පහරකිනි. ජවිපෙ ප‍්‍රාදේශීය ප‍්‍රබල නායකයෙකු වූ මාතර තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේ ගුරු වැටුප් මංකොල්ලයකදී 1985 අම්බලන්තොට පොලිසියට හසුවීමෙන් පසු ඝාතනයට ලක්විය. අධ්‍යාපන කඳවුර පැවැත්වීම වැනි වගකිවයුතු වැඩ කොටසක් කළ තල්පාවිල ධර්මේ වැනි අයෙකු එවැනි කාර්යයකට යොදා ගැනීම පිළිබඳව ජවිපෙ තුළ විවේචනයක් ඇතිවිය. අන්තරේ කැඳවුම්කරුව සිටියදී වෙනත් ඉලක්කයක් වෙත ගෙන ගිය බෝම්බය අතේ පිපිරී මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය මිය ගිය අවස්ථාවේදීද ඒ හා සමාන විවේචනයක් ඇතිවිය.


ජවිපෙ මගින් අරමුදල් තරකර ගැනීම 1985 සිට 1990 දක්වා රාජ්‍ය බැංකුවල ප‍්‍රධාන පෙළේ ශාඛාවන් 62 ක් බිඳ මුදල් සහ රන්භාණ්ඩ පැහැරගන්නා ලදී. එමෙන්ම කෙලාබොක්ක වතුයායේ වැටුප්  පැහැරගැනීම් ඇතුළු ප‍්‍රධාන මුදල් පැහැරගැනීම් චෝදනා 131 ක්ද විය. ආයුධ පෙන්වා නිවැසියන් බිය ගන්වා රුපියල් 20,000 ට වඩා දේපල මංකොල්ලකෑම් දහසකට අධික ගණනක්ද වාර්තා විය.


ගල්ගමුව විශාලතම බැංකු කොල්ලය 1986 සැප්තැම්බර් 23 වැනිදා සිදු කළේය. දිගන මහජන බැංකුවට 1988 අගෝස්තු 22 වැනිදා  කඩා වැදී ලක්ෂ 60 ක මුදල් රන්භාණ්ඩ කොල්ලකන ලදී. දිගන බැංකුව කොල්ලකෑමට පැමිණි 5 දෙනා බැංකුවේ බලය අත්පත්කර ගත්තේ ආරක්ෂක නිලධාරියා දැලි පිහියකින් තුවාලකරමිනි. මරදගහමුල බැංකුවට 1987 මැයි 11 කඩාවැදී ලක්ෂ 35 ක් පැහැර ගන්නා ලදී. කොළඹ ජනාකීර්ණ ප‍්‍රදේශ වූ මොරටුව කටුබැද්දේ මහජන බැංකුව සහ ලංකා බැංකුවේ සියලූ මුදල් 1989  ජනවාරි 16 කොල්ලකෑමට සමත් වූ කැරලිකරුවෝ 1989 පෙබරවාරි 8 වැල්ලවත්ත මහජන බැංකුවෙන් මුදලින් රුපියල් දශලක්ෂ 22 ක්ද රන් ආභරණ තොගයක්ද තංගල්ල කුඩාවැල්ල මහජන බැංකුවෙන්් ලක්ෂ 80 වටිනා මුදල් සහ රන් භාණ්ඩද පැහැර ගත්හ. එවැනි මුදල් රැුස් කිරීම 1985 සිට 1990 දක්වා රට පුරාම ක‍්‍රියාත්මක විය. මින් කිහිප දෙනෙකුට රජය මගින් නඩු පවරාද තිබිණි. මෙම සිද්ධීන් වලට අදාළ ඇතැම් සැකකරුවන් බොරැුල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි අතර එම බන්ධනාගාරය 1988 දෙසැම්බර් මස බිඳ දමමින් ඔවුන් සියලූ දෙනාම මුදා ගැනීමට ජවිපෙ සමත් විය.


ගල්ගමුව බැංකු මංකොල්ලයට නායකත්වය දුන් ඉන්දරේ හෙවත් පන්නල කොට්ටල් භද්‍රආරච්චි ගේ ඉන්ද්‍රරත්න කෑගල්ල සහ කුරුණෑගල දිසා ලේකම් වශයෙන්ද කලක් කටයුතු කළ අතර අවසාන කාලයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. මීරිගම වේවැල්දෙනියේ පදිංචිකරුවෙකු වූ ඔහු 71 අපේ‍්‍රල් කැරලිකරුවෙක් වූ අතර පරාජයෙන් පසු විල්පත්තුවට පසුබැස ගියේය. දිගන මහජන බැංකු මංකොල්ලයට 1988 අගෝස්තු 22 නායකත්වය දුන් මීරිගම චන්ද්‍රරේ හෙවත් නානායක්කාරගේ චන්ද්‍රදාස 1971 කැරැුල්ලටද සම්බන්ධව සිටි අතර මධ්‍යම කාරක සභිකයෙකි. විශාල අරමුදල් සෙවීම සඳහා කටයුතු කළ කැරලිකරුවෝ බොහෝ දෙනා සන්නද්ධ පුහුණුවක් ලැබූ අය වූහ. එමෙන්ම හමුදාව අතහැර පැමිණි අයද ඒ අතර වූහ. අම්පාර, ත‍්‍රිකුණාමලය, සියඹලාණ්ඩුව, උඩවලවේ, ශ්‍රීපාදය, රත්නපුර එරත්න,  නකල්ස්, හම්බේගමුව, සිංහරාජයේ කඳුවැටි ඇතුළු ස්ථාන ගණනාවකම අවි පුහුණු කඳවුරු වලදී ඔවුහු පුහුණුවක් ලැබූහ.


පුපුරණ ද්‍රව්‍ය තාක්ෂණය ජවිපෙ හොදින් උකහාගෙන තිබිණි. බිම් බෝම්බ 500 කට ආසන්න ගණනක් දංකොටුව නාත්තණ්ඩිය පාරේ මාවතගමදීද, දංකොටුව, වෙන්නප්පුව මාර්ගයේද, අකුරැුස්ස මලගොඩ හන්දියේද, මාතලේද, මිද්දෙණියේද, ත‍්‍රිකුණාමලයේද, නිකවැරටිය සහ වාරියපොල අතර පිහිටි පාදෙනිය හන්දියේද, අකුරැුස්ස අමලගොඩ හන්දියේද, ලූනුගම්වෙහෙර පහේ ජනපදය සහ හුංගම ගුරුපොකුණේද, හම්බන්තොටද, මරදන්කඩවල හපිදියාගමද ඇතුළු ස්ථාන ගණනාවක පිපිරී ගොස් ආරක්ෂක හමුදා භට පිරිස් මරුමුවට සහ තුවාලකරුවෝ බවට පත්වූහ. එම බිම් බෝම්බ පිපිරවීමෙන් 1989 අගෝස්තු 18 මිද්දෙණියේදී හමුදා භටයින් 6 දෙනෙක්ද, මාතලේ ගලේවෙලදී හමුදා නිලධාරීන් 2 ක් සහ භටයින් 6 දෙනෙකුද, හම්බන්තොට ගන්නෝරුවේදී 1989 ඔක්තෝබර් 27 පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද, ත‍්‍රිකුණාමලයේදී 1989 ජුලි 29 ඉන්දියා හමුදා භටයින් 13 ක්ද, හම්බන්තොටදී 1989 අපේ‍්‍රල් 7 පොලිස් භටයින් 10 ක්ද, 1988 අපේ‍්‍රල් 05 අකුරැුස්ස අමලගොඩ හන්දියේදී ලූතිනන් බුද්ධප‍්‍රිය අලකාවලද මියගොස් තිබිණි.