IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තිස්ස හිරගෙදරට

 

යහපාලන ආණ්ඩුව පත්වෙලා දවස් ගණනකින් පස්සේ හරියටම පෙබරවාරි මාසේ දෙවැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මගේ ගෙදරට ආවා. ඒ වෙලාවෙ මම පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ තමයි මාව මුණගැහෙන්න ආවේ. ඔහු කිව්වා ටිකක් කතා කරන්න ඕනෑ කියලා. ඔහු මුලින්ම කිව්වෙ කතා කරන්න තියෙන්නෙ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. ඔහු කිව්වෙ ඔවුන්ට උපදෙස් ලැබිල තියෙනවා කියල මාව අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න කියලා. ඒක නිසා අපිත් එක්ක යන්න සූදානම් වෙන්න කියලා කියන ගමන්ම ඔහු කිව්වා නීතිඥවරයෙකුට කතා කරල උසාවියට එන්න කියන්න කියලා. 
මම ඔහුගෙන් ඇහුව මට ඇප දෙනවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වෙනවද? නැද්ද? කියලා. ඔහු කිව්වා විරුද්ධ නෑ කියලා. මම නීතිඥවරයාට ඒ බව දැනුම්දීලා සූදානම් වෙන්න ගියා. ඔවුන් එක්ක ආපු පොලිස් නිලධාරීන් දෙන්නෙක් මගේ පස්සෙන්ම මගේ කාමරේ ළඟටත් ඇවිත් හිටියා මම සූදානම් වෙනකම්. මම ඇහුවා මට මගේ වාහනේ එන්න පුළුවන්ද කියලා. ඔවුන් ඒකට කැමති වුණේ නෑ. ඔවුන් එක්කම ඔවුන්ගේ වාහනේ යමු කියලා මාව එක්ක ගියා.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට මාව එක්ක ගියා. කවුරුත් දන්න විදියට හතර වැනි තට්ටුවට. එතන ඉඳපු නිලධාරීන් හිටියෙත් කිසියම් පීඩනයකින් වගේ. මේක කාගෙ හෝ උවමනාවට සිද්ධවෙන වැඩක් කියලා මට හොඳට අවබෝධ වුණා. යහපාලන ආණ්ඩුව ආවේ හිටපු ආණ්ඩුවෙ හොරු අල්ලනව කියලා. ඒත් ඔවුන් තමන්ගේ දේශපාලන දඩයම පටන් ගත්තේ මගෙන්. මේක සිද්ධවෙන්නේ කාගෙ හරි දැඩි බලපෑම මත කියලා ඒකට හවුල් වෙච්ච නිලධාරීන්ට වගේම මටත් ඒ වෙද්දි තේරුම් ගිහින් තිබුණෙ.


මගෙන් කටඋත්තර අරගත්තට පස්සේ මාව උසාවියට අරගෙන ආවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ ලොක්කා මට පොරොන්දු වුණත් මට ඇප දෙනවට විරුද්ධ වෙන්නේ නෑ කියලා උසාවියෙ දී ඔවුන් මට ඇප දෙනවට සම්පූර්ණ විරුද්ධ වුණා. එදා මාව දින දහයකට රිමාන්ඞ් කරන්න නියම කළා. එතනින් මාව වැලිකඩ බන්ධනාගාරයට අරගෙන ගියා රඳවලා තිබ්බා. මාව රඳවපු දවසට පස්සෙන්දම මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ දෙනෙක් මාව බලන්න වැලිකඩ ආවා. එවකට අධිකරණ ඇමති විදියට කටයුතු කරපු විජයදාස රාජපක්ෂත් මාව බලන්න හිරගෙදරට ආවා. ඒක විශේෂ දෙයක්. බන්ධනාගාර නිලධාරිනුත් මේකට පුදුම වුණා. මට දින දහයම වැලිකඩ බන්ධනාගාරේ ගත කරන්න සිද්ධ වුණා. දින දහයට පස්සේ මාව නැවත කොටුව උසාවියට ඉදිරිපත් කළා. 


එතනදී නීතිපති දෙපාර්තමේන්තුව මට ඇප දෙනවට තදින්ම විරුද්ධ වුණා. බී. වාර්තාවක් පදනම් කරගෙන තවදුරටත් මාව හිරගත කරන්න ඔවුන් ලොකු උත්සාහයක් ගත්තා. “ඒත් මට විරුද්ධව පදනම් සහිත සාක්ෂි ඉදිරිපත් වෙලා නෑ කියල පේන බව” තිළිණ ගමගේ විනිසුරුතුමා සඳහන් කළා. එහෙම තිබිලා ඔහු මට ඇප නියම කළා. මං වෙනුවෙන් නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී හිටියේ.

 


තව කොටසක් ලබන සතියට.

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

තිස්ස හිරගෙදරට

amila Monday, 13 May 2019 02:55 PM

වැරදී කරලා උසාවි යන එක මෙයාලට පුදුම සතුටක්නේ තියෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site