මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

අලිමංකඩ දෙමළ බසට අනුව වර නැගෙන්නේ ‘ආනා ඉරව් (Anna Iravu)  නමිනි. නූතන ප්‍රවාහන පහසුකම් දියුණුවීමට පෙර ඉතිහාසය පුරාම ප්‍රධාන ගොඩබිමත් අර්ධද්වීපයත් අතර පිහිටි මෙම පටු කළපු ප්‍රදේශයේ නොගැඹුරු ජලය ආශ්‍රිතව එගොඩ මෙගොඩ භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන ලද්දේ අලි ඇතුන් යොදා ගනිමිනි. 1776 දී ලන්දේසීන් විසින් මෙහි කුඩා කඳවුරක් පළමුව ගොඩනැඟු අතර 1958 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාව එහි කඳවුරක් ස්ථාපනය කළේය. මේ අනුව ඉතිහාසයේ සැමදාම යාපනය අර්ධද්වීපයත් ප්‍රධාන ගොඩ බිමත් යා කෙරෙන මෙම ස්ථානයේ කුමන හෝ ආකාරයකට මුරපොළක් පැවතිණි. එහෙත් වසර 225 කට පමණ පසුව ඉතිහාසයේ පළමුවරට මෙම ස්ථානයේ කුමන ආකාරයක හෝ මුරපොළක් නොමැති වන්නේ 2000 වසරේ අප්‍රේල් 22 වන දායින් පසුවය.


LTTE  ය මීට පෙර 1991 ජූලි - අගෝස්තු මාසවල දී ‘තරායි කාඩල් අහයම්’(Tharai Kadal Ahayam  -  Land Seeair)  නමින් දියත් කළ මෙහෙයුමක් මඟින් අලිමංකඩ කඳවුර අල්ලා ගැනීමට දින 53 ක් පුරා අසාර්ථක එහෙත් නොනිත් අරගලයක යෙදුණි. එහි ප්‍රතිඵලය වූයේ ඛඔඔෑ සාමාජිකයින් 575 ක් පමණ ජීවිතක්ෂයට පත්වීම හා 1000 කට අධික පිරිසක් තුවාල ලැබීමය. ඒ වන විට අලිමංකඩ කඳවුර තුළ සිටියේ ලුතිනන් කර්නල් සනත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් 800 ක් පමණ පිරිසකි. 
මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බි්‍රගේඩියර් විජය විමලරත්න, LTTE  ය විසින් දියත් කළ අලිමංකඩ ප්‍රහාරයට සමගාමී ව ක්‍රියාත්මක කළ බලවේගය මෙහෙයුමේ සාර්ථකත්වය හේතුවෙන් එම අවස්ථාවේදීLTTE  යට එවන් වූ කටුක ප්‍රතිඵලයක් අත් විඳීමට සිදුවිය. නැතහොත් LTTE සංවිධානය තම යුද ඉතිහාසයේ ශ්‍රී ලංකා හමුදාව ඉදිරියෙහි ලද පළමු දරුණුතම පරාජය එයයි. බලවේගය මෙහෙයුම මගින් ශ්‍රී ලංකා හමුදාවේ 1 වැනි සිංහ, 3 වැනි ගජබා, 4 වැනි ගජබා හා 3 වැනි පාබල යන බළ ඇණි වෙත්තිලෛකර්නි වෙත මුහුදින් පැමිණ ගොඩබට අතර එවැනි මෙහෙයුමක් ශ්‍රී ලංකා හමුදාව ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව එය විය. විශේෂයෙන්ම බලවේගය මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා හමුදාව වව්නියාවට උතුරින් මාන්කුලම් ආශ්‍රිත ප්‍රදේශවලදී ව්‍යාජ යුද පෙරමුණක් ක්ෂණිකව ගොඩනැගූ අතර එමගින් LTTE  ය වෙත උපරිම විමතියක් ලබා දුනි. ඒ අවසරයෙන් ත්‍රිකුණාමලයට උතුරින් වූ පුල්මුඬේ ප්‍රදේශයෙන් ‘බලවේගය’ භට පිරිස් නාවික යාත්‍රා මගින් ගමන් ඇරඹීය. තවද එලෙස අමතර භට පිරිස් බලවේගය මෙහෙයුම මගින් අලිමංකඩ කඳවුර වෙත පැමිණෙන තුරු කඳවුරේ සිටි හමුදා භටයෝ LTTE ය සමග දින 30 ක් පුරා එක දිගටම සටන් කළහ. විශේෂයෙන්ම ඒ වන විට  LTTE යෙහි යුද ශක්තිය හා චිත්ත ධෛර්යය වඩා අඩු මට්ටමක පැවතීම මෙන්ම හමුදාව තුළ කොබ්බෑකඩුව හා විමලරත්න වැනි හමුදා නිලධාරීන් සතු වූ විචක්ෂණභාවය එවර LTTE  යෙහි එම පසුබෑමට තවත් හේතුවක් විය. එම අවස්ථාවේදී කර්නල් සනත් කරුණාරත්න ඇමතු බි්‍රගේඩියර් කොබ්බෑකඩුව නිරන්තරයෙන්ම ඔහුව ධෛර්යමත් කරවමින් කියා සිටියේ ‘පසු නොබැස අධිෂ්ඨානයෙන් කඳවුර රැක ගන්න, අපි කඳවුර වෙතට කෙසේ හෝ පැමිණෙනවා’ යන්නය. එම සිද්ධියෙන් පසුව මේජර් ජනරාල් කොබ්බෑකඩුව විසින් අලිමංකඩ කඳවුරට නව මුහුණුවරක් ලබා දෙන ලදී. කඳවුර සෑම අතින් ම පුළුල් කරනු ලැබීය. අයයකච්චි ඇතුළු පරිවාර කඳවුරු විශාල සංඛ්‍යාවක් ඉදි කරනු ලැබූ අතර වෙත්තිලෛකර්නිහි සිට අමතර මුහුදු සැපයුම් මාර්ගයක් ද විවෘත කරමින් කඳවුරට ඇති සැපයුම් මාර්ගවල ආරක්ෂාව තවදුරටත් සහතික කරනු ලැබීය. තව ද 54 සේනාංක මූලස්ථානය දක්වා එම කඳවුර වර්ධනය කරන ලදී.


මේ අතර LTTE  ය එලෙස අලිමංකඩ දී පරාජයට පත්වීම හමුවේ යුද කලාවේ සිද්ධාන්තවලට අනුව ඔවුන් අවබෝධ කරගත්තේ ගරිල්ලා සංවිධානයකට සංවිධානාත්මක යුද පෙරමුණක දී (Conventional Battle) සටන් කර ජයග්‍රහණයක් අත්කර ගත නොහැකි බවයි.  


අලිමංකඩ කඳවුර පිළිබඳ සැලකීමේ දී එම ප්‍රදේශයේ ඇති භූමි යථාර්ථයන්ට අනුව එය සාමාන්‍ය යුද හමුදා කඳවුරක තිබිය යුතු හා තිබිය හැකි සාම්ප්‍රදායික පිහිටීමෙන් ඉඳුරා වෙනස්ය. දෙපසින් වූ කිලාලි කළපුව ආශ්‍රිත පටු ගොඩ බිම් තීරුව හරහා දිවෙන A9 මාර්ගය ඔස්සේ කිලෝමීටර් 6 ක් පමණ දුරට විහිදී ඇති අලිමංකඩ කඳවුර ප්‍රදේශයේ ඇති තල් ගස් ප්‍රජාව හා පසු කාලීනව වවන ලද පොල් වගාවක් හැර වෙනත් ගස් වැල්වලින් තොරය. කළපුව ආශ්‍රිත කිවුල් ජලය, වැලි සහිත බිම හා ස්වභාවයෙන්ම උරුම වූ ශුෂ්ක දේශගුණය සාමාන්‍ය ජනාවාසයට කිසිදු ආකාරයකින් සුදුසු නැත. මෙම තත්ත්වය තහවුරු කරමින් එම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් වන අතර අලිමංකඩ කඳවුර ආසන්නයේ ඇති එකම ගම්මානය වන්නේ පවුල් කිහිපයකින් යුත් මුල්ලියන් නැමැති කුඩා ධීවර ගම්මානය පමණි. කිලිනොච්චිය දෙසින් ්9 මාර්ගය ඔස්සේ අලිමංකඩ ප්‍රදේශයට ඇතුළුවත්ම 1991 අලිමංකඩ සටනේදී සෙබළ ගාමිණී කුලරත්න හෙවත් ‘හසලක වීරයා’ සිය ජීවිතය පුදා විනාශ කළ LTTE යෙහි සන්නද්ධ ඩෝසර් රථය මහ මඟ පසෙක දැක ගත හැකිය. තවද දෙදහස වසරේ අලිමංකඩ ප්‍රහාරයෙන් වසර හතකට පසුවත් LTTEයෙහි බර පංතියේ ආයුධවල ප්‍රහාරයට ලක්ව තුරු හිස් අහිමි වූ තල් ගල් සිය දහස් ගණනක් ප්‍රදේශය පුරා නැගී සිටියේය.


නොනවතින රැල්ල ෂෂෂ අදියරෙහි තුන්වැනි හා තීරණාත්මකම පියවර ආරම්භ වූයේ 2000 වසරේ අප්‍රේල් මස 18 වැනිදා මධ්‍යාහ්න 1.10 ට මසාර්, සොරන්පත්තු සහ අයියකච්චි ප්‍රදේශයට LTTE ය එල්ල කළ ප්‍රහාරයත් සමගය. ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට මෙම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නියුතුව සිටි බහුතර සෙබළු තම දිවා ආහාරය ගනිමින් සිටියහ. ඒ අනුව ඉඳුල් අතින්ම තම ගිනි අවිය අතට ගත් සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමේ දී ඊට බාධාවක් වූයේ ප්‍රදේශයේ සිටි සිවිල් ජනතාව අතර සිට LTTE ය එම ප්‍රහාර එල්ල කිරීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ ක්ෂණිකව තම ඉදිරි ආරක්ෂක වළල්ලෙන් පසුපසට පැමිණීමට හමුදාවන්ට සිදුවීමයි. නැතහොත් LTTE ය විශාල වෙඩි බලයක් යොදා ගනිමින් දියත්කර තිබූ එම ප්‍රහාර හමුවේ ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ල ඉතා සුළු කාලයක් තුළ බිඳ වැටුණේය. විශේෂයෙන්ම එම ප්‍රහාරය LTTE ය විසින් දියත් කරන ලද්දේ ඒ වන විට LTTE ය විසින් අයියකච්චියට ආසන්නයේ බලය තහවුරු කරගෙන සිටි වතිරායන් බොක්ස් නමින් හමුදාව හැඳින් වූ ප්‍රදේශයේ සිටයි. 


එල්ල කළ ප්‍රහාරය සොරන්පත්තු දෙසට ගමන් කරද්දී එම ප්‍රදේශයේ ස්ථානගත වී සිටි 541 බළසේනාවට අයත් සෙබළුන් දැඩි ප්‍රහාරයකට ලක්විය. මෙම ප්‍රදේශයේ සිටි 14 සිංහ සහ 8 ගජබා සෙබළුන් සතු බංකර් 20 ක් පමණ ඉතා කෙටි කාලයක් තුළදී ඔවුන්ට අහිමි විය. ඒ අනුව එම සෙබළුන් බේරා  ගැනීම සඳහා 53 සේනාංකයේ කොමාන්ඩෝ සෙබළුන් එම ප්‍රදේශයට පැමිණි අතර මේ වන විට 10 සිංහ බල ඇණිය ද දරුණු LTTE ප්‍රහාරයකට ලක්ව සිටියේය. ඒ සමගම අලිමංකඩ දකුණින් ස්ථානගත වී සිටි LTTEකාලතුවක්කු බලකාය ඉහත ප්‍රදේශයට දරුණු කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළහ. මේ හේතුවෙන් සොරන්පත්තුවලට උතුරින් ්9 මාර්ගයට සහ දුම්රිය මාර්ගයට සමාන්තරව ගමන් කරන ප්‍රදේශය ශ්‍රී ලංකා හමුදා පාලනයෙන් ගිලිහී ගියේය.


කර්නල් බාල්රාජ්ගේ චාල්ස් ඇන්තනී බළකායත් සමග කර්නල් කරුණාගේ භට කණ්ඩායම් එක්ව LTTE ය දියත් කළ මෙම ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස අයියකච්චි සහ පලෙයි අතර ්9 මාර්ගය සෘජුවම ඛඔඔෑ ග්‍රහණයට නතු නොවීය. එහෙත් භූ පිහිටීම අනුව A9 මාර්ගයට 2ග5නප දකුණු දෙසට වන්නට පිහිටි මෙම නව සැපයුම් මාර්ගය එතැන් සිට නිරන්තරයෙන්ම LTTE යේ රොකට් සහ ෂෙල් ප්‍රහාරවලට ලක්වෙමින් පැවතිණි.


18 වැනිදා ප්‍රහාරයත් සමග අයියකච්චි ප්‍රදේශයේ ස්ථානගතව සිටි 541 බළසේනා මූලස්ථානය තරමක් හුදකලා බවට පත් වූ ආකාරයක් දිස් වූ අතර කොටි කොමාන්ඩෝ බළකාය එම ප්‍රදේශවල ස්ථානගත වීමත් සමගම අයියකච්චි කඳවුරේ පැවැත්ම ද අස්ථිරව පැවතියේය. ඒ අනුව 18 වැනිදා ප්‍රහාර මධ්‍යයේ 54 සේනාංකය සතු විශේෂ අවස්ථාවන්හිදී ක්‍රියාවේ යොදවන 543 බළ සේනාවද (Reserved Brigade) අයියකච්චි ඉදිරි ආරක්ෂක වළල්ල ආරක්ෂා කිරීමට යොදවන ලදි. නමුත් 18 වැනිදා මධ්‍යහනයේ ආරම්භ වූ ඛඔඔෑ ප්‍රබල ප්‍රහාරය 20 වැනිදා රාත්‍රී 7.40 පමණ වන තුරු අඛණ්ඩව පැවතිණි. කෙසේ වෙතත් 21 වැනිදා වන විට සංසන්දනාත්මකව LTTE යේ ප්‍රහාරවල ප්‍රබලතාව පෙර දිනයන්ට වඩා බොහෝ සෙයින් අඩු මට්ටමක පැවතිණි.LTTE පණිවුඩ හුවමාරු පද්ධතියට අනුව එම අඛණ්ඩ සටනට සහභාගි වූ ඛඔඔෑ භට පිරිස්ද විශාල වශයෙන් ප්‍රහාරයට ලක්ව තිබිණි. 18 වැනිදා ඉයකච්චි හා සොරන්පත්තු ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයත් සමගම අලිමංකඩ කඳවුරෙහි ඉදිරි පැවැත්ම පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටී යද්දී ඒ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතව සිටි ජනාධිපතිනියට මේ පිළිබඳ විස්තර දුරකථනය මගින් දන්වන ලද්දේ එම අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇමති රත්නසිරි වික්‍රමනායක විසිනි.


මේ අතර සුවිශාල අලිමංකඩ කඳවුර ශ්‍රී ලංකා හමුදාවට අහිමි වීම ස්ථිරවත්ම මේජර් ජනරාල් ලයනල් බලගල්ල හා මේජර් ජනරාල් චූලා සෙනෙවිරත්න වෙනුවට නව පත්වීම් ද, මේජර් ජනරාල් ජානක පෙරේරා උතුරු ප්‍රදේශය භාර ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරියා ලෙසත් මේජර් ජනරාල් සරත් පොන්සේකා යාපනය ආරක්ෂක සේනා ප්‍රධානියා ලෙසත් අප්‍රේල් 18 වැනිදා තම තනතුරුවල වැඩ භාරගත්හ. එහිදී ඔවුන්ගේ පළමු රාජකාරිය බවට පත්ව තිබුණේ අලිමංකඩින් පසුබැසීමට නියමිත 54 සේනාංකයට විය හැකි හානි අවම කරමින් පළෙ මුහමලෙ දක්වා ඔවුන්ට පසු බැසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.