IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොටි නසන සටන ඇරැඹෙයි

 

මේ අතරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උතුරේ සටන නැවත ආරම්භ කරලා තිබුණා. මීට කලින් ඉඳපු ජනාධිපතිවරු හැමදෙනාමත් මේකට විවිධ උත්සාහයන් අරගත්තා. ඒත් මේ කාටවත් යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ නෑ. ජේ. ආර්. ජයවර්ධන යුගයේ ලලිත් ඇතුළත්මුදලි, ප්‍රේමදාස යුගයේ රන්ජන් විජේරත්න, චන්ද්‍රිකා යුගයේ අනුරුද්ධ රත්වත්ත වගේ ආරක්ෂක ඇමැතිවරු යුධ හමුදාවට යුද්ධය සඳහා නායකත්වය දෙමින් යොමු කළා. ඒත් මේ විදියට නොනැවතී ඇදි ඇදී ආපු යුද්ධය 2008 වගේ වෙනකොට තීරණාත්මක තැනකට ආවා.


ජේ. ආර්. ජයවර්ධනගේ කාලේ ලලිත් ඇතුළත්මුදලි යුද්ධය තීරණාත්මක තැනකට ගේනකොට ඉන්දියාව මේකට මැදිහත් වුණා. ප්‍රේමදාස ජනාධිපතිටත් ඉන්දියාවේ බලපෑම් තදින්ම තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංගටත් ඉන්දියාව වගේම බටහිර බලපෑම් ගොඩක් තිබුණා. රනිල් වික්‍රමසිංහටත් සටන් විරාමයකට යන්න සිද්ධ වුණා. මේ බලපෑම් එක්ක තමයි යුද්ධය ඉදිරියට ආවේ.


මහින්ද රාජපක්ෂත් ජනාධිපති වුණාට පස්සේ ඊට කලින් ඉඳපු නායකයා කළා වගේම සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳගන්න සාකච්ඡා ආරම්භ කළා. නිමල් සිරිපාල, ජී.එල්. පීරිස් වගේ අයගේ මූලිකත්වයෙන් සාම සාකච්ඡා පවා ආරම්භ වුණා. එල්.ටී.ටී.ඊ සංවිධානය හැමදාම කළා වගේ මේ සාකච්ඡාවලටත් සහභාගී වෙමින් රජය නොමඟ යවන්න උත්සාහ කළා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ.


“මේ අතරේ තමයි එල්.ටී.ටී.ඊ එක මාවිල්ආරු සොරොව්ව වහලා දාපු සිද්ධියත්. ඒත් නැවත දෙපාර්ශ්වය අතර ගැටුම් උත්සන්න වුණා. මාවිල්ආරු සොරොව්ව වහපු එකෙන් ජනතාව ඉතාම අපහසුතාවට පත්වුණා. මේකත් එක්ක නැගුණු මහජන විරෝධය සහ බලපෑම් හේතුකරගෙන මහින්ද රාජපක්ෂට සිද්ධවුණා දිගටම සටන් කරන්න.


මේකට ජාතික හෙළ උරුමයේ රතන හාමුදුරුවෝ ඇතුළු පිරිස තදින්ම බැස්සා. රතන හාමුදුරුවෝ මාවිල්ආරු ප්‍රදේශයට ගිහිල්ලා මේ එල්.ටී.ටී.ඊ එකේ ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව හඬ නැගුවා. උන්වහන්සේලා පාගමනින් ගිහින් බලහත්කාරයෙන් සොරොව්ව අරින්න උත්සාහයක් ගත්තා. ආණ්ඩුව ඒ ගමනට බාධා කළා. මොකද ඒ විදියට ගියාම විශාල ඝාතනයකට වුණත් කොටි සංවිධානය සැරසෙන්න පුළුවන් කියලා. ඒත් රතන හාමුදුරුවෝ ඇතුළු පිරිස ගමන පටන් ගත්තා. මේකට තමයි හමුදාවට මැදිහත්වෙන්න වුණේ. මේ මැදිහත්වීම කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර සටනකට පරිවර්තනය වුණා.


ඒ එක්කම නිල වශයෙන්ම සටන් ආරම්භ වුණා. 2009 ජයග්‍රහණයකින් කෙළවර වුණා. සටනේ තීරණාත්මක තැනක් තමයි මාවිල්ආරු සිදුවීම. 


මේ එක්ක උතුරු ප්‍රදේශයේ හැම තැනකම නැවත සටන් පටන් ගත්තා. යුද්ධයට විශාල කැපවීමක් සහ නායකත්වයක් පෙන්නපු විශාල පිරිසක් හිටියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කියන දෙන්නගේ කාර්යභාරය මෙතනදී ඉතාම වැදගත්. ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂ බළකාය, පොලිසිය ඇතුළු සියලු දෙනාගේම දායකත්වය සහ කැපවීම මේ තුළ තිබුණා.


රට පුරාම යුද මානසිකත්වය 2008න් පස්සෙ වැඩි වුණා. මේකට මහජන ආශිර්වාදයත් ඉහළින්ම ලැබෙන්න පටන් ගත්තා. මෙහෙම පසුබිමක තමයි 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් ඇතුළු පිරිසක් ඝාතනයට ලක්වෙලා එල්.ටී.ටී.ඊ. එක සම්පූර්ණ වශයෙන් පරාජයට පත්කරන්න ලැබෙන්නේ.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

කොටි නසන සටන ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site