තිළිණි ද සිල්වා
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසර අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව දෙරෙට් විදේශ අමාත්‍යවරු අද (18) කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ පැවසූහ.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙරට විදේශ අමාත්‍ය රවී කරුණානායක හමුතා හමුවී පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා වලන් පසුව දෙස් විදෙස් මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් දෙරෙටේම විදේශ අමාත්‍යවරු මෙම ගිවිසුම සම්බන්ධයෙන් පැවසුහ.
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා අද (18 ) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමු විය. ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ප්‍රශංසනීය බවත් , මෙරට බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පූරුව සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා කීවේය. සිංගප්පූරු ආයෝජකයින් 300 ට වැඩි පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන කර ඇති බවත් ඔහු කීවේය.
ඡායාරූප - ඉෂාන් සංජීව
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ තිරිඟු පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ
අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.
මෙරට ප්රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.
කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී
sarathj Wednesday, 19 July 2017 12:40 PM
ඔය කිව්වට ඕවා අත්සන්කරන කාලේ වෙද්දී අපි මැරිලා. අපේ කොල්ලටවත් ඕක අත්සන් කරන කාලේ ඉන්න පුළුවන් වෙයිද මන්දා මේ යන විදියට.
arschfikaa Wednesday, 19 July 2017 02:08 PM
ලංකාව කිසිම දෙයකින් දියුණු වෙන්නේ නැහැ. හැමෝගේම තියෙන්නේ ඉරිසියාවම තමයි.
ලුම්බිණි Thursday, 20 July 2017 01:27 AM
නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන එක හොඳට අධ්‍යනය කරලා කල යුතු දෙයක්. සිංගප්පූරුව නොයෙක් දේවල් ලංකාවට එවුවට අපට වාසිදායක විදියට එහාට යවන්න පුළුවන් මොනවද කියල බැලිය යුතුයි.