IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෘතිම සිංචනයෙන් ලංකාවේ පළමු වරට බැටලු පැටව් තිදෙනෙක් උපදිති

(නිමල කොඩිතුවක්කු)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ සාර්ථකව කෘත්‍රිම සිංචනය සිදුකිරීමෙන් ලංකාව තුළ පළමුවරට බැටලු පැටව් තුන්දෙනෙකු උපත ලබා තිබේ.

ඉන්දීය වර්ගයක් වන රෙඞ් මැඞ්රාස් වර්ගයේ බැටලුවන් කෘත්‍රිම සිංචනය කිරීම මඟින් මෙසේ පැටවුන් බිහිකර ඇත. බැටලු පැටවුන් තිදෙනා ඉතා නිරෝගීව සිටින බව හොරකැලේ ගොවිපලේ නිලධාරීහු සඳහන් කරති.

මෙරට බැටලු ගොවිපල කර්මාන්ත දියුණු කිරීමට මෙය යහපත් පෙරනිමිත්තක් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සඳහන් කරයි. උසස් ගණයේ දේශීය බැටලු පැටවුන් නිපදවා ගැනීමේ අවස්ථාව මින් උදාවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

2019 වසරේ දී බැටලුවන් 65 දෙනෙකුට කෘත්‍රිම සිංචනය සිදුකළත් එය අසාර්ථක වී ඇත.

මේ වසරේ දී කෘත්‍රිම සිංචනය සිදුකිරීමට සත්වයින්  48 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඉන් සතුන් 28කට මේ වන විටත් කෘත්‍රිම සිංචනය සිදුකර තිබේ. ඉන් 8දෙනෙකු ගැබ් ගෙන අතර තුන් දෙනෙකු පැටවුන් බිහිකර ඇත. මේ වන විට මාදම්පේ හොරකැලේ ගොවිපලේ බැටලුවෝ 2880ක් සිටිති.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී.මාගමගේ, හොරකැලේ ගොවිපල කළමනාකරු දේවමිත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් බැටලු පැටවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (5)

කෘතිම සිංචනයෙන් ලංකාවේ පළමු වරට බැටලු පැටව් තිදෙනෙක් උපදිති

විජිත් Monday, 28 September 2020 03:33 PM

මෙය අපේ රටට අලුත් ප්‍රවෘත්තියක් වුණාට, ඒ ප්‍රවෘත්තියෙන් කියැවෙන යටි අදහස නම් හරිම ලැජ්ජාවක් සමග ඇතිවන දුකක් වැනි දෙයක්... ලෝකය අප පසුකරගෙන කොයි තරම් දුරක් ගිහින්ද...? කෘත්‍රිම සිංචනයෙන් සත්වයන් ජනනය කිරීම ලෝකයේ බොහෝ කලකට පෙර පටන්ගත්ත දෙයක්... ඒ වුණාට අපේ රටේ අයට මෙය තවමත් අලුත් අාරංචියන් වෙලා. අද විද්‍යාඥයින් මහන්සි වෙන්නේ ඈත අතීතයේ විසූ ඩයිනෝසරයන්, මැමත්, ඇතුන්.. වැනි අයගේ පොසිලවල "සක්‍රිය" DNA සොයාගන්නටයි. ඒ වගෙන් නව ඩයිනසෝරයන් බිහිකරගන්නටයි. ඒ වගේම අපේ ගෙවල්වල සිටින කුකුලා, පරවියා වගේ අය ඒ ඩයිනසෝර්ලාගේ නෑදැයින්... ඩයිනෝසරයින්ගේ තිබුණු විශාලත්වයට බලපාන ජාන මේ සත්තුන්ගේ සයිල තුළත් "නිලීනව" තිබෙනවලු. ඒ ජානය හරියටම හඳුනාගෙන විශේෂිත වූ "එන්සයිමයක්" මගින් නැවතත් ඒ නිලීන ජානය සක්‍රීය කරගන්න විද්‍යාඥයින් මහත් වෙහෙසක් දරන යුගයක් මේ.... මේ පරීක්ෂණ සාර්ථක වුණොත්.. තට්ටු 2ක නිවසක උඩ මහලේ ජනේලයකින් විශාල කුකුලෙක් ගේ ඇතුලට ඔලුව දැම්මොත්...

:       0       19

Ratawasiya Monday, 28 September 2020 09:13 PM

අපිනම් මෙයාලට කියන්නේ එළුවෝ කියලා.

:       0       8

පූජා Tuesday, 29 September 2020 10:48 AM

විජිත් මහතාගේ අන්තිම වැකියට මගේ මුවඟට සිනාවක් නැඟුණත්, ඔහු ඉතාමත්ම ආකර්ශණීයව එය පැහැදිලි කර ඇත. පින්තූරයේ පෙනෙන බැටලු පැටවාත් හරිම හුරතල් පාටයි.

:       0       13

විජිත්Tuesday, 29 September 2020 12:10 PM

පූජා, අනාගතයේ දවසක ඔයාගේ ලන්ඩන්වල ගෙදර උඩ තට්ටුවේ ජනේලයකින් ලොරියක් විතර ලොකු පරෙවියෙක් ඔලුව දැම්මොත් පුදුම වෙන්න එපා. පරෙවියෝ මාංශ භක්ෂකයි. ඔයාගේ ගෙදර මිදුලේ මල් පාත්ති හාරන " නරි " රැලටම දෙවියන්ගේම පිහිටයි.

:       0       15

පූජාTuesday, 29 September 2020 01:02 PM

එහෙම අනාගත බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ විජිත්. කොරෝනා මාරයා හැමතැනම හොල්මන් කරනවා. දැනටමත් උතුරු එංගලන්තය ලොක්ඩවුන් කරලා. ලන්ඩන් වලත් මිනිසුන් පෙලපාලි යනවා ලොක් ඩවුන් එකට විරුද්ධව. හරිම අවිනිශ්චිත කාලයක අපි දැන් දිවි ගෙවන්නේ... ලොරියක් තරම් ලොකු පරෙවියන්ට නොවෙයි බයවෙන්න වෙලා තියෙන්නේ, ඇහැටවත් නොපෙනෙන භයානක රකුසෙකුට...

:       0       11

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 61 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 131 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 94 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site