“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත.
චීන - ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ දී පැවති සංවාදයක දී තානාපතිවරයා එම අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට අනුව 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 52 ක් බවත් ඉන් චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. ඒ අනුව එය සමස්ත ණය ප්‍රමාණයෙන් 11.5% කි.
අවස්ථා ගණනාවකදී බටහිර රටවලින් ඉහළ පොළී අනුපාතවලට ගත් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අඩු පොළී අනුපාත යටතේ චීනයෙන් ණය ගත් බවත් “ණය උගුලෙන්” මිදීමට එය උපකාරී වූ බවත් චීන තානාපතිවරයා එම සංවාදයේදී සඳහන් කර තිබේ.
චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් ආයෝජකයා බවත් චීනය, ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් කටයුතු රැසක් සිදුකර ඇති බවත් චීන තානාපතිවරයා මෙම සංවාදයේදී සඳහන් කර තිබේ.
චීන සංචාරකයන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කර තිබෙන චීන තානාපතිවරයා චීන - ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව ද සඳහන් කර ඇත.
2009 වසරේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින්’ පසුවත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ආධාර මෙන්ම ආරක්ෂාව ද සැපයූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
(ෂිංහුවා ඇසුරිනි)
055
COMMENTS
වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා කොහොමද ණය ගෙවන්නේ? ඒ වැඩවලට තවත් ණය ගන්න වෙනවා. ඒ ව්‍යාපෘතිවලට යන්ත්‍ර උපකරණ අමුද්‍රව්‍ය චීනෙන්ම ගෙනෙන්න වෙනවා. අන්තිමේ ලෝකෙට ණය වුනු අපි චීනට ණයවෙනවා. මේ වෙලාවේ අපි එකතුවෙන්න ඕන අපේ භාණ්ඩ මිලදී ගන්න වෙළඳපොළක් ඇති රටවල් සමග... නැතුව තරඟකාරී ලෙස ලෝකයට භාණ්ඩ නිපදවා බෙදාහරින රටවල් සමග නොවෙයි. යුරෝපය, ඇමෙරිකාව වැනි රටවල කම්කරු වැටුප් ඉහළ නිසා ඒ රටවලට තමන්ට අවශ්‍ය භාණ්ඩ බොහොමයක් පිටරටින් ගෙන්වන්න වෙනවා. ඒ රටවල් සමග මිතුරු වෙලා අපිත් ඉලෙක්ට්‍රෝනික උපාංග, සන්නිවේදන උපාංග, බෙහෙත් වර්ග, වැනි මිල අධික භාණ්ඩ වෙළඳපොළට ඇතුළු වුනොත් අපිත් ගොඩ... කවදාවත් කෘෂි අපනයනයෙන් නම් රට නන්වන්නටවත්, ණය පියවන්නටවත් බැහැ. චීනාට අහු නොවී රට ගොඩගන්න ක්‍රමයක් බලනවා නම් තමයි හොඳ...
අපිට වසරකට අහිමිවී යන ලක්ෂ දෙකකට වැඩි තරුණ දරුවන්ගේ ඉගෙනුමට නුඹලා විශ්ව විද්‍යාල නවයක් පළාත් නවයට සාදා දෙන්නට ණය දෙනවානම් අපේ දරුවන්ගේ ශ්‍රමය ලෝක ශ්‍රම වෙළද පොළට ආයෝජනය කොට අපේ මේ ට්‍රිලියන දොළහා ගෙවා දමන්නට හැකිබව මගේ අදහසයි. ඒ සදහා ණය දෙන්නේනම් සහ අපේ රටේ බලධාරීන් ක්‍රියාත්මක වේ නම් 225ම නැතිව එක පරිඝණකයකින් මේ කටයුත්ත අති සාර්ථක අන්දමින් සිදුකළ හැකියි.
චීන ණයෙන් මිදෙන්න සහ ලෝකයේ කලාපීය රටවලට කරටකර සටනක් දෙන්න අපට අවම වියදමකින් උපරිම ඵලදායිතාවයක් ගෙනදෙන මූලිකම ස්වයංපෝෂිත ක්‍රමය තමයි දේශීය ගොවීන්ට උපරිම සහන දීලා මේ රටේ අත්හැර දමා තිබෙන කුඹුරු, ඊට ගැලපෙන ආදේශක භෝගවලින් උපරිමයෙන් අස්වද්දන එක. එවිට හේන් ගොවිතැන සහ බිහිසුණු වන විනාශය වළක්වාගන්න හැකි අතර, ඊට සමගාමීව අධ්‍යාපනය සහ අන්තර්ජාල පහසුකම දැවැන්ත වර්ධනයක් ඇතිකළ යුතුයි. ඔච්චරයි ඉස්සෙලම කරන්න තියෙන්නේ. එතැනින් එහාට හුඟක් දේවල් වෙනස් වේවි. ඔය ටික කරගන්න කොන්දක් ඇති නායකයෙක් සහ ශක්තිමත් ආණ්ඩුවක් ජනතාව විසින් බිහිකර දිය යුතුයි...
බෝධි පූජාවක් තියලා පඬුරු තියා දෙවියන්ට කන්නලව් කරමු. මේ දවස්වල අපේ අනාගත ජනාධිපතිවරු පන්සල් යන තරම දැකලා දෙවියන් අපිට ණයෙන් ගැලවෙන්න මගක් කියා දෙන එක මට නම් 100%ක් ශුවර්...
ණයෙන් මිදෙන්න චීනය මේ දක්වා නම් ලෝකේ කිසිම රටකට උදව් කරලා නැහැ.
චීනයට දෙවනි පාරටත් අහුවෙන්නයි යන්නේ.
ණයෙන් මිදෙන්න උදව් කරන එකත් උගුලක්. මාරයි. චීන උගුල්. ලෝකේ පළවෙනි ආර්ථිකයයි, දෙවෙනි ආර්ථිකයයි දෙකම එක සමාන දේවල් දෙවිදියකට කරන රටවල්. අපි නිකම් නැටවෙනවා.
චිනේ අපට උදවු කරන්නේ කොහොමද කෝටි ගණනක චීන වැසියෝ දරිද්‍රතාවයෙන් පෙළෙද්දින්? සමහරු කන්ටේනර් වල නැගලා යුරෝපෙට යන්න ගිහින් එක රොත්තට 30-40 හුස්මගන්න බැරුව මැරෙනවා. අපේ නිෂ්පාදන වලට එහෙ වෙළදපලක් නැහැ. අපිට ඔවුන්ගේ නිෂ්පාදන වලට වෙළදපලක් ,ගුවන් තොටුපළ , වරායවල් , මාර්ග හදන්න ඔවුන් සහනාධාර දුන්නේ නැහැ. දුන්නේ 8% - 10 % වාර්ෂික පොලියට බැංකු ණය , කොන්ත්‍රාත් ඔවුන්ගේ රටේ ඉදිකිරීමේ සමාගම් වලට දෙන කොන්දේසි මත .නොරොච්චෝලේ වගේ අසාර්ථක ව්‍යාපෘති වලට වන්දි ලබාගැනීමට අපට හැකියාවක් නැහැ. අධිවේගී මාර්ගයෙත් ප්‍රමිතිය නම් ඉතා අඩු බව පෙනෙනවා. නමුත් දීපු සල්ලි වලට ණය සහ පොලියනම් ගෙවන්න වෙනවා. චීනෙට ව්‍යාපෘති දුන්නහම දේශපාලකයටනම් කොමිස් හොඳට ලැබෙනවා. බටහිර රටවලට දුන්නොත් කොමිස් ගහන්න ටිකක් අසීරු වෙනවා. චීන්නු පසුපස ගියොත් අපි අමාරුවේ වැටෙනවා. මාර්ග තදබදයක් නොමැති ප්‍රදේශ වල ඉවක් බවක් නැතිව වනය විනාශ කරමින් මුදල් ණයට ගෙන අධිවේගී මාර්ග තැනීම වැනි අනවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට සීමා කිරීම අත්‍යවශ්‍යය වෙනවා.
චීනයේම කොටසක් කරගත්තා නම් ණයත් නෑ.. බයත් නෑ..
තව විකුණන්න තියෙන ඒවා ගණන් බලලාම ණය ගමු චීනෙන්. දැනටමත් කට්ටිය ගෝල්ෆේස් එක, වරාය චීනෙට විකුණලා ඉවරයි. තව තියෙනවා නම් විකුණමු චීනෙට. චීනේ අපිට ණය දෙන්න මග බලාගෙනයි ඉන්නේ.
අප මෙය නැවතත් අපටම ලබා දෙන ලෙස චීනයෙන් ඉල්ලා සිටිය යුතුයි. ගත් මුදල් හා වියදම් කල මුදල් ණය වශයෙන් සලකා ගෙවා දැමීමේ කොන්දේසි මත මෙය නැවත අපවෙත හැකි ඉක්මණින්ම ලබාගත යුතුයි. හැටදෙලක්ෂයක මෝඩයන්ගේ පව්වලට ගෙවීමට සිදුවීම ස්වභාවිකයි.
රනිල්ලා වගේ අයත් එක්ක මොන සංවර්ධනයද? ඇවිල්ලා ඉන්නෙම අපේ දේ විකුණගෙන උන්ට සැපෙන් ඉන්න...
ලංකාවේ අය කියනව වාගේ වැඩක් කරනවානම් ණය අවශ්‍ය වෙන්නේ නැහැනෙ.
ඔය අධි වේගී මාර්ග හදන්න ගත්තු ණයවලින් අඩුම තරමේ 75% වත් ගෙවා ඉවරවනතුරු නව අධිවේගී මාර්ග ව්‍යපෘති ආරම්භ කරන්න එපා , රටේ මාර්ග තදබදයට විසදුම කැලේ කපමින් ඉවක් බවක් නැතිව මුදල් ණයට ගෙන අදිවේගී මාර්ග ඉදිකිරිම නොවේ. නගර හරහා දිවෙන ප්‍රධාන මාර්ග වලට විකල්ප ලෙස බයිපාස් මාර්ග ඉදිකර එම මාර්ග අසල වෙළද ව්‍යාපාර සහ නිවාස ඉදිකිරිම සම්පුර්ණයෙන් තහනම් කර මායිම් තාප්ප දැමීමය. එසේ කල නොහැකි ස්ථානවල කනුමත මාර්ගය ඉදිකිරීමය.
සින්නක්කරව වික්කේ කව්ද? බදු දුන්නේ කව්ද කියලවත් දන්නේ නැතිද?