(විනීතා එම් ගමගේ)
සිපෙට්කෝ වෙළඳ නාමය යටතේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව අතීතයේ නිපද වූ කෘමි නාශක ඇතුළු නිෂ්පාදන නිපදවීම යළි අරඹන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉතා උසස් ප‍්‍රමිතියෙන් යුතුව නිපදවනු ලැබූ කෘමි නාශක ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ගොවි ජනතාව අතර ඉතා ජනප‍්‍රිය වූ නමුත් මීට දශක දෙකකට පමණ පෙර නතර කරනු ලැබීය.
සාධාරණ මිලකට ලබාගත හැකි ඉහළ ප‍්‍රමිතියෙන් යුත් කෘමි නාශඛ ඇතුළු නිෂ්පාදන යළි අරඹන්නැයි අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දීය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඛණීජ තෙල් ගබඩා සංකීර්ණය එක්ව නිපදවන විෂබිජහරණ දියර (Sanitizer) නව නිෂ්පාදනයක් වශයෙන් මේ වනවිට ඉතා ඉහළ ජනප‍්‍රියතාවයක් දිනාගෙන තිබේ.
මෙම නිෂ්පාදන හේතුවන් විදේශවලට ඇදී යන විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 04
593
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිපෙට්කෝ කෘමි නාශක නිෂ්පාදනයට ඇමතිගෙන් උපදෙස්
rana Thursday, 28 May 2020 07:45 AM
අනේ අප්පෝ ඔය දොඩවිම නවත්වන්න... ඔහේ මක්කක් දෙඩෙව්වත් සිදු වුනේ නැහැනේ...
විජිත් Friday, 29 May 2020 06:02 PM
කෘමිනාශක පොවන්න ඕනෑ දියවන්නාවේ ඉන්න රට කාපු නරිරැළටම...