IMG-LOGO

ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය නෛතික හා නියාමන ප්‍රතිසංස්කරණ යෝජනා

රට තුළ ක්‍රියාත්මක වන අනවසර මූල්‍ය ආයතන පිළිබඳව විමර්ශනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් ඇති කිරීම, බැංකු නොවන මූල්‍ය පද්ධතිය සඳහා විධිමත් මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිතකර ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රමිතීන් හඳුන්වා දීම, ආර්ථිකයට සහ ප්‍රජා සවිබල ගැන්වෙන නීතිමය රාමු ඇති කිරීම යන ක්‍රියාමාර්ගවලට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය සඳහන් කරයි.
 
බලපත්‍රලාභී නොවන, කිසිඳු නියාමනයක් නොමැති බැංකු නො වන මූල්‍ය ආයතන මගින් රටේ මූල්‍ය පද්ධතියට වන දැඩි හානිය වළක්වා ගැනීම සහ මහජනතාවට බියෙන් සැකෙන් තොර සිය ආයෝජන හා වෙනත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම තම සංගමයේ අරමුණ යැයි ද එම සංගමය සඳහන් කරයි.
 
බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයකු ලෙස ක්‍රියාකරමින් විධිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මහජනතාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරන බව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ නිලධාරීහු කීහ.
 
මෙහිදී ආචාර ධර්මානුකූල, විධිමත් හා කාලෝචිත මූල්‍ය ප්‍රතිපත්ති වල වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ වත්මන් සභාපති ආර්.එච්. අබේගුණවර්ධන මහතා මෙසේ කීවේය.
 
‘‘බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය නිරතුරුවම උත්සහ කරන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඉතා පහසුවෙන් සහ විශ්වාසදායී ලෙස සිය ගනුදෙනු කළ හැකි විධිමත් මූල්‍ය පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි. රටේ ආර්ථිකය සඳහා කැපී පෙනෙන දායකත්වයක් සපයමින්, ඒක පුද්ගල අදායම වර්ධනය කිරීම උදෙසා ව්‍යවසායකයන්, කුඩා ව්‍යාපාරිකයන් ඇතුළු දහස් ගණනක් ජනතාව වෙත විධිමත් ලෙස සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විශාල අවකාශයක් බලපත්‍රලාභී මුල්‍ය ආයතන අද වන විට සපයනවා.
 
විධිමත් බැංකු පද්ධතිය තුළින් විවිධ හේතු මත බැහැර කරන පාරිභෝගිකයා උදෙසා වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් සිදු කරනු ලබන අතර, 
රටේ සියලු දෙනාටම ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයක් සඳහා ප්‍රවේශ විය පරිසරයක් බලපත්‍රලාභී මුල්‍ය ආයතන විසින් නිර්මාණය කර අවසන්. වර්තමානය වන විට අපේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වන්නේද රටේ දිළිඳු ජන කොට්ඨාසයයි. බලපත්‍රලාභී මූල්‍ය ආයතන විසින් සියලුම ජන කොට්ඨාසවලට ගැළපෙන පරිදි ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුකූලව පෞද්ගලික ණය, ත්‍රී රෝද රථ ණය, ට්‍රක් සඳහා වූ ණය, ගොවිතැන සඳහා වූ ණය, වාණිජ වාහන මිලදී ගැනීම සඳහා වූ ණය, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වූ ණය ඇතුළු වර්ග රැසක ණය සේවා සපයයි. නවීන මූල්‍ය සේවා මහජනතාව වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛයන් ලෙසද බලපත්‍රලාභී මුල්‍ය ආයතන අද වන විට ප්‍රසිද්ධ’’ යැයි ද හෙතෙම කීය.
 
මෑත කාලයේදී වාර්තා වූ නියාමනය නොකරන ලද මූල්‍ය සමාගම්වල සමහර අවිධිමත් සහ වංචනික ක්‍රියාවන් මගින් මහජනතාව ගැටලු රාශියකට මුහුණ පෑ බව සඳහන් කරන මෙම සංගමය මේ තුළින් නියාමනය කරන ලද මූල්‍ය සමාගම් පිළිබඳවද මහජනතාව අතර දැඩි කනස්සලක් ඇති වූ අතර ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීමකට මෙය හේතු වූ බව ද පෙන්වාදෙයි. ඉදිරියේදී මූල්‍ය සමාගම් විධිමත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ද එම සංගමය තවදුරටත් පැහැදිලි කළේය.
 
 
055



අදහස් (0)

ශ්‍රී ලංකා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය නෛතික හා නියාමන ප්‍රතිසංස්කරණ යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 83 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 636 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site