IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විදේශ සංචිත ශක්තිමත් කෙරෙයි

 

 

                                                                                                                                           

විනීතා එම් ගමගේ

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 584.19 ක මුදල භාණ්ඩාගාර ගත කිරීමෙන් මෙරට විදේශ සංචිතය ශක්තිමත් වන බව වාරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 


ඒ හරහා ආර්ථික මූලධර්ම ශක්තිමත් වන බවත් රුපියල අවප‍්‍රමාණ වීම නැවතෙනු ඇති බවත් සමරසිංහ මහතා කියයි. 


මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලොවට විශ්වාසයක් ඇති වී ආයෝජන අවස්ථා උදාවනු ඇතැයි වරාය අමාත්‍යංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා  කියා සිටියේය. 
හම්බන්තොට වරාය ඉතිහාසයේ මෙතෙක්  ලැබු විශාලතම ඒකීය ඍජු ආයෝජන මුදල ලෙස මෙම මුදල සැලකෙන බවත් එම මුදල සහිත චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩින්ස් සමූහයේ ශ්‍රී ලංකා නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා වෙත  ලබා දුන් බවත් අමාත්‍යවරයා කීය.


පසුගිය වසරේ දෙසැම්බරයේ දී සහ 2018 ජනවාරි මාසයේ දී මුදා  හැරුණු පළමු හා දෙවැනි වාරිකයන් සඳහා පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 292 ක් හා මිලියන 97ක් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 976 ක් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරරිය වෙත බාරදී ඇති  බවත් මීට අමතරව ගිවිසුම් ප‍්‍රකාරව තවත් ඇමරිකානු වරාය හා සමුද්‍රික ක‍්‍රියාකාරකම් සඳහා දෙවැනි ආයෝජන වටිනාකම ලෙස ඩොලර් මිලියන 146 ක් මසක් ඇතුළත තැන්පත් කිරීමට නියමිත බවත් සමරසිංහ මහතා පැවැසීය. 


වරාය අමාත්‍යංශයේ  පැවැති මාධ්‍ය හමුව අමතමින් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘ හම්බන්තොට වරාය කළමනාකරණය හා සංවර්ධනය කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා පෞද්ගලික සමාගම ස්ථාපිත කර මෙම ගණුදෙනුව ආරම්භ කළා.


මේ මුදල රටේ නය බර වෙනුවෙන් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කාලයේ විශාල වශයෙන් ණය ගත්තා. ඒක 2019, 2020, 2021 කාලය වෙද්දි වැඩිපුර ගෙවන්න වෙනවා. මේ වගේ ඍජු ආයෝජන හරහා බලාපොරොත්තු වෙන්නේ මේ ණය සම්භාරය වෙනුවෙන් මූල්‍ය ශක්තියක් ගන්නයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනක්  ගත්තම මේ රටේ ජනතාව බලාපොරොත්තු වන සංවර්ධනය තව දියුණු කරන්න හැකියාව තිබෙනවා. 

චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම වරායන් පිළිබඳ ඍජු දැනුමක් සමඟ ක‍්‍රියාත්මක වන සමාගමක්. ලොව වැඩිම වරාය ඇති සමාගම් අතරින් දෙවැනි තැන ගන්නේ මේ සමාගමයි. ජාත්‍යන්තර වරායන් 38 ක් මෙමගින් මෙහෙයවනවා. 

හම්බන්තොට වරායේ තෙවන පියවරට ඉදිරි වසර තුන ඇතුළත යන්න බලාපොරොත්තු වෙනවා.  එහි දී ඇමරිකානු ඩොලර් 400 ත් 600 ත් අතර ඍජු ආයෝජන සිදුවේවි. මෙයින් සියයට 30 ක් අයිති අපට බව අමතක කළ යුතු නැහැ. 

හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකර ඇති දූපත චීන සමාගම ඉල්ලන බවත් එය ලැබෙන තුරු මේ අවසන් වාරිකය පමා කළ බවත් සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එය වැරදි ආරංචියක්. ඒ දුපත ගැන කථා කළේ වත් නැහැ. එය අයත් වරාය අධිකාරියටයි. එය භාවිතා කළ හැක්කේ වරාය අධිකාරියට පමණයි. ’’ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
 



අදහස් (2)

විදේශ සංචිත ශක්තිමත් කෙරෙයි

rasika Thursday, 21 June 2018 07:33 PM

දැන් අර හම්බන්තොට වාරයේ තියෙනවා කියපු ගල කෝ.. ස්විමිං පූල් එකක් කියපු එක ඔච්චර ගානක් දීල ගන්න චීනට පිස්සුද.. බොරු කියල මිනිස්සුන්ව රවට්ටනව ..

:       39       110

Raveendra Sunday, 24 June 2018 02:22 AM

ශරීරෙ තරමට සරිලන විදියට මොළෙත් වැදිලා තිබුන නම් මොනතරම් " මනරම් "ද ???

:       6       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30517 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12530 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site