(මොහොමඩ් ආසික්)
දේශීය අපනයන බෝගවල මිල ජාත්‍යන්තර වෙළඳපොළේ පහළ යාමට හේතුව ඒවාට විවිධ දේවල් මිශ්‍ර කර අපනයනය කිරීම බව අපනයන කෘෂීකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා කීය.
ශ්‍රී ලංකාවේ පළමු වරට මහනුවර වැනිලා වගා කරන්නන්ගේ සංගමය ජපානයට වැනිලා අපනයනය කිරීම ආරම්භ කිරීමේ උත්සවයට අද (15) සහභාගී වෙමින් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ කිය.
මහනුවර වත්තේගම රහස් ඇල්ල හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
මහනුවර වැනිලා වගා කරන්නන්ගේ සංගමයේ සභාපති මුතුබණ්ඩාර මඩුගල්ලේ මහතාගේ මූලිකත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ඒ සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, ශ්‍රී ලංකා මහ බැංතුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකාරිණි විනීතා හේරත්, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඩී.ජී. චන්ද්‍රා ජයතුංග වයඹ පළාතේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව යන මහත්ම මහත්මීන් සමඟ වැනිලා මිළ දී ගනු ලබන ජපන් නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.
මහනුවර වැනිලා වගාකරන්නන්ගේ සංගමය මගින් දිවයින පුරා වගා කරනු ලබන ගුණාත්මක බවින් ඉහළ වැනිලා අපනයනය කිරීම සඳහා වන ගිවිසුමට ජපන් නියෝජිතයින් සහ සංගමයේ නියෝජිතයින් අතර අත්සන් තැබීම මෙහිදී සිදු කෙරිණි.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැනිලා අපනයනය අරඹයි
saram Monday, 18 February 2019 07:47 AM
ඉහත සඳහන් වැනිලා වගාකරුවන්ගේ සංගමේ ආරම්භක සභාපති මඩුගල්ලේ මහතා සමග පුහුණු සැසියකදී ටික වෙලාවක් සුහද ලෙස කතා කිරීමට මට අවකාශ සැලසිනි. වගකීම ඉටු කිරීම, ඒ සඳහා සූදානම් වීම, අවදානම දැරීම, සුදුසුම තීරණ ගැනීම, කාර්ය සඳහා කැපවීම, ප්‍රතිඵල භුක්ති විඳීම මනාලෙස ශ්‍රී ලාංකීය ජාතියට පෙන්වා දියහැකි අද්විතීය චරිතයක් ලෙස මම ඔහු දකිමි. ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ස්වර්ණමය යුගයේ උසස්ම තලයක ගෞරවනීය ලෙස සේවයේ නියුතුවසිට දැන් ශ්‍රී ලාංකීය වැනිලා නාමය ලෝකයේ උසස්ම තැනට ඔසවා තැබීමට උත්සාහ දරන ඔබ අද්විතීයයි. පුවත්පත් පිටු අතරින් ඔබගේ මෙහෙවර නොබෝදිනකදී දැකගැනීමට ලැබේවායි සහ ඒ සඳහා මාධ්‍යවේදීන්ට සිත් පහළවේවායි පතමි. ඔබට ආයු බොහෝ වේවා...!!!