IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ලංකාවේ තිබුණේ ධනවාදී ආර්ථිකයක් නොවේ

හර්ෂණ තුෂාර සිල්වා 
 
කිසිදු අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළ ධනවාදී ආර්ථික ක්‍රමවේදයක් නොපැවැති බවත් පැවැතුණේ ආධිරාජ්‍යාවාදී ආර්ථික ක්‍රමයක් බවත් ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් පර්යේෂක විනෝද් මුණසිංහ මහතා පැවැසීය.
 
විවෘත ආර්ථික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ දී සාර්ථක වූයේ ද යන මැයෙන කොළඹ නිපෝන් හෝටලයේ පැවැති ‘ඇඞ්වොකාටා’ ආර්ථික සමුළුවේ පළමු සැසියේදී අදහස් දක්වමින් විනෝද් මුණසිංහ මහතා එම අදහස් පළ කළේය. .
 
ධනවාදී ආර්ථික ක්‍රමයක් කිසිදු අවස්ථාවකදී හෝ දැනට හෝ නොපවතින බව කී විනෝද් මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පවතින්නේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු නොකරන සියල්ල උකහා ගන්නා වාණිජවාදී ආර්ථික ක්‍රමවේදයක් යැයි ද කීවේය. 
විවෘත ආර්ථික ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ සාර්ථක වූයේ ද යන්න සම්බන්ධයෙන් සැසියේදී අදහස් දැක්වූ රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂක චානුක වත්තේගම මහතා විවෘත ආර්ථික ක්‍රමවේදය සාර්ථක වූයේද යන්න සම්බන්ධයෙන් ඔව් සහ නැහැ යන පිළිතුරු දෙකම දිය හැකි බව කීවේය.
 
එක් අතකින් සාර්කත්වයක් පෙන්නුම් කරද්දි විවෘත ආර්ථික ක්‍රමවේදය තවත් පැතිකඩවලින් අසාර්ථක වී ඇතැයි ද වත්තේගම මහතා කීය. 
 
ලංකාව තුළ විවෘත ආර්ථික ක්‍රමවේදයක් ආරම්භ වුවද මිනිසුන්ගේ විවෘත නොවූ බව කී ජනමාධ්‍යවේදියකු සහ බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා ඉදිරියේදීද ආර්ථිකය විවෘත විය යුතු බව කීය. එසේ වුවත් රාජ්‍ය නියාමනයක් යටතේ ආර්ථිකය නිදහස් විය යුතු බව ද හෙතෙම කීය. 



අදහස් (3)

ලංකාවේ තිබුණේ ධනවාදී ආර්ථිකයක් නොවේ

vipula Friday, 13 October 2017 06:43 AM

ආර්ථිකය විවෘත්ත නොවුණාට ෆොටෝ එකේ ඉන්න නෝනාගේ අැඳුම නම් විවෘත්ත එකක්.

:       47       13

vidya Friday, 13 October 2017 02:32 PM

අනේ අපේ ගමට ඇවිල්ලා කුඹුරට බැහැලා ටිකක් උදව් වෙන්නකෝ. ඔය නිකම් කියව කියව ඉන්නේ නැතිව.

:       160       80

කුමාර රාජකරුණා Tuesday, 17 October 2017 04:15 AM

ලෝකයේ පවතින්නේ ආර්ථික ක්‍රම දෙකයි. එක්කෝ සමාජවාදී නැත්නම් ධනවාදී. ඔය මොන විදිහකට කීවත් මෙහෙ තියෙන්නේ ධනවාදී ආර්ථිකයක්. ඔය ආලවට්ටන් දාලා ඒ ඇත්ත වහන්න බෑ.

:       100       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 201 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 308 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site