Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
තවත් භාණ්ඩ තුන් දහසක පමණ රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත යටතේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේද කීය.
රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරනවා.අප කලින් භාණ්ඩ 1200ක වරාය , ගුවන්තොටුපළ බඳු අහෝසි කළා. අපි වක්‍ර බඳු සියයට 60කට අඩු කළ යුතුයි.සෘජු බඳු වැඩි කළ යුතුයි. මේවා කරද්දී ඉහළ තැන්වලින් නොයෙකුත් සද්ද එන්න පුළුවන්.අපි අඩු පොලියට බිලියන 14ක ණය දුන්නා.තවත් බිලියන 20ක ණය දීමට බලාපොරොත්තු වෙනවා.
Bamunuarachchi Friday, 25 May 2018 11:57 PM
එතකොට රට විතරක් නොවෙයි මිනිස්සුත් ණයයි කියන්න වෙනවා. මිනිස්සු කරන්නේ ලොකු ණය අරගෙන තව පොඩි ණයක් පොලිය සමඟ ගෙවා දැමීමයි. හැමදාම ජනතාවගේත් ණය බර වැඩිවෙනවා.
Reply : 0 8
Ranjith Saturday, 26 May 2018 01:54 AM
රේගු නිලධාරීන් අවංකව ආනයනය කරන ආනයනකරුවන්ටත් එච්.එස් කෝඩ් ආදිය වැරදියි කියමින් කරදර කිරීම සහ වාප්පු නිලධාරීන්ගේ රැවටීලි වලින් ආරක්ෂා කිරීමට විදියක් යොදන්න. එච්.එස් කෝඩ් එක ලෝකෙටම එකයි කිව්වට අපේ අයියලාට දවසින් දවස වෙනස් වන්නේ ඇයි?
Reply : 0 124
Asanka Sunday, 27 May 2018 02:34 PM
සහතික ඇත්ත .. මටත් මේ සිද්දිය වෙලා තියනවා , අවසානයේ අසාධාරණ බද්දක් ගෙවල ගෙන්නවපු රෙදි පිලි අමුද්‍රව්‍ය නිදහස් කරගත්ත
Reply : 0 103
රජින්ද Monday, 28 May 2018 12:03 PM
සහතික ඇත්ත. එච්.එස් කෝඩ් එක හැම රටක්ම වාගේ වාර්ෂිකව යාවත්කාලීන කරනවා. අනික ඒක හදන්නෙත් ජාත්‍යන්තර ප්‍රමිතියකට බවයි ඔවුන් කියන්නේ. එහෙත් ජාත්‍යන්තර වෙළදාමේ තියෙන භාණ්ඩ අපේ එච්.එස් කෝඩ් වල තාමත් තියෙන්නේ පරණ අංක යටතේ පරණ බදු ක්‍රමයටමයි.
Reply : 0 40
surath Saturday, 26 May 2018 02:11 AM
මහා ජනතාවට බදු ගහනවා. අනෙක් බදු අයින්කරනවා අපුරු ප්‍රතිපත්ති .
Reply : 21 140
sanath Sunday, 27 May 2018 06:36 AM
ඔව් ඉතින් අනික් බදු සේරම රේගු බද්දට එකතුකලාම ඉතිරිවෙන්නේ ඒක විතරක් තමයි.
Reply : 0 42
sena* Sunday, 27 May 2018 02:39 PM
ජ්‍යෙෂ්ඨ වැසියන් අර්ථසාධේ දැහැමින් සෙමින් අවුරැදු 30,40 ගණන් එකතුවු මුදල් ස්ථාවර ගිණුම් වල තැබුවෙ රෝහල්වල ලක්‍ෂ ගණන්වූ බිල් වලට පිටරට උගෙනුම ලබන දරුවන්ට වියදමටයි මේ ආණ්ඩුව ඉතා අශෝභන විදියට එයට බදු අය කරන්නේ උද්ධමනයට ගැළපෙන පොළියක් පවා නොගෙවායි. මේදේ වෙනුවට රජය කළයුත්තේ මන්ත්‍රී වැටුප වහා අඩුකොට දීමනාවක් කිරීම ,කෝටි ගණන් වාහන බදු සහන නවතා දැමීම වැනි ප්‍රගතිශීලී වැඩ කටයුතුයි.
Reply : 1 134
sanath Wednesday, 30 May 2018 03:16 AM
ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් මාසෙකට රුපියල් 125000/- දක්වා ලැබෙන පොලියට බදු ගහන්නේ නැත. 2015 ට පෙර ගිණුමේ ලක්ෂ 5 කට වැඩි නම් පොලියට 8% ක් අය කල අතර 2015 න පසු එය 2.5% දක්වා අඩු කරන ලදී. දැන් සියල්ලන්ගේම පොලියෙන් අය කරන්නේ 5% ක් පමණයි. ජ්‍යෙෂ්ට පුරවැසියන්ට අමතරව ළමා ගිණුම් වලටද සහනයක් ලබා දී ඇත.
Reply : 145 15
Frank Monday, 28 May 2018 12:04 PM
ඔය රේගු බදු අඩු කලාට රේගු නිලදාරීන්ගේ පෞද්ගලික බදු තියෙනවා රේගුවේ. ඒවා නොගෙවා භාණ්ඩ රේගුවෙන් මුදවා ගන්නවා බොරු. ලංකාවේ දුෂිතම නිලදාරීන් ඉන්නේ රේගුවේ.
Reply : 166 117
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.