(විනීතා එම් ගමගේ)
පොලිතීන් හා ප්ලාස්ටික්වලට විකල්ප වශයෙන් භාවිතා කළහැකි නිෂ්පාදනවලට වෙළපොළ සහය ලබාදීම සඳහා එවැනි නිෂ්පාදන කරන ව්‍යාපාරිකයන් ලියාපදිංචි කිරීමට පියවර ගත්බව පරිසර රාජ්‍ය අමාත්‍යංශය කියයි.
මෙවැනි නිෂ්පාදන ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය වෙළඳපොළ සකස්කර දීම මෙන්ම නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ණය ආධාර ලබා දීම උදෙසා මැදිහත්වීමට මෙම ලියාපදිංචි කර ගැනීම් සිදුකරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවැසීය.
මෙසේ ලියාපදිංචි වන කරමාන්තකරුවන්ට ප‍්‍රාග්ධනය සොයාගැනීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හා වාණිජ බැංකු සම්බන්ධ කරදීම කර්මාන්ත අමාත්‍යංශය විසින් සිදුකරන බවත් ඔවුන් විසින් වෙළඳපොළ සකසා දෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම පිරිසගේ නිෂ්පාදන අලෙවිය සඳහා ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙන්ම හස්ත කර්මාන්ත මණ්ඩලය ද මේ වනවිටත් සූදානමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පරිසර හිතවාදී භාණ්ඩ ප‍්‍රචලිත කිරිම තුළින් නව ජීවන විලාසිතා බවට ඒවා පත්කර ගැනීමටත් ප්ලාස්ටික් හා පොලිතීන් ඉවතලීමටත් ජනතාව පුරුදු වන බව කී සමරවීර මහතා අමාත්‍යංශයේ දී මේ මස 20 වැනිදා සිට ලියාපදිංචිය ලබා ගත හැකි වන බව ද ප‍්‍රකාශ කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පරිසර හිතකාමී නිෂ්පාදන කරන නිෂ්පාදකයින් ලියාපදිංචි කරයි
Perakum Wednesday, 19 February 2020 05:25 AM
හැම රජයකින්ම මෙතෙක් කල් කියපු කතාව මේ කට්ටියත් කියනවා වගෙයි. වැඩක් වෙයිද?