IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉන්දීය වෙළඳ සම්මේලනයක් ඉල්ලයි

චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉල්ලමින් ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ සම්මේලනයක් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඇතැම් පිරිස් මෙම සම්මේලනය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ වෙළෙඳ සහ ආර්ථික අංශය යනුවෙන් ද හඳුන්වාදෙති. 
 
චීනය පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් අසාදු ලේඛන ගතකරන්නැයි (බ්ලැක් ලිස්ට්) ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද කිරීමට චීනය පියවර ගත්තේය. 
 
භාරතීය ජනතා පක්ෂය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා සමීප සබඳතා පවත්වන “ද කන්ෆෙඩරේෂන් ඔෆ් ඕල් ඉන්දියා ට්‍රේඩර්ස්’ සම්මේලනය එම ඉල්ලීම කර තිබේ. එම සංවිධානය ඉන්දීය වෙළෙඳන්ගෙන් මිලයන 70කට වැඩි පිරිසක් නියෝජනය කරයි. 
 
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නිර්මාතෘ වන මසූද් අෂාර්ට එරෙහිව සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දිගින් දිගටම බල කරන බව ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය. 
 
චීනය තාක්ෂණික කරුණක් මුල් කරගනිමින් මසූද් අෂාර් අසාදු ලේඛන ගත කිරීමට ඉල්ලමින් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද කළ අතර ඒ හේතුවෙන් තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි චීනයේ ක්‍රියාව සම්බන්ධයෙන් බෙහෙවින් කෝපයට පත් බොහෝ ඉන්දියානුවෝ ප්‍රකාශ කළහ. 
 
මසූද් අෂාර්ට එරෙහිව මීට පෙර අවස්ථා හතරකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වූ අතර චීනය සෑම අවස්ථාවකදීම එම යෝජනා අවහිර කළේය. චීනය යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ සහකරුවාය. 
 
චීනයට පාඩමක් ඉගැන්වීමට මාර්තු 19 වැනිදා චීන භාණ්ඩ සියල්ල ගිනි තබා විනාශ කරන බව “ද කන්ෆෙඩරේෂන් ඔෆ් ඕල් ඉන්දියා ට්‍රේඩර්ස්’ සම්මේලනය සඳහන් කළේය.
 
චීනය පාකිස්තානය සමඟ සමීප සබඳතා පවත්වන්නේ යැයි ද එම නිසා චීනය පාඩමක් ඉගෙන ගත යුතු කාල පැමිණ ඇති බවද එම සම්මේලනය සඳහන් කළේය. 
 
(රොයිටර් ඇසුරිනි)
 
055



අදහස් (3)

චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉන්දීය වෙළඳ සම්මේලනයක් ඉල්ලයි

vidya Thursday, 14 March 2019 07:09 PM

කිසිම ප්‍රමිතියක් නැතිව චීනයෙන් ගෙන්වන ලද සෙල්ලම් බඩු චූටි දරුවන්ගේ කටට දමන්න දෙන්න එපා. ඕවට භාවිතා කරන තීන්ත වල ප්ලාස්ටික් වල තියන රසායන ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණයක් කරලා නැහැ. ඉන්දියාවෙන් ගෙන්වන දේවල් වලත් එහෙමයි. ප්ලාස්ටික් කෝප්පවල පැහෙන වතුර දමල තේ හදල බොන්න එපා. .

:       0       126

ravi Saturday, 16 March 2019 09:30 AM

ඉන්දියාවට ඕනේ දෙයක් එයාලා.. ඉන්දියාවේ කොරා ගත්තාවේ... ජාත්‍යන්තර වශයෙන් අනුබල දීමට තාම ඉන්දියාවට ශක්තියක් නැහැ.. මේකට හේතු වෙලා තියෙන්නේ ඉන්දීය නිෂ්පාදනයනුත් මනුස්සයින්ට අහිතකර නිසායි..

:       7       79

nali Saturday, 16 March 2019 06:11 PM

ඔය සියලුම ආසියාතික රටවලම නිපදවන ඉතාමත් බාල ගනයේ ප්ලාස්ටික් භාණ්ඩවල කුණු ගොඩ ශ්‍රී ලංකාවයි.

:       0       83

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 81 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 370 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site