IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටස් වෙළදපොළේ පසුබැසීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (26) දිනයේදී තරමක පසුබැසීමක් පෙන්නුම් කළේය.

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනයේ දෛනික ගනුදෙනු අවසන් වෙද්දි සියලු කොටස් මිල දර්ශකය 0.47 % කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය 1.83%කින් ද පහළ ගියේය.

ඒ අනුව දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.67කින් ඒකක 4,780.22ක් දක්වාත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 37.18කින් ඒකක 1997.20 දක්වාත් පහත වැටිණි.

කෙසේ නමුත් පසුගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දින දෙකකදී ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.

මේ අතර දෛනික ගනුදෙනු කාලසීමාව පස්වරු 2.30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන ඇත. මාස දෙකකට පසු මැයි 11 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරුණු අතර එදින සිට පසුගිය සතිය දක්වා දෛනික කටයුතු උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකකට සීමා කෙරුණි.

කෙසේ නමුත් අද (26) සිට බලපැවැත්වෙන පරිදි සියලු දිස්ත්‍රික්කවලට බලපවත්නා ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමඟ දෛනික ගනුදෙනු කාලසීමාව දීර්ඝ කරන බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කළේය.

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. ඒ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ.


055

 



අදහස් (0)

කොටස් වෙළදපොළේ පසුබැසීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site