IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


එ.ජා.ලෝක සංචාරක සංවිධානයේ කලාපීය රැස්වීමක් කොළඹ දී

(තිළිණි ද සිල්වා)


එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ නැගෙනහිර ආසියාව, පැසිෆික් කලාපය  සහ දකුණු ආසියාව සඳහා වන කොමිෂන් සභාවේ 32 වන ඒකාබද්ධ රැස්වීම ලබන ජුනි මස අග කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව එම රැස්වීම ජුනි 29 සිට ජූලි 1 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට සමුළුව සංවිධානය කිරීමේ කටයුතු කරමින් සිටී. 

මෙවර සමුළුවේ තේමාව වන්නේ සමකාලීන අභියෝග සහ සංචාරක පුනර්ජීවනයයි. එහි අරමුණ වන්නේ අර්බුදකාරී කාලයන්ට ප්‍රතිචාර වශයෙන් සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කරන්නේ කෙසේද යන්න සහ සංචාරක අංශයට සහ එහි කර්මාන්ත සඳහා ඵලදායී අර්බුද කළමනාකරණ මෙවලම් සහ උදාහරණ පිළිබඳ දැනුම හුවමාරු කර ගෑනීමයි. 

මෙම සමුළුවට සාමාජික රටවල් නියෝජනය කරන විදේශීය නියෝජිතයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර ආරාධිතයින් අතර සාමාජික රටවල සංචාරක අමාත්‍යවරුන්, රජයේ ඉහළ නිලධාරීන් සහ ගෝලීය සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් ඇතුළත් වන බවද එම අධිකාරිය කියා සිටී.

පසුගිය වසරේ භූතානයේ තිම්පු හි පැවති 31 වන ඒකාබද්ධ රැස්වීමේ දී, 32 වන ඒකාබද්ධ රැස්වීම පැවැත්වීමට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව ඉල්ලා සිටි අතර ලෝක සංචාරක සංවිධානයේ මහලේකම් සූරාබ් පොලොලිකෂ්විලිගේ සහාය ඇතිව 32 වන ඒකාබද්ධ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාමාජික රටවල් ඒකමතිකව එකඟ විය. 

“මෙම සමුළුවේදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිළිගැනීමටත් අපගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සභාපති කිමාර්ලි ප්‍රනාන්දු පැවසුවාය.



අදහස් (1)

එ.ජා.ලෝක සංචාරක සංවිධානයේ කලාපීය රැස්වීමක් කොළඹ දී

jagat Tuesday, 03 March 2020 08:58 AM

ගුවන් තොටුපලේදී සියලු දෙනාම සහ ඔවුන්ගේ ගමන් මලු කොරෝනා වෛරස් පරිෂනවලට බාජනය කලයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 456 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 414 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site